උපෝසථයේ වටිනාකම…
එක දවසක් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරේදි ශාක්‍ය පිරිසක් හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා,
‘‘ශාක්‍යවරුනේ, ඔබ උපෝසථ සිල් ආරක්ෂා කරනවද?”
‘‘නෑ” කිව්වා.
බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘ඇයි?” කියලා.
‘‘දන්නේ නෑ” කියනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘හරි පාඩුවක්. විශාල පාඩුවක්..”
උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා.
‘‘ශාක්‍යවරුනේ, ඔන්න මනුෂ්‍යයෙකුට රස්සාවක් ලැබෙනවා. මේ රස්සාවට දවසට කහවණුවක පඩියක් ලැබෙනවා නම් ඒ පඩිය හොඳද?”
‘‘හොඳයි” කිව්වා.
ඊට පස්සේ ඇහුවා ‘‘එයාට දවසකට කහවණු දහයක්.. සීයක්… දාහක්… දසදාහක්… ලැබෙනවා නම් ලොකු පඩියක් නේද?”
‘‘එහෙමයි ස්වාමීනී, ඒක විශාල පඩියක්.”
බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘හොඳයි එයාට දවසට කහවණු ලක්ෂයක පඩියක් ලැබුණොත්…?”
‘‘ස්වාමීනී, එහෙම නම් එයා මහා ධනවතෙක් වෙනවා.”
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘හොඳයි, ඒ කෙනා දවසට කහවණු ලක්ෂය ගාණේ අවුරුදු සියයක් ඒ රස්සාව කළොත්…?
‘‘ස්වාමීනී, මහා ධනවතෙක් වෙනවා” කිව්වා.
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘ශාක්‍යවරුනේ, දවසට කහවණු ලක්ෂයේ පඩිය අරගෙන අවුරුදු සියයක් හම්බ කරනවාට වඩා එක දවසක් උපෝසථ සීලය රකින එක වටිනවා.”
දවසට ලක්ෂය ගාණේ අවුරුදු සියයක් හම්බ කරපු කෙනෙකුට කාලාන්තරයක් ඒකෙන් සැප විඳින්න බැරිද?
ඊටත් වඩා සැප විඳින්න පුළුවන් මහා පිනක් දවසක උපෝසථයෙන් රැස්වෙනවා.
සාමාන්‍යයෙන් අපි චාරිත්‍රයක් හැටියට සිල් ගන්නවා. ඊට පස්සේ හවස හතර හමාර පහ වෙනකොට බඩගිනියි.
සිල් පවාරණය කරලා පන්සිල් අරගෙන මොනව හරි කාලා ඉතින් ඔහේ ඉන්නවා. ‘අපි සිල් ගත්තා’ කියනවා. සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ.
නමුත් අවබෝධයකින් යුතුව දිනයක් පුරාවටම උපෝසථ සීලය ආරක්ෂා කරන්න ඇත්නම් තවත් අමතර පිනක් රැස්කළා වෙනවා. අනිත් අයවත් උපෝසථයේ යොදවන්න ඇත්නම් අපි තවත් අමතර පිනක් රැස් කරගන්නවා.