‘රෝස කැලේ’ සුදානම්

Dan01

Active member
  • Oct 16, 2006
    3,789
    6
    38
    38
    No one know Where i live
    ‘රෝස කැලේ’ සුදානම්

    ආලංකුලම ෆිල්ම්ස් වෙනුවෙන් ධම්මික සිරිවර්ධන නිෂ්පාදනය කරන සංජය නිර්මාල් ගේ ‘රෝස කැලේ’ චිත*්*රපටය ළඟදීම දිවයින පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිතය.

    මෙම චිත*්*රපටය සමාජ අසාධාරණයට ලක් වූ ළමයින් පිරිසක් ආදරයෙන් රැක බලා ගන්නා ගුරුවරියක වටා ගෙතුණු අතිශය සංවේදී කතා පුවතකි.

    සමාජයෙන් කොන් වී පිරිහීමට ලක් වූ ළමා ආයතනයක් මෙම ගුරුවරියගේ ඉවසීම, කරුණාව, දයාව සහ ආදරය මගින් නැවතත් සමාජයේ ඉහලට ඔසවා තැබෙන අයුරු මෙම චිත*්*රපටය හරහා කියැවෙයි.

    ජනප*්*රිය ඉන්දියානු නිළි මොනිකා මරුතිරාජ්, රොෂාන් රණවන, සනත් ගුණතිලක, අයිරාංග£නී සේරසිංහ, ඇන්ටන් ජූඩ්, කුමාර තිරිමාදුර, තනුජා දිල්හානි, නිලන්ති විජේසිංහ, රසල් බුරාන්, චිත*්*රා වරකාගොඩ, සරත් කොතලාවල, දුමින්ද වීරවර්ධන, නාරද බක්මීවැව, රොසෑන් ඩයස් ප*්*රමුඛ ළමා නළු නිළියන් පනහක පමණ පිරිසක් මෙහි රංගනයට එක් වෙති.

    ‘රෝස කැලේ’ සහාය අධ්*යක්ෂවරයා ලෙස ඩොනල්ඩ් ජයන්ත ද, කැමරා අධ්*යක්ෂණයෙන් ජයනාත් ගුණවර්ධණ ද, කලා අධ්*යක්ෂණයෙන් වෙලේගෙදර රණසිංහ ද දායක වේ.

    බන්දුල නානායක්කාරවසම්, කැළුම් ශ*්*රීමාල්, නිලාර් එන්. කාසිම් ගීත රචනයෙන් දායක වන අතර භාතිය සන්තුෂ්, මහේෂ් දෙනිපිටිය හා රෝහණ වීරසිංහ තනු නිර්මාණයෙන් ‘රෝස කැලේ’ සරසයි.

    ගීත ගායනය උරේෂා රවිහාරි, උමාරියා

    සිංහවංශ, භාතිය ජයකොඩි ගෙනි.

    මෙහි පසුබිම් සංගීතය නිර්මාණය කර ඇත්තේ භාතිය / සන්තුෂ් විසිනි.

    විධායක නිෂ්පාදනයෙන් බාසුරු සිරිවර්ධන ද, නිෂ්පාදන කළමනාකරණයෙන් නිශාන්ත රණසිංහ හා තිස්ස ලියනාරච්චි ද මෙයට එක් වෙති.

    ‘රෝස කැලේ’ නිෂ්පාදක ධම්මික සිරිවර්ධන හා අධ්*යක්ෂ සංජය නිර්මාල් එහි රසායනාගාර කටයුතු සඳහා මේ දිනවල ඉන්දියාවට ගොස් ඇත. ‘රෝස කැලේ’ චිත*්*රපටය සඳහා D. T. S තාක්ෂණය යොදා ගැනීමද සුවිශේෂත්වයකි.


    rosa.jpg
    rosa-1.jpg
    rosa-2.jpg
    rosa-2.jpg
    rosa-3.jpg
    rosa-4.jpg
    rosa-5.jpg
    rosa-6.jpg



    menna sinhala Unicode font nathi ayata

    43444441eg8.jpg


    source - 'sarasaviya' web site
     
    Last edited: