‘සුපර් බෝල්’ කෝටි පහේ ජයග්‍රාහකයා
හිරු අහසේ ගිනි ගනිමින් සිටී. කොළොම්තොට සිට හැල්මේ දිව එන අපේ වාහනය දැන් ගමන් ගන්නේ මීගමු කළපුව මායිමෙනි. මේ මීගමුව යැයි කියන්නාක් මෙන් නැහැපුඬු හකුළුවන මාළු පිලී ගඳක් මට දැනෙයි.
අප මේ සොයා යන්නේ කවුරුන් ද? සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා හා පුරා හඳුන්වා දුන් “සුපර් බෝල්” රුපියල් කෝටි පහේ වාසනාවන්තයා ය.
ඔහුගේ නම එස් ය. ඔහුගේ බිරියගේ නමට ද ‘එස්’ එකතු වෙයි. පොඩි පුතු නවය වසරේ ඉගෙන ගන්නා දරුවාගේ නම ද ‘එස්’ වලින් හැඩවෙයි. පවුලේ තවත් බොහෝ දෙනකුගේ නමට ද ‘එස්’ තවත් ආරම්භක අකුරකි. මේ ජයමල්ලේ නම ද පටන් ගන්නේ ‘එස්’ අකුරිනි. මේ නම් පුදුමාකාර අහම්බයකි. ඒත් ඇත්තකි.
‘එස්’ සමඟ කිසිම මාධ්‍යයකට නොකියන දේ කතා කිරීමට මා දැන් සූදානම්ය. ‘එස්’ මා අබිමුව සිට අව්‍යාජ කතාවෙන් බොහෝ දේ කියයි. ඔහුගේ නෑ පිරිස ද මා වටේමය.
“මට දැන් අවුරුදු 52 යි. මීගමුව ප්‍රදේශයට නුදුරු ගැමි පරිසරයක මං ඉපදුණේ. ගහකොළ, සතා සීපාවාට පවා මං කවදත් ආදරෙයි. මගේ පියා විදුහල්පතිවරයෙක්. අම්මා උප ගුරුවරියක් හැටියට ප්‍රාථමික අංශයේ වැඩ කළා. දෙදෙනාම දැන් නැහැ.
සොයුරු සොයුරියන් 6 දෙනකුගෙන් යුත් තරමක වත් පොහොසත්කම් ඇති පවුලක මං ඉපදුණේ. මං තමයි පවුලේ බඩපිස්සා. මගේ ළමාවිය ඉතාම සුන්දරයි. වැඩිහිටි සොයුරු සොයුරියන්ගෙන් අම්මා තාත්තගෙන් පුදුමාකාර ආදරයක් කරුණාවක් මට ලැබුණා.
පුංචි සන්දියේ අම්මයි තාත්තයි කාරය පදවාගෙන ඉස්කෝලවලට ගියේ මාව මැදින් තබාගෙන. අම්මා ගුරුවරියක් නිසා එයා උගන්නපු ඉස්කෝලෙට මාත් එතුමියගේ ඇඟිල්ලෙ එල්ලිලා ගියා.
සාමාන්‍යයෙන් පාසල් වැඩ කටයුතුවලට වගේම බාහිර ක්‍රියාකාරකම් ආදියටත් මා තරමක් දක්ෂයි. ඒත් පන්තියේ මං අහිංසක ළමයෙක්. කවරදාවත් දඟ වැඩක් කැර නැති තරම්. මං උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් ඉදිරිපත් වුණේ. ඒත් මං ගහකොළට ආදරය කළ නිසා මට හිතුණා කෘෂිකර්ම ඩිප්ලෝමාවක් කරන්න.
මං ඒ තරග විභාගවලට ඉදිරිපත් වුණා. ඒවයින් පවා මට සාමාර්ථ ලැබුණා. ඒත් ඒවාට අනුමැතිය දිය යුත්තේ පළාතේ මන්ත්‍රී. අපේ පියා පළාතේ ලොකු සමාජ සේවකයෙක් වුණත් දේශපාලනයටත් තරමක් සම්බන්ධව හිටියත් කවරදාවත් තමන්ගේ වැඩක් කරගන්න කා ළඟටවත් ගියේ නැති හරිම ස්වාධීන අවංක කෙනෙක්. මගේ මවු තුමියත් එහෙමයි. මගේ අක්කා ඇත්තටම මගේ දෙවැනි මව හැටියට මගේ ජීවිතයට බලපෑවා.
පොඩි අක්කා පසුකාලීනව ගුරුවරියක් හැටියට කටයුතු කළත් ඒ කාලේ රැකියාවක් නැතිව අවුරුදු 4 ක් උපාධියක් ඇතිව ගෙදර හිටියත් පත්වීම එනකම් තාත්තා කිසිම දේශපාලකයෙක් ළඟට ගියේ නෑ. ලොකු අක්කාත් බැංකු මැනේජර්වරියක් වුණේ ඒ විදියට. දැන් ලොකු අක්කා විශ්‍රාමිකයි.
වික්ටර් රත්නායකයන්ගේ “අම්මා නැති මට කිරි අම්මා වී, කළුවර ගෙදරට පහනක් වී” කියන ගීය ඇහෙනකොට මගේ ඇස්වලට කඳුළු එන්නේ මගේ ලොකු අක්කා මතක් වීමෙන්.
මං කෘෂිකර්ම ඩිප්ලෝමාව ලබන්න මන්ත්‍රීගෙන් අවස්ථාව ලැබෙනකම් බලා හිටියා. පළාතේ එදා හිටපු මන්ත්‍රී පවා අපට බොහොම කිට්ටු අය. ඒත් මට අවස්ථාව ලැබුණේ නෑ. දෙවැනි වරටත් මා ඒ තරග විභාගයට ගියේ දෙවැනි වතාවටවත් ඒ අවස්ථාව ලබන්න. ඒ වතාවෙත් පාස් වුණත් මන්ත්‍රී වරප්‍රසාදය අනුමැතිය ආවෙ නෑ. ඒ වෙලාවෙ මට රජයේ රැකියා කරන්ඩ එපා වුණා. ඒ අතර මගේ රත්තරං තාත්තා ආන්ත්‍රා වුණා. පවුලේ ලොකු අය විවාහ වෙලා ගිහිල්ලා අම්මයි මායි ගෙදර තනි වුණා. ඒත් පවුලේ හැමෝම අම්මා බලන්ඩ ගෙදර නිතර ආවා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති කියයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වනුයේ රටෙහි උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ලබාදීම සහ ජනාධිපති අරමුදල හරහා රටෙහි ජනතාවගේ සෞඛ්‍ය, ක්‍රීඩා, සංස්කෘතික කටයුතු ඉහළ නැංවීම සඳහා දායකත්වයක් ලබාදීමය. ඊට අමතරව රටේ ජනතාවට විශාල ත්‍යාග ප්‍රමාණයක් ලබා දෙමින් රට තුළ විශාල මුදල් සංසරණයක් සිදුකරනු ලබයි.
2013 වර්ෂයේ 30 වෙනි සංවත්සරය සමරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලංකාවේ දැනට පවතින විශාල ජයමල්ල සහිත සුපර් බෝල් නැමති ලොතරැයි පතක් 2012 වර්ෂයේදී හඳුන්වා දෙනු ලැබීය.
සුපර් බෝල් ලොතරැයි පත ජනප්‍රිය වීමත් සමඟ විශාල ත්‍යාග ප්‍රමාණයක් ජනතාවට ලබා දීමට හැකියාව ලැබීම පමණක් නොව රටේ සංවර්ධනයට වැඩි ආදායමක් ලබාදීම සිදුවූ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේද ආදායම වැඩිවීමද සිදු විය.
‘සුපර් බෝල්’ ලොතරැයිය මඟින් රුපියල් කෝටි පහකටත් වැඩි ත්‍යාග මුදලක් හිමිකරගත් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් බිහිවූ ජයග්‍රාහකයා අපගේ වන අතර, ඔහු මෙම මුදල් තමාගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහාත්, අලුත් රැකියා අවස්ථා බිහි කිරීමට තීරණය කර තිබීම ගැන අපි සතුටු වෙමු.
වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති
විශ්‍රාමික අම්මා ලෙඩ ගානේ වැටුණා. කොටින් ම ඈ ඔත්පළ වුණා. මං තවත් පවුලේ හවුල්කාරයෙක් එක්ක සුළු ව්‍යාපාරයක් ආරම්භ කළා ජීවත්වෙන්ඩ. තාත්තා මිය ගියාට පස්සෙ ගෙදර කැණිමඩළට හෙණ වැදුණා වාගෙ. අම්මට දියවැඩියාවත් ආවා. ඒත් අම්මා කීවෙ පොඩි පුතේ, මහන්සි වෙලා දියුණු වෙන්න. මට තවම අමාරු නැහැ කියලයි. මං උදේ හතේ ඉඳන් රාත්‍රී 10 වෙනකම් වැඩ කළා. ගමේ හැම ගහකම අරටු මා හඳුනාගත්තා. ලී බිස්නස්, පොඩි පොඩි වාහන සර්විස් වැඩ මා කළේ ඒ අතරෙදි නිතර ගෙදර දුවමින්. ඇයි! අම්මා ලෙඩ ගානේ නිසා.
අවුරුදු 12 ක් මේ විදියට දුෂ්කර ක්‍රියා කරනකොට අපේ කරල පැහුණා. අපට ආදායම් සරුවෙන්න ගත්තා. ඒත් එක්කම හවුල්කාරයාගෙන් ස්වාධීන වෙන්ඩ මට සිදුවුණා. අම්මත් බලාගෙන මේවත් කරගෙන යන්ඩ බැරි තත්ත්වයක් ආවා. මගේ සිතුවිලි ව්‍යාකූල වෙන්ඩ කලින් මං එයාටම ඒ ව්‍යපාරය බාර දීලා ආයිත් ගෙදර ගියා.
මට රජයේ රැකියා එපා වුණා. කරන ලද ව්‍යාපාරෙත් එපා වුණා. ඒත් මං මගේ දහිරිය නැති කරගත්තේ නෑ. ඔත්පළ අම්මාගේ ආශිර්වාද වාක්‍ය මගේ සිතේ ශක්තිය තව තවත් ඔසවා තැබුවා. ගෙදර ඉඳන් ආයිත් සුළු සුළු වෙළෙඳාම් කළා. හිටි ගමන් කඩපළට දිව්වා. ඒ කටයුතු කරගන්ඩ.
අම්මාට කවන්ඩ, පොවන්ඩ, ඇයව නාවන්ඩ, මේ හැමදේම කොටින්ම කැත කුණු අතගාන්ඩ පවා මට සිදුවුණා.
ඒත් අවුරුදු 3 ක් වගෙ සුළු කාලයක්. පුංචි කාලෙ මගෙ ඇඟිල්ල අල්ලගෙන අත්වාරුවෙන් මා පාසල් ගෙන ගිය අම්මාට මේ වගෙ මෙහෙවරක් පුතෙක් හැටියට කරන්න ලැබීම වරප්‍රසාද ලැබීමක් ලෙස මට පෙනුණේ. මං ඒ හැමදේම කළේ ආසාවෙන්. අනෙත් සහෝදර සහෝදරියෝ අම්මා බලන්ඩ ආවා.
අම්මා ඒ හැම අවස්ථාවෙම ඇසේ සඟවා ගත් කඳුළක් ඇතිව කීවා, පුතේ උඹට හරි යනවා. දියුණු වෙනවා කියලා. තාත්තාගේ දානය වසරක් පාසා අප හැමදෙනා එකතු වෙලා දුන්නා. ඒ දානය උයනකොට මාත් එකතුවෙලා ඒ කටයුතු කරනවා. එළවළු කපනවා. ළූණු සුද්ද කරනවා. වළංමුට්ටි සෝදනවා. මේවා දැකපු අම්මා තවත් මට ආශිර්වාද කළා.
අම්මා නැති වුණාට පස්සෙ මං අම්මා නැතිවුණු හැම ජනවාරි මාසෙම වෙනම දානයක් දුන්නා. මගෙ විවාහය සිද්ධ වුණෙත් අම්මා ඔත්පළව ඇඳේ ඉන්නා කාලෙ. මගෙ පොඩි පුතාට අවුරුද්දක් විතර ඇති අම්මා නැතිවෙනකොට. හැම අවුරුද්දෙම සැප්තැම්බර් තාත්තගෙ දානෙ. මේ අවුරුද්දෙ දුන්නෙ 29 වතාවට.
තාත්තගෙ දානෙ අම්මගෙ දානෙ කිට්ටු වෙනකොට අම්මව මට පේනවා. මං හිටපු මහ ගෙදරින් මගෙ නෝනටත් මටත් පොඩි එකාටත් යන්ඩ වුණා. ඒ ගෙදරින් අයින් වෙලා මගේ නිදහස හොයාගෙන යන්ඩ සිද්ධ වුණා. එහෙ මගෙ තවත් සහෝදරයෙක් පදිංචිව හිටියා. සහෝදරයන් අතරත් එකමුතුවක් තිබුණත් නිදහස කියන එක වටිනවා.
ඒ නිසා මං නෝනාගේ මහ ගෙදර (මීගමුවෙන් සෑහෙන දුර) ටික දවසකට ගියා. මගෙ වාහනය වෑන් රථය ඒ කාලෙ මගෙ නවාතැන. පොඩි එකත් එක්ක අප දෙන්නා මේ වාහනේ ගෙයක් කරගත්තා. පොඩි එකා මොන්ටෙසෝරි ගෙන යන්ඩත් නෝනත් පාසල් ගුරුවරියක් නිසා එයාව පාසලට යවන්ඩත්, මගේ සුළු ව්‍යාපාර කටයුතුවලට මීගමුවෙ ඉන්න ඕනෑ නිසාත් අපි අරුණැල්ලෙම වාහනෙන් මීගමු ආවා. සමහර විට ගහක් යට දවල් බත කෑවෙ. අප නොවිඳිනා දුක් විඳිනකොට අම්මයි තාත්තයි මට හීනෙන් පෙනුණා. හොඳට දෙන්නා කතාබහ කළා. උඹට හරි යනවා පුතේ කියලා නොපෙනී ගියා.
මං මීගමුවෙ කුලී ගෙදරකට ආවෙ අර දුෂ්කර ක්‍රියාව තවත් විඳින්න බැරිව. ඒ කුලී ගෙදරත් දැන් කාලයක්ම හිටියා. අම්මගෙ දානෙට, තාත්තගෙ දානෙට මට කවදත් කොහන් හරි ස්වීප් ටිකට් එකක් වැඩ කරනවා. ඒත් ‘සුපර් බෝල්’ කෝටි 5 මට ලැබේවි කියානම් හිතුවේ නෑ.
මං වෙන්නප්පුවට එදා ගියේ මගෙ මෝටර් සයිකලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍රය හදාගන්ඩ. හැමදාම මං පුරුද්දට වගේ ස්වීප් ටිකට් ගන්නවා. ඒ ටිකට්වලින් මට සුළු සුළු තෑගි ලැබුණා. ඒත් හැමදේම සිද්ධ වෙන්නෙ අම්මගෙ දානෙ ළංවෙද්දී.
එදා හරි පුදුම දවසක්. අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිහින් දරුවන්ට පොත් ගන්ට සූදානම් වුණා. වෙන්නප්පුවෙන් ගත් ටිකට් එක ඒ වෙලාවෙ මගෙ අල්මාරියේ තැන්පත් කැර තිබුණෙ. මං කලබලේම කමිසය ඇඳලා තියෙන්නෙත් කණපිට. එළියට ආවාම මගෙ යාළුවෙක් මේක කන්ඩ කියල ලොකු කෙසෙල් ගෙඩියක් දුන්නා. මට කන්ඩ බැරි තරම් ඒක ලොකුයි. ඒත් යාළුවාගෙ පෙරැත්තට ඒක කෑවා.
එදා එහෙම යද්දි ගත් ස්වීප්වලට සුළු සුළු ජයග්‍රහණත් තිබුණා. මං විහිළුවට මගෙ අද අම්මා වගෙ ඉන්න අක්කට කීවා, “අක්කේ, අද සුපර් බෝල් එකත් මං ගන්නෙ” කියලා. ඔක්කොම හිනාවුණා. ලොකු අක්කත් එයාගෙ මහත්මයා නීතිඥ මස්සිනාත් මට හැමදාම ආශිර්වාද කළා.
එදා හවස මේ ජයග්‍රහණය ලබපු වෙලාවෙ මට අදහාගන්ඩ බැරි වුණා. අම්මා තාත්තා මට දුන් තෑග්ගක් නේද කියලා හිතුණා. මං මේකෙන් ගෙයක් දොරක් මටම කියලා හදා ගන්නවා. දරුවන්ට උසස් අධ්‍යාපනයක් දෙනවා. මා ළඟ ඉඳලා ඉවත්වෙලා ව්‍යාපාරයක් පටන්ගන්ඩ කියන ඒ සේවකයන්ව අරගෙන ව්‍යාපාරයක් කරනවා. හොඳ ආයෝජනයක් කරලා රටටත් සේවයක් කරනවා.
එක දෙයක් කියන්නට ඕනෑ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති පතිරාජ මහත්මයා හා එහි කළමනාකාර අධ්‍යක්ෂතුමා ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්ගේ ඉඳන් ලොතරැයි මණ්ඩලයේ සියලුම සේවකයන් ඉතාම කරුණාවෙන් අපට සැලකුවා.
ඒත් එක්කම රටේ ජනතාවට මං කියන්නේ මේ වාසනාව කොතැන තියෙනවා ද දන්නෙ නෑ. මට හැමදාම අරමුණක් තිබුණ ස්වීප් ගන්නකොට කවරදා හරි දිනයි කියලා. ඒක මට අද හිමි වුණා. මගෙ අම්මට පින්සිද්ධ වෙන්ට. සමහරවිට මේ රටේ මිථ්‍යා මත යනවා. ලොතරැයි වාසනාව එහෙම කාටත් යන්නෙ නෑ කියලා. ඒ නිසා සිළුමිණ පත්තරේට පමණක් මේ කතාව කියලා ඒක ඇත්ත කියලා සනාථ කරන්ඩ හිතුණේ.
තවත් දෙයක් කියන්න ඕනෑ. මං උදේ හවා බුදුන් වඳින පංච ශීලය රකින කෙනෙක්. “ධම්මේ හවෙ රක්ඛති ධම්මචාරි” කියන කතාව ඇත්ත. මං තාටවත් වෛර කරන්නේ නෑ. කාටත් මෛත්‍රිය පතුරනවා. මේ මුදලින් දාන මාන දීලා දුගී මගී යාචකාදීනටත් කොටසක් දන් දෙනවා.
එදා මගේ සුළු ව්‍යාපාරවලට ණය ගන්න ගියාම, ගෙවල් දොරවල් උකස් කරලාවත් ණයක් ගන්න බැංකු උදව් කළේ නෑ. මට ඇපකාරයන් සොයාගන්ඩ පුළුවන්කම තිබ්බත් ඒ ඇපකාරයො ශක්තිවන්තයින් ලෙස බැංකු පිළිගත්තෙ නෑ. ඒත් මගෙ මුදල දාගන්න දැන්නම් බැංකු ජාලයම ඒවි. දුප්පත්, මිනිසුන් ගැන හිතලා සැබෑ සෙනෙහසින් කටයුතු කරන්ඩ බැංකු කළමනාකරණය සිතන්ඩ ඕනෑ බවත් මා කියන්ඩ කැමැතියි.
මේක මගේ රත්තරං අම්මා එයාගෙ දුක සැප වැලඳගත්තට මට දුන් තෑග්ගක්.
from silumina news paper 2013 09 28