‘මිලේනියම් සිටි’-පාවාදීම

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,108
    9,857
    113
    එක තැනක නෑ
    ‘මිලේනියම් සිටි’-පාවාදීම

    මේ විස්තරේ ගැන මම දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන දැනගන්න ලැබුන නිසා හොයල බැලුවා. දන්නේ නැති කෙනෙක් ඉනන්ව නම් කියවලා බලන්න අනිවාර්යෙන්ම.

    මෙරට බුද්ධි අංශයේ මහා පාවාදීම ~~මිලේනියම් සිටි~~


    Milanium_City_LNW.jpg



    මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරීන් පාවාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු පොලිස් අධිකාරිවරයකු නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.ඒ අදාල පොලිස් නිලධාරියා දේශපාලන පලිගැනීම්වලට ලක්වූ බව පවසමින්.දැනට විශ්‍රාම ගොස් ඇති ඔහු අදාල තනතුරට උසස් කර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් සංස්ථාවක සභාපති ධුරයක් පිරිනැමීමටයි සැලසුම් කර ඇත්තේ.
    මිලේනියම් සිටි නිවස්නය පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමග ඊට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් 26 දෙනකු කොටි ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කළා.එම සිදුවීමෙන් පසු අදාළ නිලධාරියා අනිවාර්ය නිවාඩු යැවීමටයි පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කළේ.ඒ අනුව යළි සිය සේවාවේ උසස්වීම ලබාගැනීම සඳහා මේ දිනවල ඔහු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත නිරන්තරයෙන් ගමන් කරන බවයි වාර්තා වන්නේ.
    මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරීන් පාවාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු පොලිස් අධිකාරිවරයා යළි සේවාවේ පිහිටුවා උසස්වීම ලබාදීමට නම් කැබිනට් අනුමැතිය ලබාගත යුතුයි.


    මිලේනියම් සිටි සිද්ධිය:


    දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී උඩුගම්පොල නමැත්තා ක්‍රියා කළේ කෙසේද යන්න වැඩිදුරටත් හෙළිවී ඇත. මේ පොලිස්‌ නිලධාරියා බලයෙන් උමතු වී සිටි බව සනාථ වූවේ අතුරුගිරියේ චාරිකාවක යෙදෙන බව එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිට නොදැන්වීමයි. මේ හැර මෙකී කණ්‌ඩායම අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කොමිසමට පවා දැන්වීමට උඩුගම්පොල ක්‍රියා කළේ නැත. දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ ද්‍රෝහී ක්‍රියාව සිදුවී මේ වන විට වසර 7 1/2 ගත වී ඇත. ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලට එරෙහි චෝදනා විස්‌සක්‌ අඩංගු චෝදනා පත්‍රයක්‌ යවා ඇති අතර චූදිතද ඊට ප්‍රතිචාර එවා ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි. එසේනම් මෙරට ආරක්‍ෂක හමුදා ක්‍ෂේත්‍රය තුළ මහත් ආන්දෝළනයකට ලක්‌වූ මේ සිදුවීම ගැන ජාතික පොලිස්‌ කොමිසම කඩිනමින් ක්‍රියා නොකිරීම මවිතයක්‌ නොවන්නේද.
    මිලේනියම් සිටි දුරදිග මෙහෙයුම පාවාදීමේ ලිපිගොනුව අතුරුදන්. සැප්තැම්බර් මස 13 “දිවමිණ.”
    මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමයි. 2002 ජනවාරි 2 වැනිදා මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොල තමන් උසස්‌ නිලධාරීන්ටද නොදන්වා අතුරුගිරියට පැමිණ සිදුකළ මෙම ක්‍රියාදාමය නිසා මෙතෙක්‌ රහසිගතව ක්‍රියාත්මක වූ ලෝන් රේඡ් ගෲප් හෙවත් දිගුදුර විහිදුම් බළකාය මෙහෙයවන්නේ කවුරුන්ද හා ඊට සම්බන්ධ ද්‍රවිඩ චර පුරුෂයන්ගේ රහස්‍යතාව හෙළිවිය.


    එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද?


    පොලිස්‌ මූලස්‌ථානයේ විනය හා කල්ක්‍රියා පිළිබඳ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ජාතික පොලිස්‌ කොමිසමේ ලේකම්ගේ චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර කෙටුම්පත්කර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා යොමුකරනු ලැබීය. මොහුට චෝදනා පත්‍ර භාරදී ආයතන සංග්‍රහය ප්‍රකාර විනය පරීක්‍ෂණයන් පවත්වන්නැයි නැවතත් නිර්දේශ කර තිබුණි. එසේම මේ වසරේ ජුනි මාසයේදී යළිත් වරක්‌ විනය හා කල්ක්‍රියා නියෝජ්‍ය පොලිස්‌පතිවරයා උඩුගම්පොලට එරෙහිව විනය පරීක්‍ෂණය කොළඹ සහකාර පොලිස්‌ අධිකාරී කාර්යාලයේ පැවැත්වීමට යෝජනා කළේය.
    එහෙත් ජාතික පොලිස්‌ කොමිසම ඒ ගැන කඩිනමින් ක්‍රියා කළේද? දැන් පොලිස්‌ කොමිසම අහෝසි වී තිබේ. උඩුගම්පොලට චෝදනා පත්‍රයන් යෑවූ කොමිසම මෙතෙක්‌ කල් එනම් වසර 3 1/2 ක්‌ කුමක්‌ කළේද යන්න බරපතල ප්‍රශ්නයකි.
    පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග දක්‌වන අන්දමට මේ පාවාදීමට අදාළ කොමිසමේ ඇති ලිපිගොනුව පවා එහි නිලධාරිනියක්‌a විසින් වසා දමා ඇතැයි වාර්තා වේ.
    මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් උඩුගම්පොලට එරෙහිව කපිතාන් නිලාම්ගේ දිගුදුර විහිදුම් බලකාය පැවරු මානව හිමිකම් නඩුවේ තීන්දුව පවා 2004 ජනවාරි 30 වැනිදා ප්‍රකාශයට පත්වීමත් පොලිස්‌ කොමිසම ක්‍රියා නොකිරීමත්ය.
    මේ මානව හිමිකම් නඩුව ඉල්ලා අස්‌කරගන්නා ලෙස ඉල්ලමින් එකී දිගුදුර විහිදුම් කණ්‌ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔව්හු ඊට එකඟ වූයේ නැත. මෙහිදී අධිකරණය තීරණය කළේ සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 750000 ක්‌ බැගින් ගෙවිය යුතු බවත්ය උඩුගම්පොලද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු යයි අධිකරණය විසින් නියෝග කෙරුණි. දිගුදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීමත් සමග කොටි විසින් ද්‍රවිඩ බුද්ධි කණ්‌ඩායමක්‌ ඝාතනය කෙරුණි. මේ එම ගඩාපි. 2002 ජනවාරි විද්‍යාදරන් හෙවත් නිකී, 2002 පෙබරවාරි 9 කැලරි හෙවත් ගඩාපි, 2002 ජුලි 22 අරින්ජාන් හෙවත් යමින්ද රාජන්, 2002 දෙසැම්බර් ගනේෂමූර්ති හෙවත් නිලන රාජන්, 2003 ජනවාරි 3 නාසියර් හෙවත් පුලේන්ද්‍රරාජා, 2003 මාර්තු 18 රගුපන් හෙවත් රගු, 2003 අප්‍රේල් 13 රංජන් හෙවත් වර්ධන්, 2003 අප්‍රේල් 26 අශෝන් දේවරාජා, 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්, 2002 අගෝස්‌තු 14 දේවදාස්‌, 2002 දෙසැම්බර් 2 අසිස්‌, 2003 අප්‍රේල් 23 යශෝධරන්, 2003 මැයි 19 සූරියන්, 2003 අගෝස්‌තු 3 රිල්වාන්, 2003 අගෝස්‌තු 8 ශන්මුගරාජා, 2003 සැප්තැම්බර් 14 සබාරත්නම්, 2004 ජනවාරි 31 යෝගරාජා හෙවත් එලොට්‌ මොහාන්.
    සහකාර පොලිස්‌ අධිකාරි උඩුගම්පොල විසින් දිගුදුර විහිදුම් කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පමණක්‌ නතර වූයේ නැත. ඔහු එවකට යුද හමුදාපතිවූ ලයනල් බලගල්ලේට හා බුද්ධි ප්‍රධානි කපිල හෙන්දා විතාරනට එරෙහිවද නඩු පවරනු ලැබීය. එකල කොටින්ගේ වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. “ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත. මේ පිළිබඳව පැවැති විශේෂ ජනාධිපති කොමිසමේදී උඩුගම්පලගේ ක්‍රියාදාමය අනාවරණය විය. “තමා” දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට පැමිණියේ අධිකරණ නියෝගයක්‌ මත යයි උඩුගම්පොල පැවසුවත් එම නියෝගය ඔහු කිසි විටෙක පෙන්නුම් කළේ නැත.
    දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී උඩුගම්පොල නමැත්තා ක්‍රියා කළේ කෙසේද යන්න වැඩිදුරටත් හෙළිවී ඇත. මේ පොලිස්‌ නිලධාරියා බලයෙන් උමතු වී සිටි බව සනාථ වූවේ අතුරුගිරියේ චාරිකාවක යෙදෙන බව එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිaස්‌ අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිට නොදැන්වීමයි. මේ හැර මෙකී කණ්‌ඩායම අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කොමිසමට පවා දැන්වීමට උඩුගම්පොල ක්‍රියා කළේ නැත. දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ ද්‍රෝහි ක්‍රියාව සිදුවී මේ වන විට වසර 7 1/2 ගත වී ඇත. ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලට එරෙහි චෝදනා විස්‌සක්‌ අඩංගු චෝදනා පත්‍රයක්‌ යවා ඇති අතර චූදිතද ඊට ප්‍රතිචාර එවා ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි. එසේනම් මෙරට ආරක්‍ෂක හමුදා ක්‍ෂේත්‍රය තුළ මහත් ආන්දෝළනයකට ලක්‌වූ මේ සිදුවීම ගැන ජාතික පොලිස්‌ කොමිසම කඩිනමින් ක්‍රියා නොකිරීම මවිතයක්‌ නොවන්නේද.
    මෙහිදී අතුරුගිරිය මිලේනියම් සිටි දිගු දුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමට වගකිවයුතු කුලසිරි උඩුගම්පොල බේරා ගැනීම සඳහා එදා සිටි රජය දැඩි ලෙස උත්සාහ කළේය.
    උඩුගම්පොලගේ ඥතියකු රුවන් ජයවර්ධන යන අන්වර්ථ නාමයෙන් දිගුදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමටද උත්සාහ ගත් නමුත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් රටේ හමුදාපතිත් බුද්ධි අංශ ප්‍රධානියාත් අධිකරණයට ගෙන යමින් අතිශය රහස්‌ගත බළකායක අනන්‍යතාවය හෙළි කිරීමට වගකිවයුතු පොලිස්‌ නිලධාරියකු පිළිබඳව පොලිස්‌ කොමිසම තම කටයුතු ප්‍රමාද කර ඇති බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය. මේ නිසා ස්‌වාධීන යයි හඳුන්වන මෙම පොලිස්‌ කොමිසමකින් ඇති ප්‍රතිඵලය කුමක්‌ද යන්න ජනතාවට ප්‍රශ්නයකි.
    මේ සම්බන්ධයෙන් පොලිස්‌ කොමිසමේ බලධාරීන් කුමක්‌ පැවසුවත් එය නිදහසට කරුණක්‌ නොවේ. මෙරට නීතිය චෝදනාවන්ට ලක්‌ වූ පොලිස්‌ භටයකුට හා සහකාර පොලිස්‌ අධිකාරිවරයකු යනුවෙන් දෙවිධියකට ක්‍රියාත්මක නොවේ. එසේ නම් දිගුදුර විහිදුම් බළකාය පාවාදීමට මුල් වූ පොලිස්‌ නිලධාරියාට එරෙහිව ක්‍රියාත්මක වීම ප්‍රමාද වූයේ කෙසේද?

    Milanium_City.jpg


    මෙරට බුද්ධි අංශයේ මහා පාවාදීම ~~මිලේනියම් සිටි~~


    වී.විද්‍යාර්ථන් 1991 වසරේ සිට ශ්‍රී ලංකා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු සැපයූ උතුරේ පදිංචිකාරයෙකි. මිලේනියම් සිටි පාවාදීමෙන් දින 14ක් ගතවූ තැන එනම් 2002 ජනවාරි 16දා කොටි ත්‍රස්තවාදීන් අතින් විද්‍යාර්ථන් ඝාතනය විය. ඒ ආකාරයෙන් උතුරේ ත්‍රස්ත කඳවුරුවල ගැවසෙමින් රටේ ජාතික ආරක්ෂාව පතා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු ලබාදුන් සිවිල් පුද්ගලයන් 54ක් වරින් වර කොටි ත්‍රස්තවාදීන් අතින් මරුමුවට පත් වන්නට පටන් ගත්තේ සීරියල් මිනීමැරුම් චිත්‍රපටයක ආකාරයෙනි. ඒ නම් ලැයිස්තු කොටින්ගේ අතට ගියේ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුවය.
    දිගුදුර විහිදුම් බළකායේ සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සම්පූර්ණයෙන් අනාරක්ෂිත කෙරුණ අතර ඒ ඇතැමෙක් ජීවිත බේරා ගැනීමට රටින් පවා පලා ගියහ. එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායට සම්බන්ධ වී වුන් සියලු දෙනා එකිනෙකා බැගින් මරා දමමින් සිටියදී 2002 පෙබරවාරි මස 22දා රනිල් -ප්‍රභා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබුණේය.
    සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව යාපනය, කොළඹ, මඩකලපුව යනාදී සෑම ප්‍රදේශයකටම නිදහසේ පැමිණි කොටි පිස්තෝලකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ බවට අනාවරණය වූ සියලු දෙනා ඝාතනය කිරීමට තැත් කළහ. කර්නල් තුවාන් මුතාලිෆ්, කර්නල් මීඩීන් මුල් පෙළේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද කොළඹ දී කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූහ…


    උපුටා ගැනීම : ලංකානිව්ස්වෙබ්.ටුඩේ


    Edit : මේක දැම්මේ මහින්දට/රනිල්ට සපෝර්ට් කරන්න හරි කපන්න හරි නෙමෙයි. මේ වගේ දේවල් වෙලා තියනවා කියලා දන්නේ නැති අයට දැනගන්න නිව්ස් එකක් විදිහට. පෞද්ගලිකව මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැහැ. ඒ නිසා මේක දේශපාලන ත්‍රෙඩ් එකක් විදිහට සලකන්න එපා.

    කුණුහරප කියල දාලා තිබ්බ අයට කිව්වේ.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යූඇන්පි උන් පක්ශෙ වෙනුවෙන් අම්ම උනත් දේවි බං..
    ඔහොම නෙවෙයි හමුදාවම සමූල ඝාතනය උනත් ඔකුන් චන්දෙ දෙන්නෙ එකට.
    ඔකයි මේ රට හදන්න බෑ කියන්නේ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොන්සිරෝ, උබට මේ රට පාවල දුන්න සාපෙන් නම් ගැලවෙන්න බෑ... මේ මැරිච්ච රණවිරුවෝ උඩ ඉදන් උබට සාප කරනවා...
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    යූඇන්පි උන් පක්ශෙ වෙනුවෙන් අම්ම උනත් දේවි බං..
    ඔහොම නෙවෙයි හමුදාවම සමූල ඝාතනය උනත් ඔකුන් චන්දෙ දෙන්නෙ එකට.
    ඔකයි මේ රට හදන්න බෑ කියන්නේ

    යූ ඇන් පී ම නෙමේ, ඕක සින්හල මිනිහගෙ හැටි. වැඩි හරියක් සින්හලුන්ට​, රටට, ජාතියට​, ආගමට හෙන ගැහුනත් කමක් නැ. හැබැයි තමන්ගේ පක්‍ෂෙට මොකක් හරි කිව්වොත් මරාගන්න එන්නෙ. ඒ උනාට බලපල්ලකො ඔය හකීම් මහත්තය එහෙම, මොකා ආවත් ලස්සනට ගේම ගහනවානෙ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්‌වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක්‌ යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක්‌ රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක්‌ පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්‌ බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

    3. බැඳුම්කර මගඩිය ඔස්‌සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්‌ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක්‌ තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්‌ සිදු කර ඇත.

    4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්‌සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක්‌ එකතු කිරීමක්‌ නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්‌ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක්‌ රුපියල් බිලියන 141 ක්‌ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

    5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස්‌ සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස්‌ යානා කීපයක්‌ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස්‌ යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්‌ (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

    6. කොළඹ -පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්‌සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්‌කර 5 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

    ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්‌සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.

    http://www.divaina.com/2017/04/02/politics02.html

    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේක දේශපාලන ත්‍රෙඩ් එකක් විදිහට සලකන්න එපා.
    :no::no::no::no:
    අද රටේ ආරක්ෂාවට දේශපාලනය මැදිහත් වෙලා... මහින්දගෙයි පබයගෙයි වෙනස ඕක...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif
    political2.gif


    පසුගිය සතියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ තව තවත් අලුත් කරුණු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වන්නට විය. මේ මහ බැංකු බැඳුම්කර වංචාවට යටින් මේ රටේ මොනතරම් විශාල ධන සම්භාරයක්‌ පෞද්ගලික බූදලයකට ඇදී යන්නේ දැයි මෙයින් රටට කරුණු අවබෝධ විය. එහෙත් පුදුමයට කාරණාව වූයේ ජනතාවට ඒ ගණන් ඉලක්‌කම් එතරම් ගණනක්‌ නැති වීමය. ජනතාවට ඒ වෙනුවට තවමත් දැනෙමින් තිබුණේ බැසිල්ලා ජී එල්. පයිප්ප බෙදා යැමය. මහින්ද ලිත් ගසා ජනතාවට බෙදූ වංචාවන් දූෂණයන් ගැනය. ජනතාවට සිල් රෙදි බෙදූ රාජ්‍ය මුදල් අවභාවිතාවන් ගැනය. මහබැංකු බැඳුම්කරය මගින් රටේ මහා භාණ්‌ඩාගාරය හිස්‌ කරවමින් හිතන්නට බැරි තරම් මුදල් සම්භාරයක්‌ හොර පාරවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී යැම කාටවත් ඒ හැටි අවබෝධයක්‌ තිබුණේ ම නැති ගානය.

    මේ අතර දේශපාලන කතිකාවේ කතාබහට ලක්‌වූ වැදගත් කාරණාව වූයේ යම් හෙයකින් ජනාධිපති කොමිසමෙන් වරදකරු වුවත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී ගිය ධන සම්භාරය යළි අය කරගන්නට රජයට ඇති නොහැකියාව ගැනය. රජය මේ මුදල් කෙසේ නම් ආපසු ගන්නද යන ප්‍රශ්නය පැන නගින්නට වූයේ එම සමාගම එම මුදල් දැනටමත් මහා පරිමාණ ව්‍යාපාරවලට ආයෝජනය කර තිබූ නිසාය.....

    http://www.divaina.com/2017/04/09/politics03.html

    පාහර ජෙප්පෝ තාමත් තාප්ප වල ලියන්නේ මහින්දගේ සිල් රෙදි ගැන.. එක පරයෙක් කටක් ඇරලා කියන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, රු. බිලියන 674 ක් මහ දවල් හොරා කාපු එක ගැන.. මොකද උන්ගේ සන්විධානේටත් කොටස හම්බෙලා ඇති...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පාහර ජෙප්පෝ තාමත් තාප්ප වල ලියන්නේ මහින්දගේ සිල් රෙදි ගැන.. එක පරයෙක් කටක් ඇරලා කියන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, රු. බිලියන 674 ක් මහ දවල් හොරා කාපු එක ගැන.. මොකද උන්ගේ සන්විධානේටත් කොටස හම්බෙලා ඇති...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අන්තිමට බැදුම්කර හොරකම කලේ තාජුදීන් කියල ඔප්පු වෙයි වගේ..... :baffled:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සම්පුර්ණ ඇත්ත සිද්ධියක් ඕක. එල් ටි ටි ඊ එක හොය හොය හොය හිටියේ උන්ගේ නායකයෝ කොහොමද උන්ගේ ඒරියා එකේදිම මැරෙන්නේ කියල. උන් සම්පුර්ණයෙන්ම අනාරක්ෂිත වෙලා හිටියේ. මේ මහා පාවාදීමත් එක්ක උන් කලේ හමුදාවට සපෝට් කරපු බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කරපු එක.