‘මම හොඳ බොදු ළමයෙක් වෙමි’

gepa

Well-known member
  • ‘මම හොඳ බොදු ළමයෙක් වෙමි’

    උපුටා ගැනීමකි-බුදුසරන පුවත්පත

    මා හොඳ බෞද්ධ ළමයෙකු වන්නේ කෙසේද යන සරල ප්‍රශ්නයයි. පින්වත් ශ්‍රද්ධා බුද්ධිසම්පන්න දරුවෙනි, මෙයට මුහුණදීම සඳහා ඔබ සැම විමසිලිමත්ව අප්‍රතිහත ධෛර්ය හා අධිෂ්ඨානය පෙරදැරිව ඉදිරියටම ගමන් කරන්න. ‘මානිවත්ත අභික්කම’ යනු බුද්ධාවවාදයයි. බලන්න බෝසත් දරුවනි, ඔබ ලත් මහා කුසල බලයක මහිමය!

    බුද්ධං සරණං ගච්ඡාමි
    ධම්මං සරණං ගච්ඡාමි
    සංඝං සරණං ගච්ඡාමි

    යන පාඨය මාගේ පින්වත් ළමා කැළ හද පිරි සැදැහැයෙන් යුතුව උදේ සවස බුද්ධ ප්‍රතිමාවහන්සේ අබියස හඬ නඟා කියමින් ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ සරණ යනවා නේද? ඒ හා සමඟම ඔබ නියම ලෙස බෞද්ධයකු බවට පත්වීමේ භාග්‍යය ලබා ගන්නේය. මෙසේ උදාකරගත් ශ්‍රේෂ්ඨ තත්ත්වය ඔපවත්කර ගැන්ම සඳහා එනම් හොඳ බෞද්ධයකු වීම සඳහා ඔබ විසින් අනුගමනය කළයුත්තේ පංචසීල ප්‍රතිපදාවයි. මාගේ පින්වත් ගුණගරුක ළමා ළපටියනි දිනපතා බුද්ධ ප්‍රතිමාවහන්සේට ආමිස පූජා පවත්වමින් තෙරුවන් සරණ යන සැදැහැති ඔබ, ඉන්පසු පංචශීලමය ප්‍රතිපත්ති පූජාවෙන් ඔබගේ් තිලෝගුරු බුදු අමාමෑණියන් වහන්සේ පිදිය යුතුවේ.

    පංචශීල ප්‍රතිපදාවේ ශික්ෂාපදයනට අනුව පිළිවෙත් පිරීමේ නියැලී මා දයාබර පින්වත් දරු කැළ කායික, මානසික වශයෙන් කිසිවෙකුටත්, අසරණ නිරි සතෙකුටවත් හිංසා නොකොට මෙත් කරුණා සිතිවිලි හැමදෙනා කෙරෙහි පතුරුවා ලමින්ද, අන්සතු දේ අයත් කර ගැන්මට ලෝභ නොකොට ත්‍යාගශීලී ගුණය වඩමින්ද, පිරිසුදු චරිතය රැක ගනිමින්ද, මුසාවාද, ඵරුස වචන, කේළාම් හා හිස් වචනයෙන් වැළකෙමින් සත්‍ය වචනය දෙලොවට වැඩදායි වචනයම පුරුදු කරමින්ද, බුද්ධිය අවුල් කරන බාහිර දෙයින් ඈත්ව යහපත් සිහියෙන් (සම්මා සතිය) යුතුවැ කල් ගෙවීමට වැර වඩන්න. පින්වත් දරුවෙනි, මහානාම සූත්‍ර දේශනයේදී අපගේ බුදු අමාමෑණියන් වහන්සේ මෙසේ මහානාම ශාක්‍ය කුමරාට පෙන්වා දුන්නේ, හොඳ බෞද්ධයෙකු වීමට ඉවහල් වන පංචශීලමය ප්‍රතිපත්ති මාර්ගයයි. ලෞකික, ලෝකෝත්තර වශයෙන් දියුණුවීමට කුඩාකළ සිටම වැර වඩන හොඳ බෞද්ධ ළමයා, බුද්ධි සම්පන්න, සංවරශීලි නිහතමානී, හික්මුණු අවංක, කළගුණ දන්නා, කළගුණ සලකන, මවුපිය ගුරුවරාදි වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවලට අවනත වන කෙනෙකු විය යුතුයි. ගුණවත් දරුවෙනි, අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් දිනක් එක්තරා දෙවියකු ප්‍රශ්න කරන ලදුව උන්වහන්සේ දේශනාකර වදාළ පිළිතුර වූයේ කීකරු පුත්‍රයාම මවුපියනට සිටින ශ්‍රේෂ්ඨතම පුත්‍රයා වන බවයි.

    අගනා චරිත ලක්ෂණයක් වන කීකරුකම හා අතින’ත ගෙන පවතිනුයේ නිහතමානී ගුණය වේ. මාගේ පින්වත් දරුවනි දන්නා පරිදි ගසක පලදාව වැඩිවන තරමට එහි අතුරිකිලි බිමටම බර වන්නාසේ, මාගේ දයාබර ළමා ළපටි කැළද, ගුණනුවණින් වැඩෙන්නට නිහතමානි බවෙන් තව තවත් පෝෂණය විය යුතුයි. හොඳ බොදු ළමයෙකු වන ඔබ බෙහෙවින් අවංක විය යුතුවේ. ඔබ කරන සෑම ක්‍රියාවකදීම කථාකරන සෑම වචනයකදීම සිතන සෑම සිතිවිල්ලකදීම, කුඩා අවදියේ සිටම අවංකවීමට ඔබ සුපරික්ෂාකාරී විය යුතුයි. ඔබගේ මහා කාරුණික අසරණ සරණ බුදුපියාණන් වහන්සේ අබියස ඔබ උදේ සවස මල් පහන් සුවඳ දුම් පුදා පිහිටා සිටින පංච ශීලය කඩ නොකර රැකීමෙන්, ඔබට බොහෝ දුරට අවංකබව සපුරාලීමට අවස්ථාව ලැබේ.

    උත්සාහය, නොපසුබට වීර්යය, හා අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යාම වනාහි මෙලොව, පරලොව දෙක්හි ශුභ සිද්ධිය සඳහා ඉවහල්වන මහඟු බලවේගයකි. වීර්යය වනාහි අප මහ බෝසතාණන් වහන්සේ විසින් පාරමිතාවක් ලෙස වඩන ලද්දක් වේ. අප ලෝක පූජිත සව¢ඥයින් වහන්සේ සාරාසංහන්ඛය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ නොපසුබට වීර්යෙන් හා අධිෂ්ඨානයෙන් යුතුවම ඒ අති උතුම් සම්බුද්ධත්වය උදෙසා ක්‍රියා කරන ලද ආකාරය කුඩා ඔබ අසා තිබෙනවා නේද? තවද දරුවෙනි උන්වහන්සේ බුද්ධත්වය පතා සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේද පරමෝදාර, බෙහෙවින් මවිතකර වීර්යකිනි.

    කරුණු මෙසේ සළකමින් මාගේ පින්වත් බෝසත් ළමා ළපටීන්ද මෙලොව වශයෙන් ඔබගේ් සාර්ථක අනාගතය උදෙසා ඔබගේ ඉගෙනීමේ කටයුතු අධිෂ්ඨානයෙන් හා අප්‍රතිහත ධෛය¸යෙන් යුතුව කරගෙන යායුතු වේ. වරක් දෙවරක් හෝ කිහිප වරක් ඔබගේ උත්සාහය සඵල නොවූවද, තම අභිමතාර්ථය මුදුන් පමුණුවා ගන්නා තුරු පසුබට නොවී ඉදිරියටම යා යුතුවේ.

    පි‍්‍රය ළමයිනි, ඔබ සැමදෙන මුළු මහත් ළමා සමාජයම එළිය කරමින් දිලෙන ආලෝක බුබුළු මෙන්ද, මුළු මහත් සමාජයම සුවඳවත් කරමින් පිබිදෙන සුගන්ධවත්, මනහර පිවිතුරු මල් කැකුළු මෙන්ද ක්‍රියාකාරීවන්න. එකල්හි ඔබ සැබවින්ම දහම් මගට පිළිපන් ඉතා හොඳ බොදු ළමයින් වන්නෙහිය.

    මාගේ දයාබර දරු කැලට සම්මා සම්බුදු සරණයි!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    BUDU SARANAI. karunika illimak thiyenawa. Budun wahanse kiyala thiyenwa----SIYALU SATHWAYO SUWAPATH WEVA KIYALA.----Mea ELAKIRI YE post ekak thiyenawa ----Gavayek accident wela prathikara nathiwa innawa kiyala. Ane a asarana sathata prathikara laba ganimata help karanna. BUDU SARANAI