‛හොඳටම කළ හැටි හෙළි වෙයි’ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව කබලෙන් ළිපට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙරට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල්වලින් 60.5% ක මාසික ආදායම පහළ බැස ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

    මෙරට පවුල්වලින් 60.5% ක මාසික අදායම මෙලෙස අඩු වන විට පවුල්වලින් 91% ක සාමාන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම, මෙරට පවුල්වලින් 22% ක් ආර්ථික අර්බුදය නිසා ලබාගත් ණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ද අනාවරණය වී තිබේ.



    මාසික වියදම වැඩි වූ පවුල් අතරින් 99.1%කගේ ආහාර වියදම ඉහළ ගොස් ඇති බවත්, 83%කගේ ගමනාගමන ගාස්තු ඉහළ ගොස් ඇති බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

    වයස අවුරුදු 3- 21 අතර 54.9% කගේ අධ්‍යාපනයට ආර්ථික අර්බුදය බලපෑමක් එල්ල කර ඇති බවත්, එම සමීක්ෂණයෙන් හෙළි වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අධ්‍යාපනයට බාධා එල්ල වූ අය අතරින් 53.2% ක් ලිපිද්‍රව්‍ය වලට යන වියදම අවම කර හෝ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී ඇති බවත්, 44% ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීමට යන වියදම කපා හැරීමට හෝ මිලදී නොගෙන සිටීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.



    ආර්ථික අර්බුදය පැවැති කාල සීමාවේදී 29% ක පමණ ජනතාවක් රෝගයන්ට ගොදුරු වී ඇති බවත්, ඉන් 7% ක් සෞඛ්‍ය ප්‍රතිකාර ගන්නා ක්‍රියාපටිපාටිය ආර්ථික අර්බුදය හේතුවෙන් වෙනස් කර ඇති බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එසේ ක්‍රියා පටිපාටිය වෙනස් කළ රෝගීන් පිරිසෙන් 35.1% ක් ප්‍රතිකාර ගන්නා ස්ථානය වෙනස් කර ඇති බවත්, 33.9% ක් රෝගය උත්සන්න වූ පසු පමණක් ඖෂධ ගැනීමට පෙළඹී ඇති බවත් එම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත. ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමට මූලික හේතුව ලෙස 81.7% සඳහන් කර ඇත්තේ මුදල් නොමැතිකම බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.



    ජනතාව අතර සිටින අදායම අඩුවූ පවුල්වලින් 73.6%ක් කිසිම ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් ගෙන නොමැති බවත්, 6.6% ක් අමතර අදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    ආදායම අඩූවූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබා ගැනීම, උකස් කිරීම, අනෙක් අයගෙන් ආහාර හෝ මුදල් ඉල්ලා ගැනීම ආදිය වන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ආර්ථික අර්බුදයේ ආරම්භය 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ සිදුවන බවත්, එය කොවිඩ් වසංගතයත් සමඟ තවත් දරුණු වූ බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලාංකිකයන් අභියෝග විශාල සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවත්, ඒ අතර සිය පවුලේ සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීමද තිබෙන බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.




    "මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශයතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකරනය කරන විවසායකයා ඔවුන් ආර්ථික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ."