“කොස් මාමා”

saturn

Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    ජෙරමියස් දියස් හා සෙලස්තිනා රුද්‍රිගු යුවලට 1886 පෙබරවාරි 10 වන දින ලැබුණු පුත් රුවන ආතර් වී. දියස් නම් විය. පානදුර ශාන්ත ජෝන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ කුඩා ආතර් ඉන් අනතුරුව ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. පානදුර නගරය යනු බෞද්ධ නායකයන්ට තෝතැන්නකි. එවන් නගරයක හැදුණු වැඩුණු ආතර් තරුණයාට ද බෞද්ධාගම පිළිබඳ හැඟීමක් උරුම විය. එනිසාම තරුණ වියේදීම පානදුර බෞද්ධ සංගමය පිහිටුවා ඉරු දින දහම් පාසල ඇරඹුවේය. එසේම එහි ආචාර්යවරයකු ලෙස ද සේවය කළේය.එකල පැවැත් වූ නිදහස් සටනට උර දී කටයුතු කළ ආතර් වී. දියෙස් මහතා, රට අධිරාජ්‍යවාදීන්ගෙන් මෙන්ම සුරාවෙන් බේරා ගැනීමට කටයුතු කළේය. මෙසේ නිදහස් සටනට උර දීමට එතුමා දිරිමත් කළේ එවකට ධර්මපාලතුමා විසින් ගමින් ගමට යමින් පැවැත් වූ දේශනයන්ය.
    දෙශපාලනයට පිවිසියත් එතුමා ඒ සඳහා විය පැහැදම් කළේ තමන්ගේ ධනයයි. රට, ජාතිය හා ආගම වෙනුවෙන් ධනය වියදම් කිරීම සැළකුවේ තමන් විසින් රටට ජාතියට, අගමට සිදු කරනු ලැබූ යුතුකමක් ලෙසිනි. එලෙස එතුමා පරම විඥානාර්ථ සමාගමේ දියුණුවටත්, ආනන්ද විදුහල, නාලන්ද විදුහල, විශාඛා බාලිකා විදුහල, ධර්මරාජ විදුහල, ධර්මාශෝක විදුහල, අනුලා විදුහල ආදී විදුහල් පිහිටුවීමටත් ඒවායේ වැඩි දියුණුවටත් තම ධනයත් ශ‍්‍රමයත් කැප කළේය.1915 සිංහල මුස්ලිම් කෝලාහලයෙ දී සෙසු සිංහල නායකයන් සමග සිරගතවීමට දියස් මහතාට සිදු විය. බි‍්‍රතාන්‍ය ජාතික නීතිඥයකුගේ උදව් උපකාර හේතුවෙන් දියස් මහතාට මරණ දණ්ඩනය නොලැබී ජීවත්වීමට වාසනාව ලැබුණේය. සිරගෙයි සිටියදීම මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කිරීමට කටයුතු කරන බව අධිෂ්ඨාන කර ගත් අතර සිරෙන් නිදහස් වූ වහාම මහනුවර ගොස් එය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කළේය.
    ලොක යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ මෙරට ජනතාව විශාල ආහාර හිඟයකට මුහුණ පෑවේය. පානදුර බොජුන් හලක් ආරම්භ කළ දියස් මහතා ඉතා සහන මිලකට ආහාර පාන සැපයුවේය. මේ සමයේ එතුමා කොස් ගස් හැඳින්වූයේ බත් ගස ලෙසටය. කොස් ගස වැවීමට කටයුතු සකස් කළ අතර කොස් ගස් කැපීමට එරෙහිව මහා ව්‍යාපාරයක් දියත් කළේය. කොස් ගස් හැම වත්තකම වගා කිරීමට කටයුතු කළ එතුමා අඩු වයසෙන් ඵල දරණ කොස් ඇට බෙදා දීමට සංවිධානයක් සකස් කළේය.එනිසාම නොබෝ කලකින් “කොස් මාමා” යන නාමය එතුමා හැඳින්වීමට යොදා ගත්තේය. මෙය කෙතරම් ප‍්‍රසිද්ධියට පත් වූයෙ ද යත් ඉන්දියාව පවා මේ පිළිබඳව අවධානය යොමු කළේය.තමන්ද කොස්, දෙල්, අල, බතල ආදිය අනුභව කළ අතර නෑ හිත මිතුරන්ට සංග‍්‍රහ කිරීමට ද ඒවා යොදා ගත්තේය. දැඩි අහිංසාවාදියකු වූ එතුමා කිසි දිනක මස් මාංශ අනුභව නොකළේය.මෙරට විසූ මුල් පෙළ ධර්මධර - විනයධර භික්ෂූන් කිහිප නමකගේ සහයෝගය ඇතිව ග‍්‍රාම සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළ දියස් මහතා එමගින් ගම්බද දේශීය කර්මාන්ත නඟා සිටුවීමට වැඩ පිළිවෙලක් සකස් කළේය.දියස් මහතා විසින් කරන ලද සේවාවන් වෙනුවෙන් බි‍්‍රතාන්‍ය රජයෙන් නයිට් නාමයක් පිරිනමන ලදී. එසේම උත්තර මන්තී‍්‍ර පදවියක් ද මෙරට එවකට සිටි රජය මගින් පිරිනමන ලදී. එහෙත් ඉතා නිහතමානී පුද්ගලයකු වූ එතුමා එම තනතුරු දෙකම කාරුණිකව ප‍්‍රතික්ෂේප කරන ලදී.තම දිවියේ නොයෙක් බාධකයන්ට මුහුණ දී ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කළ දියස් මහතා මෙරටට කළ සේවය සදා අමරණීය වනු ඇත.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තමන්ගේ ධනය කියන්නෙ අරක්කු විකුණලා හම්බ කරපු ධනය නේ... අන්තිම කාලේ අරක්කු වලින් වෙන නරක ‍දැකලා කලානන් අවුලක් නෑ ඕන්...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තමන්ගේ ධනය කියන්නෙ අරක්කු විකුණලා හම්බ කරපු ධනය නේ... අන්තිම කාලේ අරක්කු වලින් වෙන නරක ‍දැකලා කලානන් අවුලක් නෑ ඕන්...

    කොහොම හරි කලානේ බන්.බලපන් ඔය පවුලේ මිනිස්සු ඉස්කෝලම කීයක් හැදුවද කියලා.කීදාහක් ඕවගෙන් ඉගෙනගෙන හියෙනවද