‘වයෝ’(WAYO)

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    සංගීත්ගෙන් අලුත් සංගීත කණ්ඩායමක්


    සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ‍්‍රම්ස් වාදනයෙන් සහය වේ....

    ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඈත්වී අලුත් සංගීත කණ්ඩායමක් සමග වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.



    ඔහුගේ අලුත්ම සංගීත කණ්ඩායම ‘වයෝ’ (WAYO) ලෙස නම්කර ඇතැයිද පැවසේ.මේ සඳහා සාමාජිකයන් 10 දෙනෙකු එක්ව සිටින අතර සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ‍්‍රම්ස් වාදනයෙන් සහය වන බව වාර්තා වේ.

    ධ්වනික (acoustic) සංගීත කණ්ඩායමක් ලෙස මෙම සංගීත කණ්ඩායම සංගීතය සැපයීමට නියමිත අතර මේ සඳහා කීබෝඩ් වාදකයන් දෙදෙනෙකු හා ඩ‍්‍රම්ස් වාදකයන් දෙදෙනෙකු ඇතුළත්ව සිටීම විශේෂ සිද්ධියකි.

    බ්ලූශැඩෝස් සංගීත කණ්ඩාමේ ‘සිරියලතා’ ගීතයත් සමඟ ගායකයෙකු ලෙස ජනපි‍්‍රයත්වයට පත් සංගීත් දශකයකට ආසන්න කාලයක් ‘සනිධප’ සංගීත කණ්ඩායමත් සමඟ එක්ව කටයුතු කළේය.

    සංගීත් ආන්දෝලනාත්මක චරිතයක් වන අතර වරක් ඔහු විජේරත්න වරකාගොඩ මහතා කලකට ඉහතදී ගායනා කළ ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ ගීතය නව සංගීත රටා සමඟ ගායනා කිරීම හේතුවෙන් නඩුවක ද පැටලූණි.

    සංගිත් ගායකයකුවීමට පෙර කරාටි ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.සංගීත්ගේ අලුත් සංගීත කණ්ඩායමේ කළමණාකරු ලෙස ශේන් කරුණාරත්න කටයුතු කරන අතර, ඔහුව 0777868328 /0777554000 යන අංක ඔස්සේ ඇමතිය හැක.

    මේ අතර, සංගීත්ගේ අලුත් සංගීත කණ්ඩායමේ ජායාරූප ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ වුවද එහි සංගීත් හැර සෙසු සාමාජිකයන් සගවා තිබිණි.පළමුවරට සංගීත් සිය අලුත් දීගය ආරම්භ කරනු ලබන පිරිසගේ මුහුණු සහිත ජායාරූපයක් පහත පළකර ඇත.

    අලුත් දීගය ආරම්භ කරනු ලබන පිරිසගේ මුහුණු සහිත ජායාරූපයක් පහත පළකර ඇත.

    48164_336428459763281_1041107333_n.jpg

    සංගීත් හා පුතු​


    251797_336428516429942_100001883895281_843146_639525863_n.jpg

    539994_336428489763278_100001883895281_843145_893118970_n.jpg
    ෆේස්බුක් හි පළ වූ 'වයෝ' සංගීත කණ්ඩායමේ ජායාරූපය
     
    Last edited: