‘A little from the English Language -6’ STUDY & SPEAK IN ENGLISH (Answers)

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    Q.What is your name? ඔබේ නම කුමක්ද? A. My name is Anil/Ashoka/Kamala/Shalini…….

    Q.What is that? අර කුමක්ද? A.That is a table./That is a mango tree.

    Q.What is your age? (වට් ඊස් යෝර් ඒජ්?) ඔබේ වයස කීයද?
    A. My age is twenty-five years. / I am at twenty-five. / I am twenty-five years old.

    Q.What is your favourite sport?(වට් ඊස් යෝර් ෆේවරිට් ස්පෝර්ට්?) ඔබේ කැමතිම ක්රීඩාව කුමක්ද? A.My favourite sport is cricket/football/netball……...

    Q.Who is that gentleman? ( හූ ඊස් දැට් ජෙන්ට්ල්මන්?) ඒ මහත්මයා කවුද?
    A. That is Mr Rathnayaka./That is my father./That is our Principle.

    Q. Who is your class teacher? (හූ ඊස් යෝර් ක්ලාස් ටීචර්?) ඔබේ පන්ති බාර ගුරුවරයා/ගුරුවරිය කවුද?
    A. My class teacher is Miss.Ramya/My class teacher is Mr Fernando.

    Q.Who did this lesson? ( හූ ඩිඩ් දිස් ලෙසන්?) මේ පාඩම කළේ කවුද?
    A. Miss Ramya did this lesson./Mr. Fernanado this lesson.

    Q.Who is going to be the monitor of this new class? හූ ඊස් ගොඉන්ග් ටු බී ද මොනිටර් ඔෆ් දිස් නිව් ක්ලාස්? මේ අලුත් පන්තියේ පන්ති නායකයා/නායිකාව වෙන්නට යන්නේ කවුද? A. Mahesh/Monica is going to be the monitor of this new class.

    Q.Whose voice is this? හූස් වොඉස් ඊස් දිස්? මේ හඬ කාගේද?
    A. This is Ruvini’s /Rohan’s voice. (රුවිනිගේ හඬ/රොහාන්ගේ හඬ)

    Q.Whose book is this? ( හූස් බුක් ඊස් දිස්?) මේ පොත කාගේද?
    A. This is Ramya’s book. / This is Rohan’s book./ This book is mine. (මයින් - මගේ)

    Q.Whose house is that? (හූස් හෞස් ඊස් දැට්?) අර නිවස කාගේද?
    A.That is Mr.Gunasekara’s house.

    Q.Whose is this? (හූස් ඉස් දිස්?) මෙය කාගේද? A. This is Anil’s./This is mine.

    Q.How are you? (හව් ආර් යූ?) ඔබට කොහොමද?/ඔබ හොඳින්ද? A. I am fine. Thank you. මම හොඳින්.ඔබට ස්තුතියි. (fine- හොඳින්)

    Q.How old are you? ( හව් ඕල්ඩ් ආර් යූ?) ඔබේ වයස කීයද? මේ සඳහා කලින් දී ඇති පිළිතුරු යොදා ගත හැකියි.

    Q.How is that car? (හව් ඊස් දැට් කාර්?) අර මෝටර් රථය කෙසේද? A. It is nice. (nice- කදිමයි/හොඳයි)

    Q.How about your lunch today? (හව් අබෞට් යෝර් ලන්ච් ටුඩේ?) අද ඔබේ දහවල්
    ආහාරය පිළිබඳ පිළිවෙල කුමක්ද? A. I have brought my lunch from home. Thank you. මම මගේ දහවල් ආහාරය ගෙදරින් ගෙනැවිත් තියෙනවා.ඔබට ස්තුතියි.
    (We will meet again from the next lesson.)
     
    Last edited: