‘‘ගැහිල්ලක තරම’’

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ‘‘ගැහිල්ලක තරම’’ - තරාදියක් සවි කර දවසින් ටොන් 1300 ටොන් 600ට බැස්ස හැටි.

    21430643_1955317998083042_2318392344520906410_n.png

    පසුගිය සිංහල අලූත් අවුරුදු දිනයේ මෙරට ඉතිහාසයේ පෙර නොවූ ඛේදවාචකයකට මුහුණ පෑමට රටට සිදු විය. ඒ මීතොටමුල්ලේ කසළ කන්ද නාය යෑමයි. එමගින් වටිනා ජීවිත ගණනාවක් රටට අහිමි විය.
    ඒ සිදුවීම සමග මාගේ බලාපොරොත්තුව වූයේ දශක ගණනාවක් පුරා දැවෙන ගැටළුවක්ව පවතින කසළ ගැටළුව පිළිබඳ රටේ අදහස් වෙනස් වේ යැයි කියාය. නමුත් මීතොටමුල්ල ඛේදවාචකයෙන් රටට අහිමි වූ ජීවිත පිළිබඳව හෝ එහි පවත්වාගෙන යනු ලැබූ ක‍්‍රියාවලිය පිළිබඳ හරවත් කතිකාවතක් ගොඩනැගීම තුළින් කැලි කසළ ගැටළුව පිළිබඳ ජන මනස වෙනස් කිරීමක් එහිදී සිදුවූයේ නැත.
    ඒ වෙනුවට සිදුවූයේ මීතොටමුල්ල ඛේදවාචකයෙන් තවත් අර්බුදයක් පැනනැගී සෑම තැනකම කසළ ගොඩගැසෙන තත්ත්වයක් උදා වීමය. ඇතැමුන් එය විසඳාලීම සඳහා හමුදාව යෙදවීමට අදහස් කළ අතර ඇතැමුන් විරෝධතා, උත්ඝෝෂණ ආදිය කළහ. කෙසේ හෝ අවසානයේ සිදුවූයේ අප අමාත්‍යාංශයේ කාර්ය්‍යභාරයට අයිති නොවූවද එම ගැටළුව විසඳීම අප වෙත භාර කිරීමය.
    ඒ අනුව දැන් කොළඹ හෝ අවට මාර්ගවල තවදුරටත් කැළි කසළ ගොඩගැසීමක් දක්නට නොමැත. අප විසින් මෙම ගැටළුව විසඳීම සඳහා සාධනීය පියවර ගණනාවක් ගනු ලැබූ අතර මේ වන විට එක් රැස් කරනු ලබන කසළ විධිමත්කරණය කරගැනීම කළ යුතුව තිබේ. (දැනටද එය තරමක් දුරට සිදුකෙරී ඇත)
    අප විසින් මෙම කටයුත්ත භාර ගැනීමත් සමග කසළ ගැටළුවේ කිසිවෙකු අවධානය යොමු නොකළ තවත් එක් සුවිශේෂී කරුණක් කෙරෙහි අප අවධානය යොමු විය. ඒ පිළිබඳ සඳහනක් කළ යුතුමය. කොලොන්නාවේ නගර සභාවේ වත්මන් ලේකම්තුමිය වැඩ භාරගන්නා විට එම නගර සභාවේ කසළ ප‍්‍රමාණය ටොන් 40ක් ලෙස ලිපි ගොණුවල සඳහන්ව තිබුණි. නමුත් ඇය වැඩ භාරගැනීමත් සමග එම කසළ ප‍්‍රමාණය ටොන් 40 සිට ටොන් 12 දක්වා පහළ බැසින. එයට හේතුව වූයේ කිසියම් විජ්ජාවක් නොව එම ආයතනයන් තුළ තිබූ බොරුව හා වංචාවට වැට බැඳීමය. ඇයගේ ආගමනයට පෙර කැලි කසළ ගැටළුව තුළින් අයථා ලෙස කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් ඉපයීම කොළොන්නාව නගර සභාව තුළ සිදුවෙමින් තිබිණ. කොළොන්නාව කුණු කන්ද ඒ අවට දිවි ගෙවූ පිරිසට, මහ පොළොවට, ජල සම්පතට හා වායු ගෝලයට මහා හානිකර වූ ක‍්‍රියාවලියක් වූවද ඇතැමුන්ට එය මහා ධන උල්පතක්ව තිබූ බව ඉන් සක්සුදක් සේ පැහැදිලි විය.
    කෙසේ හෝ අප වෙත මෙම වගකීම භාර කෙරීමෙන් පසු, එක් රැස් කරනු ලබන කසළ කෙරවලපිටියේ ස්ථාපිත කරනු ලැබ ඇති විධිමත් කසළ අංගනයට ගෙන යෑමට කටයුතු යොදා ඇත. ඒ අනුව කොළඹ නගරයේ, කොළොන්නාවේ, කඩුවෙල ප‍්‍රදේශයේ ඇතුළු තවත් ප‍්‍රදේශයන් ගණනාවක එක් රැස්වන කසළ කෙරවළපිටිය කසළ අංගනයට ගෙන ගොස් බැහැර කරනු ලැබේ.
    එහිදී ද සිදුවූ සුවිශේෂී සිදුවීමක් සඳහන් කළ යුතු යැයි අදහස් කරමි. එයද පෙර සඳහන් කළ පරිදි කසළවල ප‍්‍රමාණයන් පිළිබඳවමය. සංඛ්‍යා ලේඛණ පරික්ෂා කිරීමේදී කසළ ටොන් 1300ක් කෙරවළපිටිය කසළ අංගනයෙන් භාරගනු ලැබ ඇති බවට සඳහන් විය. එම වාර්තාවන් හි කසළ රැගෙන පැමිණි ලොරි රථ සංඛ්‍යාව ද අන්තර්ගත විය. පසුව අප විසින් ලොරි රථවල බර කිරීම සඳහා තරාදියක් සවි කරනු ලැබූ අතර තරාදිය සවි කර දවසක් තුළ පෙර සඳහන් කළ සංඛ්‍යා ලේඛණවල සඳහන්වූ ටොන් 1300ක කසළ ප‍්‍රමාණය ටොන් 600ක් දක්වා පහළ බසින ලදී. මෙපමණ කලක් පැවති කසළ මාෆියාවේ තරම ඉන් තේරුම්ගත හැකිවනු ඇතැයි සිතමි. ඒ අනුව එම වංචනික ක‍්‍රියාවන්ට වැට බැඳීමට අපට හැකි විය.
    අනෙක් අතට ලංකාව යනු අපූරු රටකි, මෙපමණ ව්‍යසනයක් සිදුවී, මෙපමණ ගැටළුවක් පැණ නැගී ඇති අවස්ථාවක ඒවාට වගකිව යුතු කිසිවෙක් අත්අඩංගොඩ ගෙන නැත. වරක් චීනයේ ද මෙවැනිම සිදුවීමක් සිදුවූ අතර එය කෙලවර වූයේ හතර දෙනෙකු එල්ලූම්ගස් යැවීමෙනි. අවාසනාවට අප රටේ එබ`දු තත්ත්වයක් නැත. ඒවායෙන් මුදල් ඉපයූ ජාවාරම් කාරයෝ නිලධාරීන්ට ද තර්ජනය කරමින් තවමත් වැජඹෙමින් සිටිති. එය ඉතා කණගාටු දායක තත්ත්වයකි. වෙන ඕනෑ තැනක වංචා දූෂණ කරගත හැකි මුත් මාගේ අමාත්‍යාංශය සමග එම වංචා දූෂණයන් කළ නොහැකි බවත්, එසේ කිරීමට උත්සාහ කරන්නේ නම් අප ඒ පිළිබඳව දැඩි ක‍්‍රියාමාර්ග ගනු ලබන බව ද ඔවුනට ප‍්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගනු කැමැත්තෙමි.
    පාඨලී චම්පික රණවක
    2017 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ දේශණයක් ඇසුරිනි.
     
    Last edited: