‘ටාසන්’ට පණ දුන් රොන් එලී මිය යාම දියණිය නිවේදනය කර ඇත්තේ දින 23කට පසු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    57,039
    54,210
    113
    ron-ely-death


    හැටේ දශකයේ අගභාගයේදී අතිශය ජනප්‍රියත්වයට පත්වූ ‘ටාසන්’ රූපවාහිනී වෘතාන්ත කතා මාලාවට පණ දුන් අමෙරිකානු නළු රොන් එලී මෙලොව හැර ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 86 හැවිරිදි වියෙහි පසුවූ තිදරු පියකු වන රොන් එලී කැලිෆෝනියා ප්‍රාන්තයේ සිය දියණියකට අයත් නිවෙසකදී ජීවිතයෙන් සමුගෙන ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ 29 වැනිදා බවත්, ඔහුගේ දියණිය පසුගියදා නිවේදනය කරනතුරු රොන් එලීගේ මරණය ප්‍රසිද්ධියට පත් නොවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


    මීට හේතු පැහැදිලි කර නැත.
    ළමා ලෝකයේ පමණක් නොව තරුණ මහලු කාගෙත් ආදරය දිනාගත් ලෝක ප්‍රකට ‘ටාසන්’ ප්‍රබන්ධ චරිතයට පණ පෙවූ නළුවන් අතුරින් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූ නළුවා ලෙස සැලකෙන අඩි 6කුත්, අඟල් 4ක් උසැති රොන් එලී ටාසන් චරිතයට පණ පෙවීමට පෙර හොලිවුඩ් චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වී සිටි අතර, ටාසන් රූපවාහිනි වෘතාන්තයට එක්වීමට පෙර එවැනි වෘතාන්ත 9කටම දායකත්වය ලබා දී තිබිණි.

    නළුවකු ලෙස පමණක් නොව නවකතාකරුවකු ලෙස ද නමක් දිනා සිටි රොන් එලී නවකතා දෙකක් ද රචනා කර ඇතැයි වාර්තා වේ.
    “මගේ පියා මිනිසුන් වීරයෙකු ලෙස හැඳින්වූ අයෙකි,” “ඔහු නළුවෙක්, ලේඛකයෙක්, පුහුණුකරුවෙක්, උපදේශකයෙක්, පවුලේ කෙනෙක් සහ නායකයෙක්. ඔහු කොහේ ගියත් ධනාත්මක රැල්ලක් නිර්මාණය කළේය. ඔහු අන් අයට ඇති කළ බලපෑම මම වෙනත් කිසිම පුද්ගලයෙකු තුළ දැක නැති දෙයක් - ඔහු තුළ සැබවින්ම ඉන්ද්‍රජාලික දෙයක් තිබුණි."ඔහුගේ දියණිය කිර්ස්ටන් පැවසුවාය.

    2019 ඔක්තෝබර් 15 වන දින, ඔහුගේ දෙවන බිරිඳ, ෆ්ලොරිඩාවේ වැලෙරි ලුන්ඩීන් එලී, (62), ඔවුන්ගේ සැන්ටා බාබරා ප්‍රදේශයේ නිවස තුළදී, ඔවුන්ගේ පුත් කැමරන් (30) විසින් පිහියෙන් ඇන ඝාතනය කරන ලදී.


    පසුව 30 හැවිරිදි මෙම පුද්ගලයා පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි.ඇමරිකානු පාපන්දු තරුවක් වූ කැමරන් පිළිබඳ මරණ පරීක්ෂණයකින් හෙළි වූයේ ඔහු CTE හෙවත් නිදන්ගත කම්පන සහගත එන්සෙෆලෝපති, පරිහානීය මොළයේ රෝගයේ මුල් අවධියේ සිටි බවයි.
    මෙම සිදුවීමෙන් පසු රොන් එලී කාලයක් කණස්සල්ලෙන් පසුවිය.
    250814676-down.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,729
    113
    චිම්පන්සියාට රඟපාන්නෙ කවුද?

    x1080

    ------ Post added on Oct 26, 2024 at 1:30 AM
     
    • Haha
    Reactions: vj3660