‘සැබෑ දමිළයෙක් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ’

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ‘සැබෑ දමිළයෙක් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ’

    (රොමේෂ් මධුෂංඛ)

    ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පළාත් හටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය.

    හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනයේ පිහිටි නිවසේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන් මහතා මෙසේ කීය.

    ‘සැබවින්ම දෙමළ ජාතිකයකු නම් කිසිදිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන්නේ නැහැ. මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියනවා. ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක් එය තහවුරු කරන්න ඔහු ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි. එමෙන්ම ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව සිතන කෙනෙක් නෙමෙයි. එවැනි පුද්ගලයකු ජනාධිපති අපේක්ෂක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළැයි ද යන්න නම් දන්නේ නැහැ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් දෙමළ වැසියන්ට අඳුරු යුගයක් උදාවෙනවා. ඒ නිසා ඔහුට ඡන්දය ලබා දෙන්න කියලා කියන්නෙත් නැහැ. කිසිම තැනක කියලත් නැහැ. ඒ මගේ ස්ථාවරය" යනුවෙනි.


    http://www.lankadeepa.lk/news/%E2%80%98%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91-%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B7%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91%E2%80%99/101-555483
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    69342093_956422308041635_8487856907434852352_n.jpg