‘සෙපා’ යළි මතුවේ…
සෙපා හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2008 වසරේ සාර්ක් සමුළුව අවස්ථාවේ වුවත් මෙරට ඇතැම් ව්‍යාපාරික කොටස් වෙතින් නැගුණු විරෝධතා හමුවේ මෙම ගිවිසුම හකුළා ගන්නට පසුගිය රජය කටයුතු කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකාගමනයත් සමග සෙපා ගිවිසුම පිළිබඳව මෙරට වත්මන් ආණ්ඩුවත් මෝදි ප්රමුඛ ඉන්දීය ආණ්ඩුවත් දැඩි උනන්දුවක් දක්වා තිබෙන බව පෙනෙන්නට තිබේ.
ඊයේ පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සෙපා ගිවිසුම සම්බන්ධයෙන් ලංකාව බියට පත්විය යුතු නැති බවත් මෙම ගිවිසුම මගින් දෙරටටම ප්රතිලාභ අත්වනු ඇති බවයි.
මේ නිසා, විශ්වාසදායී ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු ඉදිරියට රැගෙන යාමේ වැදගත්කම පිළිබඳව ඔහු මෙහිදී අවධාරණය කළේය.