‘‘පෘථිවියේ නරකම මිනිසා’’

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ‘‘පෘථිවියේ නරකම මිනිසා’’

    ඒ ඇමෙරිකාවේ නෙවාඩා ප‍්‍රාන්තයේ ලාස් වේගාස් නුවරයි. සුප‍්‍රකට එම්.ජි.එම් ග‍්‍රෑන්ඞ් හෝටලයි.එහි රංග ශාලාවක වේදිකාවේදී විශේෂ නාට්‍යයක් රඟ දැක්වෙයි.
    එහි දී රඟ දැක්වෙන්නේ එක් පුද්ගලයෙක්ගේ චරිතයයි.
    මෙය වන් මෑන් ෂෝ එකකි.
    මෙහි ප‍්‍රධාන නළුවා පුවත් මවන්නෙකි. ඔහු අන් කවරෙක් හෝ නොව ඇමෙරිකානු සුපිරි බොක්සිං ශූර මයිකල් ජෙරාල්ඞ් මයික් ටයිසන්ය.


    mike-tyson-11.jpg

    යළිත් ටයිසන් පසුගිය අපේ‍්‍රල් 14 වැනිදා අපුරු පුවතක් මැව්වේය.

    එනම් ඔහුගේ ජීවිත කථාවේ ප‍්‍රකට හා අප‍්‍රකට තොරතුරු රුසක් වේදිකාවේ රඟ දක්වමිනි.

    හතලිස් හැවිරිදි ටයිසන් සිය සුපුරුදු බොක්සිං පහරවල් කිහිපයක් එදින පැමිණි ආරාධිතයන්හට පෙන්වීය.

    ඊට අමතරව රූප සුන්දරියක් දුෂණය කර එහි වැරදිකරු බවට පත්වී වසර 6ක් බන්ධනාගාර ගත කරන ලෙස නියමවී වසර 3න් නිදහස් වීමත් ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැනත් යකඩ ටයිසන් හෙළි කළේය.

    ‘‘පෘථිවියේ නරකම මිනිසා’’ යන නම පට බැඳී තිබු ටයිසන්ගේ මෙම වෙනස්වීම හා මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරුවී අවසානයේ එය නතර කර දැමීමට හැකිවීම ඔහුගේ තෙවැනි බිරිය වන කිකී හේතුකොට ගෙන සිදුව ඇත.

    ජීවිත කථාව රඟ දැක්වු ඒම්, ජී, එම් ග‍්‍රෑන්ඞ් හෝටලය අතීතයේදී ටයිසන්ගේ ප‍්‍රකට බොක්සිං තරග පැවැත්වු ස්ථානයයි.

    කටුක ළමා වියකට හිමිකම් කී ටයිසන් උපන්නේ බෲක්ලින් නුවරදීය.ඔහුගේ සෑබෑ පියා කවුද යන්න ඔහු තවමත් නොදන්නේය.ඔහුගේ මව ගණිකාවකි.ටයිසන්ට යන්තම් අවුරුදු 16 සපිරෙන විට ඔහුගේ මව මිය ගියේය.ඒ වන විටත් ජනයා මුරණ්ඩු අපරාධ කරුවෙකු ලෙස හංවඩු ගැසු ඔහු අවුරුදු 13 වන විට 38 වතාවක්ම පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
    අවුරුදු 20 දී ලොව ලාබාලතම බොක්සිං ශූරයා වීමට ඔහුට හැකිවිය.ඒ ඔහුට බොක්සිං සිප් නැණ කියාදුන් ප‍්‍රකට බොක්සිං පුහුණුකරුවෙකු වන කස් ඩි අමාටෝගේ මඟ පෙන්වීමෙනි.
    මොහු බොක්සිං පිටියේදී නරුමයෙකි.එසේ මොහුව ජනයා විසින් හඳුන්වනු ලැබුවේ වසර 1997 ජුනි 28 වන දින තරගයකදී ඇමෙරිකානු ක‍්‍රීඩක හොලිෆීල්ගේ කන් දෙවතාවක්ම ටයිසන් සපා කෑම හේතුවෙනි.
    ටයිසන් බොක්සිං ශූරතා 58 සහභාගීවී ඇති අතර ඉන් තරග 50ක් ජය ලබා, තරග 06න් පරාජයට පත්වී ඉන් තරග 02ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත.
    ඔහුගේ පළමු විවාහය 1989 වසරේදී බිඳ වැටුණි.දෙවැනි විවාහයද 2003 වසරේදී බිඳ වැටුණේය. ඔහු 2009 වසරේදී සිය වත්මන් බිරිඳව විවාහ කර ගත්තේය.එම වසරේදීම ඔහුගේ සිව් හැවිරිදි දියණිය නිවසේ සිදුවු හදිසි අනතුරකින් මිය ගියේය.


    535124_331408773598583_100001883895281_829875_389302716_n.jpg
    542900_331408823598578_100001883895281_829876_1215568984_n.jpg


    543670_331408850265242_100001883895281_829877_658084615_n.jpg
    560118_331408753598585_100001883895281_829874_234811580_n.jpg