‘සෙරින් රිවර් පාර්ක්’ උද්‍යානය හෙට සිට විවෘතයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගාල්ල, හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.​

    සෙරින් රිවර් පාර්ක් ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකර තිබේ. 2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූ මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායකි.​

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි සැලසුම් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.​

    ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි.​

    වැවක්, ඇවිදින මංතීරු, යඩක පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් හෝලු‍වාගොඩ සෙරින් රිවර් පාර්ක් උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබා ගන්නේ ‍සූර්යාලෝකයෙනි.​

    ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන ජනතාවට අළවිකිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මකය.​

    ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල,වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.​

    එමෙන්ම දශක ගණනාවක සිට හෝලුවාගොඩ,ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීමටද මෙම උද්‍යානය මඟින් සිදුවේ.​

    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.​

    ප්‍රදීප් අනුර කුමාර​


    ගෝඨාභය ජනාධිපතිත් මෙකේ කොටස් කරුවෙක්. ඇත්තටම එයාගේ උත්සාහයක්. අපි මාලිමාව වගේ කුහක වෙන්නේ නැතුව ඒ ගෞරවය දෙනවා...

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මිලියන 10 කින් බෝට්ටු නිශ්පාදන ආයතනයක් පිහිටවිය හැක.

    ඒ අනුව ධීවර සමිති 44 කට මෙය ප්‍රධානයක් ලෙස දෙනු ලබයි.

    අවුරුද්දකට බෝට්ටු 44x12(months)x 8 (out per month) =4224 එකතු වුවහොත් , දවසකට කිලෝ 50 ගාණේ දවස් 250ක් මුහුදු ගියොත් මෙට්‍රික් ටොන් 52,800 අතිරේක මාළු අස්වැන්නක් ලැබේ.
    (Annual Production per annum 116,890 Mt during 2022)

    එමගින් ජනතාවට හොඳ මිලකට මාළු සහ පවුල් (සෘජු) 25,000 සහ වක්‍ර 75,000 ආර්ථික දිරිගැන්වීමක් ලැබේ.
    2026 task will double the current production...
    ඔහොම රට හදන එකෙක් එන්න උඹලා මට වියදම් කරපල්ලා ඡන්දෙකදී....😀🙏

    very small change will make a big difference.... do your plans today not tommorow - Brandya


    .
     
    Last edited: