~~//..‘හා ජෝඩුව රුපියල් පනහයි’..????

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//..‘හා ජෝඩුව රුපියල් පනහයි’..????

‘හා ජෝඩුව රුපියල් පනහයි’ වෙළෙන්දාගේ උපායට ගුරුතුමා අහුවෙලා. ( දිනමිණ 15-10-2011)

හංවැල්ල සමූහ
ධර්මසිරි විජේරත්න

මසකට රුපියල් 14 ක පඩියට ගුරු සේවයට බැඳී විශ්‍රාම ලැබ සිටින පබිලිස් ඉස්කෝලෙ මහතා කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.අරපිරිමැස්මෙන් වියදම් කිරීමට පුරුදුව සිටි ඔහු සතියකට දෙවරක් නිවසට අවශ්‍ය දේවල් මිලදී ගත්තේ ගමේ සතිපොළෙනි. පොළේ යාමට ඔහු සවස්වරුව යොදා ගත්තේ උදේට මෙන් නොව සවසට එළවළු, පලතුරු, කරවල ආදිය ලාභෙට විකිණෙන හෙයිනි.

එදින ඔහු පොළට ගොස් මග දෙපස වෙළෙඳුන් මැදින් වටපිට බලමින් පියමං කෙළේ තවත් යමක් ලාබෙට ඇද්දැයි විමසිල්ලෙනි. “ජෝඩුවම රුපියල් පනහයි හා - ආ - ජෝඩුව පනහයි ‘හා’ ජෝඩුව පනහයි කියා කෑගසන තරුණයකු අසල ඔහු මොහොතක් නතර විය. රුපියල් 50 කට මේස් බැනියම් ජෝඩුවක් ගැනීම ගජ ලාභයකැයි සිතූ පබිලිස් මහතා සාක්කුවට අත යවා රුපියල් පනහේ නෝට්ටුවක් ගෙන තරුණයාට දුන්නේ ය.
ගන්න ගන්න ජෝඩුවම පනහයි කියා ගෑගසමින්ම තරුණයා මේස් බැනියම් ගොඩෙන් එක් බැනියමක් ගෙන පබිලිස් මහතා අතට දුන්නේ ය. “මේ මොකද එකක්? ජෝඩුවක් නෙ පනහයි කිව්වෙ” පබිලිස් මහතා විමතියෙන් විමසීය. මේස් බැනියම් ජෝඩුවක් රුපියල් පනහට දෙන්න ඇත්තේ මහත්තයලගෙ කාලෙ දැන් කාලෙ ඊට වඩා වෙනස්’ තරුණයා කීය. එහෙනම් මොන මළ ඉලව්වකට ද ජෝඩුව පනහයි කිව්වේ. පබිලිස් මහතා තරහෙන් ඇසුවේ ය.
“මම කිව්වෙ නෑනෙ බැනියම් ජෝඩුවක් පනහයි කියල. මහත්තයම බලන්න ඔය බැනියමේ ගහල තියෙන වෙළෙඳ ලකුණ මොකක් ද කියල තරුණයා කීවේ ය. මේකෙ තියෙන්නෙ හාවො දෙන්නෙක් පබිලිස් මහතා පිළිතුරු දුන්නේ ය.
 
  • Like
Reactions: anuradhamapa