“කොටි සිරස” “බොදු සිරස” වූ වගයි෴ | “Koti-Sirasa” becomes “Bodu Sirasa”

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    “කොටි සිරස” “බොදු සිරස” වූ වගයි෴ | “Koti-Sirasa” becomes “Bodu Sirasa”

    source: http://taboosubjects.wordpress.com/2010/05/23/150-2/





    sirasa-1.jpg


    අප සිතා සිටියේ දීර්ඝ බ්ලොග් සංවාද කිහිපයකින් හා කිරිබත්ගොඩ ඤාණානන්ද ‘පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ’ නිව්මෝනියාව සැදෙන මට්ටමටම ඇදගෙන නාගැනීමෙන් පසුව වත් මේ මැයට නැවතීමේ තිත තැබෙනු ඇති බවය. එහෙත් ඒ කතාවේම තවත් උල්ලාසයක් දැන් රඟ දැක්වෙමින් පවතී. ඒද කලින් උල්ලාසය තරමටම රසවත්ය. ෆයිට් හා ‘කොමිට් කෑලි’ සහිතය. ලොමු දැහැ ගන්වන සුළුය෴
    සෝමාවතියේ බුදුරැස් ප්‍රදර්ශනය කරමියි පොර ටෝක් දී සෙනඟ රැස් කරවා, බුදුරැස් පෙන්නනවා තියා චණ්ඩ වර්ෂාව නතර කර ගැනීමේ ප්‍රාතිහාර්යයවත් පානු නොහැකිව ඤාණානන්ද ‘පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ’ තිරිංග නැතිව ගොස් ලොකු අබග්ගයක වැටුණු අවස්ථාවේදී ඒ සිද්ධිය අතිශයෝක්තියට නඟා රටට හෙළි කලැයි අපවාද නැඟුනේ සිරස මාධ්‍ය ජාලයටය. මින් පෙරද කොටින්ට කත් ඇද්දාය; කිලිනොච්චි ඇල්ලූදා බෝම්බ කතා කීවාය; සිංහල බෞද්ධ කල්තරය විනාශ කළාය; රූමත් යුවතියන් ‘සිරස ඩාන්සිං ස්ටාර්’ සඳහා අඩ නිරුවතින් නැටෙව්වාය; දුසිරිත පැතුරුවාය ආදී වශයෙන් මෙකී නොකී චෝදනා රාශියකට ගොදුරු වූ, විමල් වීරවංශ අමාත්‍යතුමන් විසින් ඇමතිකම ලැබීමට පෙරාතුව, සිය බෝක්කු කටින් ‘කොටි සිරස’ ලෙස බෞස්තීම කරනු ලැබුවා වූ, කිලිනොච්චිය අල්ලා ගත් දා ජය පානය කොට ගිනි දෙවියන්ට පිදුවා වූ මැදිරි ඇත්තා වූ සිරස මාධ්‍ය ජාලයම මිස අන් කවරෙක් නම් එවන් අලුගුත්තේරු වැඩක් කරත්දැයි ඇසුවෝය, අපේ ‘දේශප්‍රේමී’ රාජපක්ෂියෝ෴
    වන්නාටය! නවතම පුවතෙකට අනුව තව සතියකට නොඅඩු කාලයකදී වෙසක් පෝ දින මාලාබේ පිට්ටුගල මහමෙව්නා භාවනා අසපුවේදී කිරිබත්ගොඩ ඤාණානන්ද විසින් පවත්වනු ලබන සර්ව-දිවා ‘වෙසක් වන්දනා’ වැඩ සටහනේ සජීවී මාධ්‍ය දායකත්වය ලබාගෙන ඇත්තේද එසේ සකල දුශ්චරිතයන්ට මඟපෑදුවාය කියන, යාන්තම් සති දෙකකට ඉහත කිරිබත්ගොඩ ඤාණානන්දගේ ප්‍රතිරූපය කෙලෙසුවාය කියන ‘බෞද්ධ විරෝධී’ කොටි සිරසමය෴


    [FONT=&quot][/FONT]
    මේ උභතකෝටිකය පැහැදිළි කළ හැක්කේ කෙසේද?
    මේ අව කැපෙන කතාවට, පස්වාන් දහසකට සමාවන සේක්වා! එක්කෝ කිරිබත්ගොඩ ඤාණානන්ද සැඟවුණු ‘කොටි ඒජන්තයකු’ විය යුතුය. (ප්‍රචාරය ඉල්ලාගෙන ‘කොටි සිරස’ වෙත ඇදෙන සියල් ලෝ සතුන් විමල් වීරවංශ ගරු අමාත්‍යතුමන් විසින් නිර්වචනය කරනු ලැබූයේ එලෙසය. ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිළ ‘පුංචි පහේ මං’ වැඩ සටහනට සහභාගි වී තමන් පහේ පංතියේ ශිෂ්‍යයකු තරමට වත් හපනකු නොවන බැව් පිළිගනු ඔහු ඇස නොගැටුනා විය හැකිය.) එසේත් නැත්නම් ‘කොටි සිරස’ දැන් අවස්ථානුකූලව තමන්ගේ පුල්ලි මාරුකර, බොදු ධජයේ නීල, පීත ලෝහිතාදී ෂඩ් වර්ණ වයිරමින් ගත සරසා සිටිනවා විය යුතුය. මෙය විදිලි කොටන අවස්ථාවන්හිදී සෝමාවතියෙන් ‘බුදුරැස් විහිදෙනවාටත්’ වඩා ආශ්චර්යයකි. සාධු! සාධු!! සාධූ!!!
    ආගමික මනස්ගාත වලින් මනස නිදහස් කොටගත් විට ලැබෙන සරලම පැහැදිළි කිරීම මේය෴
    ආගම අද සමාජයේ දැඩි ඉල්ලුමක් ඇති වෙළෙඳ භාණ්ඩයකි. එබැවින් ආගමික සේවා සඳහා කිසිදිනෙක නොවූ විරූ ලෙස සැපයුම්කරුවෝ බිහිවී සිටිති. මෙහි වරදක් නැත. ඉල්ලුමක් හා සැපැයුමක් ඇති ඕනෑම තැනෙක වෙළඳපළක් නිර්මාණය වීම තේරුම් ගත හැකි, ආර්ථික විද්‍යාවෙන් පැහැදිළි කෙරෙන සංසිද්ධියකි෴
    ඕනෑම බිස්නස් එකකදී කෙරෙන්නාක් සේ මෙහිදීද විවිධ ව්‍යාපාරිකයෝ ව්‍යාපාරික සබඳතා හෙවත් ‘බිස්නස් රිලේෂන්ෂිප්ස්’ ඇතිකර ගනිති. ඉකුත් මැයි අට වැනිදා සෝමාවතී පින්කම වෙනුවෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද, සෝමාවතියේ විහාරාධිපති හා ස්වාධීන රූපවාහිනිය අතර ඇති වන්නේද මෙවන් ‘බිස්නස් රිලේෂන්ෂිප්’ එකකි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය සාධක හතරින් සෝමාවතී විහාරාධිපතියෝ ‘භූමිය’ සපයති. ඤාණානන්දයෝ ශ්‍රමයද, තම සංවිධානය භාවිතා කොට ව්‍යවසායද සපයති. ස්වාධීන රූපවාහිනිය ඍජුවම නොවුනද, මේ පිණිස විශාල ප්‍රචාරයක් ලබා දී දායකයින් මාර්ගයෙන් වක්‍රව ප්‍රාග්ධනය ලබා දෙයි. එක් හේතුවක් නිසා නොවේනම් මෙය අතිශය සාර්ථක බිස්නස් රිලේෂන්ෂිප් එකකැයි කිව හැක්කේය෴
    ඕනෑම ව්‍යාපාර සම්බන්ධතාවයකදී එක් පාර්ශවයක් තමන් අනෙක් පාට්නර්ලා කඩේ යවන බැව් සිතීමට කැමැතිය. සෝමාවතී විහාරාධිපතීන් සිතන්නට ඇත්තේ තමන් ඤාණානන්ද කඩේ යවන බවය. ඤාණානන්ද සිතන්නට ඇත්තේ සෝමාවතී විහාරාධිපතීන්ට අමතරව, නොමිළයේ ප්‍රචාරය ලබා ගැනීම තුළින් තමන් ස්වාධීන රූපවාහිනියද කඩේ යවන බවය. එහෙත් අවසානයේ සිදුවන්නේ මේ දෙදෙනාම ස්වාධීන රූපවාහිනිය විසින් කඩේ ‍යැවීමය෴
    සෝමාවතියේ උත්සවය පැවති මැයි අට වැනිදා රාත්‍රියෙහිම ස්වාධීන රූපවාහිනියේ ප්‍රබලම තරගකරුවා වන සිරස මාධ්‍ය ජාලයේ මෙහෙයවීමෙන් තෙවන සිරස සුපර් ස්ටාර් තරගයෙහි (Sirasa Super Star -3) අවසාන වටය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතව තිබුණේය. හරියටම එදින විශාල පිරිසක් රැස්වන විකල්ප වැඩසටහනක් සංවිධානය කොට, සිරස සුපර් ස්ටාර් වෙත යොමු වන්නට තිබුණු ජනතා අවධානය ක්ෂය කොට එය තමන් වෙත යොමු කරවා ගැනීම මාධ්‍ය ලෝකයේ ස්වාධීන රූපවාහිනිය ලබා ගන්නා සුවිශාල ජයග්‍රහණයකි. වෙනත් හේතූන්ද තිබෙන්නට ඉඩ ඇති මුත්, මෙසේ ජනතා අවධානය අහිමිවීමද සිරස සුපර් ස්ටාර් අවසන් වටය කලින් වසර වලට සාපේක්ෂව මෙවර හිස් ගෝසාවක් පමණක් වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නට ඉඩ ඇතැයි සිතිය හැකිය. ඤාණානන්ද සේම සෝමාවතියේ විහාරාධිපතියන්ද මේ මාධ්‍ය තරගයේ එක් පාර්ශවයක් සඳහා කඩේ ගියේ දැනුවත්වද, නොදැනුවත්වද නොදනිමු෴
    සිරසට මෙයින් දැඩි ලෙස රිදෙන්නට ඇත. සෝමාවතී සිද්ධියේ අඩු ලුහුඬුකම් උළුප්පා දක්වමින් කෙරෙන මාධ්‍ය ප්‍රචාරය සිරසෙහි ‘රිටර්න් එක’ විය හැකිය. අවසානයේ අහක සිටි කිරිබත්ගොඩ ඤාණානන්දට සිදුවන්නේ අනුන්ගේ පව් වලට කර ගැසීමටයි෴
    දැන් ඇත්තේ ගිය හකුරට නාඬා හානි අවම කරගෙන ඉදිරියට යාමේ අවස්ථාවයි. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාධීන රූපවාහිනිය සමඟ ඇතිකරගෙන තිබූ ව්‍යාපාර සම්බන්ධතාව බිඳ, සිරස හා අත්වැල් බැඳගෙන ඇත්තේ එනිසා විය යුතුය. එය දෙපැත්ටටම වාසිදායක win-win අන්දමේ සබඳතාවයකි. එක පැත්තකින් තමන්ගේ වැරදි සිරසින් තවදුරටත් මතුකරතැයි ඤාණානන්දට බිය ගැනීමට ඇති හේතුව නැතිවේ. අනෙක් පැත්තෙන් ‘කොටි සිරස’ ලෙසින් ගැසුණු හංවඩුව මකා ගෙන ‘පින්වත් බොදු සිරසක්’ වීමේ අවස්ථාව සිරස මාධ්‍ය ජාලයට ලැබේ. ඤාණානන්දට සිංහල බෞද්ධ ජනතාව ගොනාට ඇන්දවිය හැකි නම් අප එය කිරීම කවර වරදද කියා සිරස කල්පනා කරනවා නම් ඊට දොස් පැවරිය නොහේ. ලෙහෙසියෙන්ම නාස් ලණුව දාගත හැකි අම්බරුවන් දුටු කල උන් බැඳ නොගන්නා මුග්ධයෝත් වෙත්ද?
    එබැවින් වෙසක් පෝය දිනයෙහි මාලාබේ පිට්ටුගලින් බුදු රැස් විහිදුණිය කියා සිරස රූපවාහිනියෙන් ඇසුණොත් අප කලබල විය යුතු නැත. මේ අපේ රටේ පොදු ජන මාධ්‍යයන්හි සාමාන්‍ය හැසිරීමය. එසේම සිරසෙහි රතු ත්‍රිකෝණය මැදින් එළියට පණින දත් විලිස්සා ගත් කොටි මුහුණු වෙනුවට ධර්මචක්‍රය ආදේශ කොට ප්‍රදර්ශනය කරන්නට අපේ ‘දේශප්‍රේමී’ පෙරමුණේරාළලාටද කාලය පැමිණ ඇත්තේය෴
    සිරසා සරණං ගච්චාමී෴
    දුතියම්පි සිරසා සරණං ගච්චාමී෴
    තතියම්පි සිරසා සරණං ගච්චාමී෴

    අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අනුගමනය කරමින් පින්වත් බොදු සිරස සරණ යමු. දෙවන වරටත්, තෙවන වරටත් පින්වත් බොදු සිරසම සරණ යමු෴





    all credit should go to the original poster



    source: http://taboosubjects.wordpress.com/2010/05/23/150-2/
     

    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    Sirasa giya thanak iwara..... etha ape godak minissu Sirasta addict wela iwarai... Oke oya mega teledrama tika navathuwe nathama... ape rate thawa tika kalekin owa athatama hiyei
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    Sirata vitharak banala wadak ne rate jewath una ea wagema jewath wenan minissu
    Rajayata pulwan eta viruddawa teranayak ganna.. sarath ponseka th prabata help kala kiyana eka sirasa help kala kiyana eka maha loku deyak neme... api atharama inna minissuth LTTE ekata help kale ne ithn.. thawa mona kathada..... hehe
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ අපේ පිනට, ලංකා මාතාවගේ පිනට පහල වු සංඝ පීතුවරයන් වහන්සේ නමක්.

    උන් වහන්සේ ගැන කතා කරද්දි ඔබ යොදාගත් වචන අශෝබනීය‍යයි.


    :no::no::no::no::no:
    සිරසා සරණං ගච්චාමී෴
    දුතියම්පි සිරසා සරණං ගච්චාමී෴
    තතියම්පි සිරසා සරණං ගච්චාමී෴

    :no::no::no::no::no:


    මෙවන් ප්‍රකාශ වලින් බුදුදහමට නිගරුවක් නොවන්නේද??
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala

    සිරසා සරණං ගච්චාමී෴
    දුතියම්පි සිරසා සරණං ගච්චාමී෴
    තතියම්පි සිරසා සරණං ගච්චාමී෴

    අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අනුගමනය කරමින් පින්වත් බොදු සිරස සරණ යමු. දෙවන වරටත්, තෙවන වරටත් පින්වත් බොදු සිරසම සරණ යමු෴





    all credit should go to the original poster



    source: http://taboosubjects.wordpress.com/2010/05/23/150-2/

    අතීතයේ මෙන්ම වර්තමානයේත් දේවදත්තලා සිටින බව මේ ලිපිය කියවීමෙන් ගම්‍ය වන කරුණකි. all credit should go to the original poster කියා කෑ ගැසුවාට, මෙය පුසිද්ධ කරන ලද්දේ ඔබ විසිනි. එසේ සිදු කලේ මෙය පුජාව අතරේ බෙදා හැරීමට ඔබට උවමනාවක් ඇති වූ නිසාය. ඔබ කොතෙක් නැත නැත නැත කීවද, දිට්ඨ ධම්ම වේදනීය කර්මයකට ඔබ කරගසා අවසන්ය. ඔබට යහපතක්ම වේවා.... තෙරුවන් සරණයි....
    :no::no::no::no:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ අපේ පිනට, ලංකා මාතාවගේ පිනට පහල වු සංඝ පීතුවරයන් වහන්සේ නමක්.

    උන් වහන්සේ ගැන කතා කරද්දි ඔබ යොදාගත් වචන අශෝබනීය‍යයි.


    :no::no::no::no::no:
    සිරසා සරණං ගච්චාමී෴
    දුතියම්පි සිරසා සරණං ගච්චාමී෴
    තතියම්පි සිරසා සරණං ගච්චාමී෴

    :no::no::no::no::no:


    මෙවන් ප්‍රකාශ වලින් බුදුදහමට නිගරුවක් නොවන්නේද??

    නිගරුවක් වන්නේ magic පෙන්වනවා කියා ආගම business එකක් කරගත් අධමයන්ටයි :)
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    නිගරුවක් වන්නේ magic පෙන්වනවා කියා ආගම business එකක් කරගත් අධමයන්ටයි :)


    කව්රුවත් magic පෙන්නනවා කියලා ගෙන්නුවේ නැ මචං.
    මොකද මමත් ඒ වැඩසටහනට සහභාගි වුනා.

    උබ යමක් කියන්න කලින් හොදට හොයල බලල කතා කරපන්. සිල්වත් උතුමන්ට අවලාද නගා පව් පුරව ගන්න එපා මචං.​