‘හලාල්’ වෙනුවෙන් උලමා-උලමා ගැටේ
සමස්ත ලංකා ජමිතුල් උලමා උලමා සභාවේ කි‍්‍රයාකලාපය වංචා සහගත බවත් එය මුළුමනින්ම දේශපාලනීකරණය වී අවසන් බවත් ශ්‍රී ලංකා ජමයිතුල්ලා උලමා සංවිධානය පවසයි.
සමස්ත ලංකා ජමයිතුල්ලා උලමා සංවිධානය සමාජයට මුහුණ නොදී සැඟව සිටින බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් අයියාස් මහතා කියා සිටී.
අයියාස් මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
‘අද වෙනකොට උලමා සභාවේ උලමාවරු හලාල් සම්බන්ධව මේ යන පරිසරය තුල සාකච්චා වෙන මාතෘකාවක් හැටියට ඇත්තටම ඒ උලමාවරු සමාජය වෙනුවෙන් ඇත්තටම පෙනී ඉඳල නෑ.
අපි කියන්නේ මේ හලාල් සිද්ධිය සම්බන්ධව ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් හලාල් වලට මොකක්ද කෙරුවෙ හලාල් ආපු සල්ලි තියෙනව නම් ඒව ගණුදෙනු ඔක්කොම පෙන්නල අද රටට හෙළි කරන්න ඕන. සමාජය ආරක්ෂා කිරීමේ වගකීම උලමාවරුන්ට තියෙනව. නමුත් අද වෙනකොට ඒ උලමාවරු සමාජයේ මැදිහත්වීම, වගකීම තනිකර පැහැරහැරල තියෙනව.. ප්රතික්ෂෙප කරල තියෙනව. ඒකෙන් අපට තේරෙනව මෙතන යම් කිසි ප්‍රශ්ණයක් තියෙනව කියල..
ඒගොල්ලන්ගෙ යුතුකමක් තියෙනව අනිවාර්යෙන් ඇවිල්ල පෙනී හිටල අපි මෙච්චර කල් හලාල් කෙරුවේ මේ ක්‍රමයට.. මෙන්න අපේ ගණුදෙනු අපේ සල්ලි කියල ඔක්කොම හෙළිදරවු කරපුවහම සමාජයක් හැටියට අපිටත් ආරක්ෂාව තියෙනව.
ඒ නිසා අපි ඉල්ලීමක් කරනව මේක එතුමන්ලට කරන්න බැරිනම් කට්ටි පනින්නෙ නැතිව, සමාජය වෙනුවෙන් පෙනී හිටින්න බැරි නම් කරුණාකරල කියනව උලමාවරුන්ට මේක මුස්ලිම් සංස්කෘතික අමාත්‍යංශයක් යටතට දෙන්න කියල.
ඇත්තටම ජමිතුල් උලමා සභාව දිගින් දිගටම දේශපාලනීකරණය වෙලා අවසන් වෙලා තියෙන්නෙ. මන්නාරම උසාවියට ගල් ගහපු වෙලාවෙ අපි දන්නව ඒ ඇමතිවරය වෙනුවෙන් ජමිතුල් උලමා සභාව පෙනී හිටිය. ඒවට උද්ඝෝෂණය කරන්න කියල නියෝග කෙරුව. මේක දේශපාලනීකරණය වෙලා තියෙන්නෙ. ඇත්තටම අපිත් හිතනව මේක බරපතල ප්‍රශ්ණයක්. මේක ස්වාධීන ආයතනයක් හැටියට මොන ආණ්ඩුව ආවත්, මොන පාලකය මේ රටේ හිටියත් ඒක අවංකව පෙනී හිටින්න කියල තමයි අපි කියන්නෙ.’
Code:
http://lankacnews.com/sinhala/main-news/90386/

Last edited by a moderator: