‘නීපා’ (Nipah) වෙෙරසයත් ලංකාවට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තවත් බියකරු වෛරසයක් ගැන ලෝක සෞඛ්‍ය අංශ ලංකාවට අනතුරු අඟවයි – සංචාරක පක්ෂින්ගෙන් රටට ඇතුළු වීමේ ඉඩක්

    04qmJZY.jpg



    වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වයිරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

    වයිරසය අනෙකුත් රටවල්වල ව්‍යාප්ත වෙමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයද ඒ පිළිබඳව තොරතුරු දැනුම් දී තිබෙනවා.

    මෙම දැනුම් දීමත් සමග මෙරට වසංගත රෝග විද්‍යා අංශය ‘නීපා’ වයිරසය මෙරටට පැමිණේවිදැයි නිරීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා.

    ‘නීපා’ වයිරසය කොවිඩ් තරම් බරපතළ නොවුවත් ලොව රටවල්වල පුද්ගලයන් මෙම වයිරසය වැලඳීමෙන් මියගොස් තිබෙනවා.

    2018 වර්ෂයේ ‘නීපා’ වයිරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

    මෙරටට පැමිණෙන සංචාරක පක්ෂින් මගින් මෙම වයිරසය ඇතුළු වීමේ අවදානමක් ද පවතිනවා.

    සාමාන්‍යයෙන් මෙරටට සංචාරක පක්ෂීන් පැමිණෙන්නේ වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදීය.

    පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරක පක්ෂීන් තවමත්, රටේ රැඳී සිටි මෙතෙක් කාලයක් එම පක්ෂීන්ගෙන් වයිරසය බෝවීමක් සිදුනොවූ බව පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පවසනවා.

    එම පක්ෂීන් මාර්තු මාසයේදී මෙරටින් පිටව යන බවද ඔහු සඳහන් කළා.

    සාමාන්‍යයෙන් සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන්නේ, ඉන්දියාව සයිබීරියානු ධ්‍රැව වෘත්තය සහ මොන්ගෝලීයාව ප්‍රදේශවල සිටයි.

    https://www.truenews.lk/the-nipah-virus-which-is-spread-by-bats-is-at-risk-of-entering-the-country/
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    NiV (Nipah Virus) is in India and Bangladesh. It had 75% mortality rate. In India studies have shown that the virus may spillover to humans via date-palm saps or fruits contaminated by infected bats.
    In Malysia it was the pigs that transmitted more than the bats..... Hope it never reaches us. :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    NiV (Nipah Virus) is in India and Bangladesh. It had 75% mortality rate. In India studies have shown that the virus may spillover to humans via date-palm saps or fruits contaminated by infected bats.
    In Malysia it was the pigs that transmitted more than the bats..... Hope it never reaches us. :yes:

    Malaysia muslim ne...unta moko pigs?