‘සිංහල බුද්ධාගමක්‘ නැත

Jul 5, 2012
1,773
265
0
‘සිංහල බුද්ධාගමක්‘ නැත


මිහිඳු මාහිමියන් මෙරටට ‘සිංහල බුද්ධාගමක්‘ හඳුන්වා දුන්නේ නැත

buddha-paint.jpg

උදාවන පොසොන් සමයේ අප රට පුරා පැතිරෙන රාවයක් වනුයේ දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මාහිමියන් විසින් මෙරටට බුදු දහම හඳුන්වා දෙන ලද්දේය. යන්නය. උන්වහන්සේගේ ලංකා ගමනය නිසා හිමි වූ බුද්ධාගමින් මෙරට සිංහල ජාතිය ඇගැයුමට ලක් වූ පුවත දැනට අප රටපුරා පැතිර යන ජන රංජිත මතයකි. එහෙත් එය පසුකාලීනව ‘සිංහල බුද්ධාගම‘ නම් වන ජාති සහ ආගම්වාදී පදනම මගින් ප්‍රචලිත කරනු ලැබූ ප්‍රබල මිථ්‍යාවක් මිස මහින්දාගමනය පිළිබඳ යථාර්ථය නොවන බව ඉඳුරාම කිව යුතුය.
ආගමක් රැගෙන ඒම යනු මූලධර්මවාදයක් (Fundamentalism) පැතිරවීමක් සේ අර්ථකථනය කිරීමටද යමකුට හැකියාව තිබේ. එනිසා බුදු දහම මෙරටට හඳුන්වා දුන් මිහිඳු හිමියන් ආගම් ප්‍රචාරය කරන්නකුගේ භූමිකාවෙන් සපුරා බැහැර වන අන්දම අප පළමුව විමසා බැලිය යුතුය.
බෞද්ධ රාජ්‍ය පාලනයේ පරමාදර්ශය 'ධර්ම රාජ්‍යය' නමින් හැඳින්වෙයි. මෙය කිසියම් ආගමික රාජ්‍යයක් වශයෙන් යමකුට සිතිය හැකිය. නමුත් සක්විති රජ කෙනකුන් විසින් පාලනය කරනු ලබන ධර්ම රාජ්‍යය තුළ බුදු සමය ඇතුළු ලොව කිසිදු ආගමකට විශේෂ තැනක් හිමි නොවේ. බොහෝ දෙනකු තවමත් නොදත් මේ විස්මිත රහස දීඝ නිකායේ චක්කවත්තී සිහනාද සූත්‍රය පිරික්සීමෙන් මනාව වටහා ගත හැක.
මිනිසුන්ට සේම අපා, දෙපා, සිව් පා, බහු පා ආදී සතුන්ටත් අහසේ පියාසර කරන පක්ෂීන් සහ ජලයේ වෙසෙන මත්ස්‍යයන්ටත්, වෘක්ෂලතාදියටත්, වාතය, පස, ජලය යන භෞමික සාධකවලටත් සම මෙත, සම සෙත ඉටු කෙරෙන මෙම බෞද්ධ ධර්ම රාජ්‍ය සංකල්පය ලොව පරමාදර්ශී දේශපාලන දර්ශනයකි. කිසිදු ආගමික ලබ්ධියක් සුවිශේෂ කොට ගෙන ඊට විශේෂ අනුග්‍රහ සැලසිය යුතු යැයි එහි කිසිම තැනක සඳහන් නොවේ. එනිසාම එය තෘෂ්ණා භරිත සාමාන්‍ය මිනිස් සමාජය සඳහා කෙතරම් ගැළපේද යන්න පිළිබඳවද මූලික ගැටලුවක් පැනනගී.

ඒ කෙසේ හෝ බුදු දහමේ ලෞකික පරමාදර්ශය වන එම චක්‍රවර්තී රාජ්‍යය සැලකිය යුතු ලෙස ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාවට නැංවූ නරපතියාණන් ලෙස ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දුන් මිහිඳු මාහිමියන් එතුමන්ගේ එකම පුත්‍ර රත්නය බව ඓතිහාසික වශයෙන් සනාථ වූ සත්‍යයකි.

ධර්මාශෝක රජතුමන්ගේ රාජ්‍ය පාලනය තුළ පැවැති ආධ්‍යාත්මික, සමාජ, සංස්කෘතික හරයන් වටහා ගැනීම පිණිස එතුමන් විසින් ඉන්දියාව පුරා පිහිටුවන ලද ශිලා ‍ලේඛන මහත් සේ උපකාරී වෙයි. ඒ අතුරින් ආගමික සහජීවනය පිළිබඳ කෙතරම් සහනශීලී ආකල්පයක් එතුමන් තුළ තිබිණි ද යන්න ‘දොළොස්වන ආඥා ගිරි‘ ලිපියෙහි සඳහන් මතු දැක්වෙන අදහස්වලින් මනාව පැහැදිලි වෙයි.
‘‘සියලු ආගම්වල පැවිදි, ගිහි ජනයා හට රජතුමා දන් පිරිනමන්නේය. නොයෙකුත් පුද සැළකිලි ද කරන්නේය. ඉන් රජතුමා ඊට වඩා අගයන දෙයක් තිබේ. ඒ සෑම ආගමකම සාරවෘද්ධි (සාරවර්ධී) යයි. සාරවෘද්ධිය විවිධාකාරය. ඉන් ප්‍රධාන වනුයේ වාග් සංවරයයි. තමන්ගේ ආගමට ගරු කරන අතරේ සෙසු ආගම් ගැරහීමට ලක් නොකළ යුත්තේය. විචාරයකදී පවා එය කෙටියෙන් මෘදු ලෙස කළ යුතුය. ඒ එම ආගම කෙරෙහි ද ගෞරවයක් පෙරදැරිවය. එවිට තමන්ගේ ආගම වැඩි දියුණු වෙයි. සෙසු ආගම් කෙරෙහි ද උපකාරක වෙයි. තම ආගම බැබලවීම පිණිස අන්‍යාගම්වලට ගරහන්නා තම ආගමට දරුණු හානි සිදුකර ගනියි. ආගමික සහජීවනය (සාමවායො එව සාධු) වැදගත්ය. ඔවු'නොවුන්ගේ ධර්මයන් ගැන දැනගත යුතුය. සියලු ආගම් සම්බන්ධයෙන් බහුශ්‍රැත විය යුතුය. මෙම ධාර්මික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු පිණිස ධර්ම මහාමාත්‍යයන්, ස්ත්‍රී උපදේශිකාවන්, දේශ සීමා නිලධාරීන්, වෙනත් නිලධාරීන් පත් කොට ඇත. මේ සියල්ලෙන් අපේක්ෂා කරනුයේ ධර්මයේ බැබලීම (ධමෙසච දීපනා) ය.”
ඉතිහාසයේ සඳහන් වන අන්දමට ධර්මාශෝක අධිරාජ්‍යයා තම රාජ්‍යයෙන් බැහැර රටවල් දක්වා පවා ධර්මදූත ව්‍යාපාරය ක්‍රියාවට නංවනුයේ ඉහත සඳහන් පුළුල් සමාජ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගනු පිණිසය. එහෙත්, එය ඉහත සඳහන් කළ සියලු සත්වයන්ගේත්, ජීවී අජීවි සංයුතීන්ගේත් යහපැවැත්ම උදෙසා මිස තම අධිරාජ්‍යයේ ව්‍යාප්තියක් සහ පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් උදෙසා නොවන බව සත්‍යයකි.
‘‘මහරජ, මේ භූමිය අපා (දෙපා නොමැති උරග) දෙපා (මිනිස්) සිව්පා (තිරිසන්), බහුපා (කෘමීන් ආදී) සතුන්ගේත් අහසේ පියාසර කරන පක්ෂීන්ගේත්, ජලයේ මසුන්ගේත් ‍පොදු උරුමයකි. ඔබ එහි භාරකරු මිස හිමිකරු නොවේ.”
මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජතුමන් වෙත කරන ලදැයි පැවසෙන ඉහත සුප්‍රසිද්ධ ප්‍රකාශය තුළින් වර්තමානයේ බොහෝ දෙනකු පුන පුනා කතා කරන ජාතිවාදයක් ආගම් වාදයක් පිළිබඳව කිසිවක් නොපැවසීම අපගේ විශේෂ අවධානයට ලක්විය යුතුය. ඒ අනුව අද වන විට ජාතිවාදී සහ වර්ගවාදී රාමුවකට කොටු කර ගැනීමට මාන බලන බුදු සමය ඉන්දියාවෙන් අප රටට දායක වූ හුදෙක් චිත්ත දමනය මුල් කොටගත් උතුම් සදාචාර මාර්ගයක් මිස හුදෙක් ජාතිවාදී හෝ වර්ගවාදී සංකල්පයක් තබා අඩුම තරමේ ආගමක්වත් නොවන බව පැහැදිලිය. නමුත් මෙහි අවාසනාවන්ත තත්වය වනුයේ මව මරා උපන් කුමරකු බඳු ‘සිංහල බුද්ධාගම’ නම් ජාතිවාදී ආගම්වාදී සංකල්පය මගින් මූලික බුදු දහමේ එන මෙම සමානාත්මතා සංකල්පයට මරණ තර්ජන එල්ල කිරීමය.
-තිලක් සේනාසිංහ විසිනි-
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ජිංතක ජිල්ලබකිට;20280006 said:
මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජතුමන් වෙත කරන ලදැයි පැවසෙන ඉහත සුප්‍රසිද්ධ ප්‍රකාශය තුළින් වර්තමානයේ බොහෝ දෙනකු පුන පුනා කතා කරන ජාතිවාදයක් ආගම් වාදයක් පිළිබඳව කිසිවක් නොපැවසීම අපගේ විශේෂ අවධානයට ලක්විය යුතුය. ඒ අනුව අද වන විට ජාතිවාදී සහ වර්ගවාදී රාමුවකට කොටු කර ගැනීමට මාන බලන බුදු සමය ඉන්දියාවෙන් අප රටට දායක වූ හුදෙක් චිත්ත දමනය මුල් කොටගත් උතුම් සදාචාර මාර්ගයක් මිස හුදෙක් ජාතිවාදී හෝ වර්ගවාදී සංකල්පයක් තබා අඩුම තරමේ ආගමක්වත් නොවන බව පැහැදිලිය. නමුත් මෙහි අවාසනාවන්ත තත්වය වනුයේ මව මරා උපන් කුමරකු බඳු ‘සිංහල බුද්ධාගම’ නම් ජාතිවාදී ආගම්වාදී සංකල්පය මගින් මූලික බුදු දහමේ එන මෙම සමානාත්මතා සංකල්පයට මරණ තර්ජන එල්ල කිරීමය.


පින්වත් ජිංතක ජිල්ලබකිට,

මානය දරාගෙන ඉන්නා "සිංහල බෞද්ධයා" කියන්නේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් ඈත් වූ අයෙක්. ඒ මානය හැර දමනකම් නිවන නම් දුරයි. මිහිදු මාහිමියන් "සිංහල බුද්ධාගමක්" ගැන නොකීවානම් එය වැරදීමක් හෝ අතපසුවීමක් නොවේ. වැරදීමක් හෝ අතපසුවීමක් නොවන්නේ බුදුරජානන් වහන්සේත් මෙසේ පවසා ඇති නිසා:

“අම්බට්ඨය, නිරුත්තර විද්‍යාචරණසම්පත්හි ‘තෝ මට සුදුසු වෙහි යැ’ යි කියා හෝ ‘තෝ මට නුසුදුසු වෙහි යැ’ යි කියා හෝ ජාතිවාදයෙක් කියනු නො ලැබේ. ගෝත්‍රවාදයෙක් හෝ කියනු නො ලැබේ. මානවාදයෙක් හෝ කියනු නොලැබේ. අම්බට්ඨය, යම් තැනෙක වූ කලි ආවාහයෙක් හෝ වේද, විවාහයෙක් හෝ වේ ද, ආවාහවිවාහයෙක් හෝ වේද, මෙහි ‘තෝ මට තරම් යැ’යි.(සුදුස්සෙහි යැයි) කියා හෝ ‘තෝ මට නොතරම් යැ’ යි (නොසුදුස්සෙහි යැ යි) කියා හෝ යම් වචනයෙක් ලබ්ධියෙක් වේ ද, මෙය ජාතිවාදය යැ යි ද, ග්‍රෝත්‍රවාද යැ යි ද, මානවාද යැ යි ද කියනු ලැබේ. අම්බට්ඨය, යම් කෙනෙක් තුමූ ජාතිවාදයෙහි බැඳුණෝ හෝ ග්‍රෝත්‍රවාදයෙහි බැඳුණෝ හෝ මානවාදයෙහි බැඳුණෝ හෝ ආවාහවිවාහයෙහි බැඳුණෝ හෝ වෙත් ද, ඔහු නිරුත්තර විද්‍යාචරණ සම්පත්තියෙන් ඈත්හි වූවෝ ය. අම්බට්ඨය, ජාතිවාදයෙන් බැඳීම් ද ග්‍රෝත්‍රවාදයෙන් බැඳීම ද මානවාදයෙන් බැඳීම ද ආවාහවිවාහයෙන් බැඳීම් ද හැරැ දැමීමෙන් ම නිරුත්තර විද්‍යාචරණ සම්පත්තියගේ පසක් කිරීම වේ.”
ඉහත වදන් සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලස්කන්ධ වර්ගයේ අම්බට්ඨ සූත්‍රයේ [ අම්බට්ඨ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp1/166 ] දැකිය හැකියී. පිටුවම පෙන්වනවානම් මෙන්න මෙතන: http://thripitaka.org/view/sp/sp1/188


යම් අයෙක් තමා සහ තම ජාතියේ අය අන් අයට වඩා උසස් යැයි සැලකීමෙන්
දැන හෝ නොදැන හටගත් මානයෙන් පීඩිතව "සිංහල බෞද්ධකම" රැකගන්න හිතනවානම් ඒ පුද්ගලයා අමිල වූ සම්මා සම්බුද්ධ සාසනය රැකගැනීමෙන් දුරයි. "සිංහල බෞද්ධ" මානය ඇතුළුව ජාතිවාදයෙන් බැඳීම් ද ග්‍රෝත්‍රවාදයෙන් බැඳීම ද මානවාදයෙන් බැඳීම ද ආවාහවිවාහයෙන් බැඳීම් ද බැහැරලා ගෞතම බුදු සසුනේ හික්මෙන පුද්ගලයා අමිල වූ චතුරාර්ය සත්‍යය අවබෝධයට මැනවින් පිළිපන් අයෙක්. එහෙම නොකරන "සිංහල බෞද්ධයා" මානය රැකගන්නවා. වටිනා රත්රන් ලැබ පොහොසත් වෙන්න ලැබීමක් ඇති අයෙක් තමා සතු නොවටිනා මලකඩ කෑ යකඩම වටින්නේ යැයි සිතා ඒ මලකඩ කෑ යකඩ බැහැර නොකිරීමෙන් රත්රන් නොලබා හිඟන්නෙක් වන්නා සේ වටිනා නිවන සාක්ෂාත් කිරීමට ලැබීම පැවතියදී නොවටිනා මානය බැහැර නොකර දරාගෙන ඉන්නා "සිංහල බෞද්ධයා" කියන්නේ සම්මා සම්බුද්ධ සාසනයේ හිඟන්නෙක්.

Skylark
 
Last edited: