‘A little from the English Language -13’ STUDY & SPEAK

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ‘A little from the English Language -13’ STUDY & SPEAK

    Introducing ‘am’ 'ඈම්' හඳුන්වා දීම.

    Am= (ඈම්) = වෙමි/ සිටිමි/ඉඳිමි යන තේරුම් ලබා දෙයි.
    අප කවුරුත් දන්නා විදිහට අපේ මව් බසේ 'මි'යන්නෙන් අවසාන වන ක්‍රියා පදයෙන් අවසන් වෙන්නේ උත්තම පුරුෂ වර්ගීකරණය යටතේයි. ඉන්ගිරිසි බසේත් ඒ විදිහමයි.උත්තම පුරුෂ අවස්ථාව ඉන්ගිරිසි බසේදී හඳුන්වන්නේ ෆස්ට් පර්සන් - First Person -ලෙසයි.

    ඉතාම වැදගත්: 'ඈම්'-(am),(I) 'අයි' යන පදය සමග පමණක් භාවිත වන බව සහ එසේ කළ යුතු බව හොඳින්ම මතක තබා ගත යුතුය.
    I am – correct

    ('ඈම්' යනු උපකාරක ක්‍රියා පදයකි.)

    ‘am’ – usage 'ඈම්'- භාවිතය

    I am a teacher. (මම ගුරුවරයෙක්මි/ගුරුවරියක්මි.)

    I am a student. (මම සිසුවෙක්මි/සිසුවියක්මි.)

    I am an engineer. (මම ඉන්ජිනේරුවෙක්මි.)

    I am a doctor. (මම වෛද්‍යවරයෙක්මි/වෛද්‍යවරියක්මි.)

    I am a farmer. (මම ගොවියෙක්මි.)

    I am in the library now.

    I am writing a letter.

    I am talking to you.

    I am reading a book.

    I am trying to catch the bus to Kandy.

    I am pre-pairing for my final examination.