‘ටෘකෝලර්’ ලංකාවේ වැඩ – දුරකතන හොරුන්ට තිත (Photos)

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ‘ටෘකෝලර්’ ලංකාවේ වැඩ – දුරකතන හොරුන්ට තිත (Photos)

    ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන‘ටෘකෝලර්’ තවත් වර්ධනය වන වෙළෙදපොළකට උපායමාර්ගිකව අවතීර්ණය වීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ දියත් කිරීම නිවේදනය කර ඇත. ලොව වටා මිලියන 75 කට අධික, ක්‍රමයෙන් වර්ධනය වන සාමාජිකයන් සංඛ්‍යාවකින් යුත් ‘ටෘකෝලර්’ ස්වීඩනයේ ස්ථාපිත සමාගමකි.

    සාමාජිකයන්ට තමන් කැමති අය සමඟ කැමති වෙලාවක දී දුරකථනය හරහා සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දෙමින්‘ටෘකෝලර්’ ජංගම දුරකථන පරිසරය වඩාත් කාර්යක්ෂම කරයි. මෙය සාමාජිකයන්ට ඔවුන්ගේ දුරකථන නාමාවලියේ කලින් ඇතුළත් කර නොමැති දුරකථන අංක වෙතින් පැමිණෙන ඇමතුම් ද නිවැරදිව හඳුනාගැනීම තුළින් සාමාජිකයන්ගේ දුරකථන නාමාවලියේ පරිමාණය ඉක්මවා දුරකථන අංක ලැයිස්තුව වර්ධනය කර දෙයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ අනෙකුත් භාෂාවන් බොහෝමයකින් ස්මාර්ට් ෆෝන් භාවිතයක් ලෙස iOS, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් ෆෝන් 8, බ්ලැක්ඛෙරි(7 සහ 10), සිම්බියන් එස් 60 සහ සීරීස් 40 සඳහා ‘ටෘකෝලර්’ සේවාව නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි ය.

    ‘ටෘකෝලර්’ සේවාවේ වේගවත් වර්ධනයට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ස්පෑම් දුරකථන ඇමතුම් වළක්වාලමින් සහ ඇමතුම්කරු ක්ෂණිකව හඳුනාගනිමින් ජංගම දුරකථන භාවිතකරුවන් මුහුණ පාන විශාල ගැටළු විසදීමට සහාය වීම ය. වර්ථමානයේ ‘ටෘකෝලර්’ විසින් 28,000 කට අධික ශ්‍රී ලාංකීය ස්පෑම් ඇමතුම්කරුවන් වාර්තා කළ අතර මෙම සේවාව හා සම්බන්ධවීම තුළින් සියළුම සාමාජිකයන්ට මෙම දුරකථන අංකවලින් ලැඛෙන ඇමතුම්වලින් ආරක්ෂාව සැපයේ. ජාත්‍යන්තරව දිනකට මිලියන 05කට අධික ස්පෑම් ඇමතුම් සංඛ්‍යාවක් මෙම භාවිතය විසින් හඳුනාගෙන අවහිර කරනු ලැබේ. ජංගම දුරකථන භාවිතකරුවන්ට ලැඛෙන ඇමතුම්හී ඇමතුම්කරු පැවසීමෙන් එම ඇමතුම ලබා ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුනට සහායවෙමින් ‘ටෘකෝලර්’ ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික සහායක ලෙස ක්‍රියා කරයි.

    ‘ටෘකෝලර්’ හී ආසියානු – මැදපෙරදිග සහ අප්‍රිකා වර්ධන සහ හවුල්කාරිත්ව උප සභාපති කාරි ක්‍රිෂ්ණමූර්ති මහතා පැවසුවේ ‘ටෘකෝලර්’ ජංගම දුරකථන භාවිතය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් දියත් කිරීමට හැකිවීම පිළිබඳ බොහෝ සෙයින් සතුටට පත්වන බවයි. ශ්‍රී ලංකාව වර්ධනය වන වෙළෙදපොළක් ලෙස හඳුනාගෙන ඇති අතර සියළුම ශ්‍රී ලාංකික ස්මාර්ට්ෆෝන් භාවිතකරුවන්ට මෙම නව්‍ය සේවාව පිරිනමමින් මෙරටට වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කළ බවත් එම සමාගම සඳහන් කරයි.

    ඔහු තවදුරටත් අදහස් දක්වමින්‘මෑතක් වන තුරු ඇමතුමක් ලබා ගැනීමට නොහැකි වූ විට ඇමතුම ලබා දුන්නේ කවුද යන්න දැන ගැනීම සඳහා ආපසු එම දුරකථන අංකයට ඇමතුමක් ලබා දිය යුතු විය අතර එම නිසාම ජංගම දුරකථනහිමියන් ස්පෑම් දුරකථන ඇමතුම්කරුවන්ගේ උගුලට හසු විය. නමුත් ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන ‘ටෘකෝලර්’ දියත් කිරීම සමඟ දැන් සියළුම සාමාජිකයන්ට නිවැරදි ඇමතුම් ලබා ගැනීමට එයා සහාය වෙන බවත්’ සඳහන් කරයි.

    https://play.google.com/store/apps/details?id=com.truecaller&hl=en

    http://www.truecaller.com/how-it-works

    %E0%B6%85.png

    %E0%B6%85%E0%B6%85.png

    %E0%B6%85%E0%B6%85%E0%B6%85.png

    %E0%B6%85%E0%B6%85%E0%B6%85%E0%B6%85.png
     

    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    useful app ekak mama hithanne name eka denne truecaller eke register unu kattiage vitharak venna athi neda? :oo: nathan sim eka registr vela tiyana name ekath ganna puluvanda?
     
    Last edited: