‘සිකුරාදා උඩ බලාගෙන ඉන්න‘

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ‘සිකුරාදා උඩ බලාගෙන ඉන්න‘

    ‘සිකුරාදා උඩ බලාගෙන ඉන්න‘


    දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 65ක් දුරින් වූ මුහුදු තීරයට අභ්‍යවකාශ වස්තුවක් පතිත වීමට නියමිත බැවින් සිකුරාදා (13) පෙරවරු 10.50 සිට 12.50 තෙක් මුහුදු තීරයේ ධීවර හා නාවුක කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා කියයි.


    wt1190F.jpg.CROP_.original-original.jpg


    දෙවුන්දර සිට ගිනිකොන දෙසට කිලෝමීටර් 65ක වපසරියකින් යුත් මුහුදු ප‍්‍රදේශය නාවික හා ගුවන් තහනම් කලාපයක් ලෙස ද ප‍්‍රකාශයට පත් කර තිබේ.

    එම කාලසීමාව ඇතුළත මෙම අභ්‍යාවකාශ වස්තුව මුහුදට පතිත වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එම වේලාව මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව කී ආචාර්යවරයා මේ පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින යුරෝපා විද්‍යාඥයින් බ්‍රහස්පතින්දා (12) එම වේලාව නිශ්චිතවම ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි ද ඔහු පවසයි.



    මුහුදු තීරයට පතිතවීමට පෙර ඉහළ අහසේදී එම අභ්‍යාවකාශ වස්තුවේ පිපිරීමක් සිදුවුවහොත් එහි කොටස් ගොඩබිමට වැටීමට ද ඉඩ ඇතැයි කී චන්දන ජයරත්න මහතා එම කොටස් ඇල්ලීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

    අඩි හතක් පමණ දිගින් යුතු ඩබ්.ටී.1190 එෆ් වශයෙන් නම් කර ඇති මෙම වස්තුව 1960 දශකයේ දී චන්ද්‍ර මෙහෙයුම් යටතේ උඩුගුවනට යැවූ රොකට්ටුවක කොටසක් හෝ ඇපලෝ වැඩසටහන යටතේ යවන ලද යානයක කොටසක් විය හැකි යැයි විද්‍යාඥයෝ සැක කරන බව ද ජයරත්න මහතා සඳහන් කළේය.


    WT1190F-1.jpg


    WT1190F-2.jpg


    ලිපිය ලංකාදිප
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    යන්න තැනක් නෑ වගේ අභ්‍යවකාශේ තියන කුණුගොඩවලුත් අපේ රටටම පාත් වෙන හැටි.
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    යන්න තැනක් නෑ වගේ අභ්‍යවකාශේ තියන කුණුගොඩවලුත් අපේ රටටම පාත් වෙන හැටි.

    ඒකත් ශෝක දිනයක් දවසෙමයි වැටෙන්නේ :rofl:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මේ තියෙන ඔක්කොම රොකට් කෑලියි අරවයි මේවයි, සට සට ගාලා වැටෙන්නෙ ගත්තොත් කොහොම හිටිද?

    19601 ඉදන් 2013 වෙනකන් ගොඩ ගහපු එවා

    url