“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    BUMP!!!-!!!PMUB
    thumbs_up.gif
    Valuable Info bro!
    thumbs_up.gif

    :cool:REP 7+:cool:
     
    Last edited:
    • Like
    Reactions: sirajstc

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Waradwa therum ganna epa, meka mage product ekak neve-------Ath mea behethen gastric amaruwa suwa una aya sahena pramanayak innawa. Godak ayata prayojanawath nisa elakiriyata liyami------DIVA OSU PAPER EKA PALA KARANA [PRIEST ] -----MAHA NUWARA [KANDY] OHUSHADALAYA ---MAGIN PRODUCT EKAK EVANAWA------GASTRIC TONIC ------KIYALA, GASTRIC SUWA WENAWA SURE EKATAMA .ONAMA AYRUVEDA KADAYAKIN LABA GATHA HAKA.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ ලෙඩේට කන්න හොද ආහාර වර්ගයයි කන්න හොද නැති ආහාර වර්ග දෙක සදහන් කරලා එවන්නකො ප්ලීස් :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගැස්ට්‍රයිටීස් අසාත්මිකතාව ඇතිවන්නට තුඩු දෙන ආහාර මොනවාද?

    ඉස්සෝ දැල්ලෝ, කකුළුවෝ, සැමන්, තක්කාලි, අන්නාසි, ඇඹුල් වර්ග, චොකලට් මේ කිසිවක් ආහාරයට එක්කර ගන්න එපා. මේවා කෑමේදී “ගැස්ට්‍රයිටීස්” වැඩි වෙනවා.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තෙල් (මේදය) සහිත ආහාර ගැස්ට්‍රයිටීස් රෝගයට බලපානවද?
    ඔව්. තෙල් අධික ලෙස භාවිතය ගැස්ට්‍රයිටීස් රෝගයට ආ වැඩීමක්. විශේෂයෙන් බැදුම්, තෙම්පරාදු කරපු ආහාර කෑමෙන් වළකින්න. තෙල්වල යම් කිසි ආහාර වර්ගයක් බැඳුනට පසුව “හයිඩ්‍රොකාබන්” නමැති රසායනික ද්‍රව්‍යයක් නිපදවෙනවා. මේ හයිඩ්‍රොකාබන් ආමාශයට අගුණයි. ආමාශයේ තුවාල පමණක් නොවෙයි පිළිකා පවා මේ හයිඩ්‍රොකාබන් නිසා ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම තෙල් බැදුම් කෑම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට අගුණයි.
    ආර්ථික වශයෙන් පීඩා විඳින ඇතැම් පවුල්වල ගෘහනියන් වරක් බැදපු තෙල් පරිස්සම් කරමින් දෙතුන් වතාවක් ඒ තෙල්වලින්ම කරවල, මාළු ආදිය බදිනවා. ඒ තරම් වස විසක් තවත් නැහැ. මේ හැදෙන රසායන ද්‍රව්‍ය දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි වෙනවා. මේවා පිළිකා කාරකයි. දුප්පත්කම අවියක් කරගෙන නිරපරාදේ ලෙඩ හදාගන්න එපා
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ රෝගයෙන් වැළකී සිටීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
    ඉහත සඳහන් කළ පරිදි මෙවැනි රෝග සඳහා අප ලබාගන්නා ආහාරවේල නිසිපරිදි නියමිත පරිදි ලබා ගැනීම වැදගත්. ඒ වගේම දිනකට අවශ්‍ය කරන ජලය පානය කරනවා නම් වඩාත් සුදුසුයි. තවද ආයුර්වේද දින දර්ශනයට මේ ලොව මනුෂ්‍යයෙකුට ජීවත්විය හැකි හොඳම ආකාරය සඳහන්.



    ඒ අනුව පුද්ගලයකු භ්‍රහ්ම මූර්තියෙන් එනම් පාන්දර 4 ට පමණ අවදි වෙනවා නම් එමඟින් ශරීරයේ නිරෝගීකමට අප නොදැනුවත්වම පරිසරයෙන් ලැබෙන දෑ බොහෝමයි. ඊට අමතරව කෘත්‍රිම ආහාරවලින් සියයට සීයක් වැළකී සිටීම වඩා නුවණට හුරුයි. ඒ අතරම අපගේ ආහාරයට එකතුවන ඇතැම් ආහාර වර්ග විශේෂයෙන් මාංශමය ආහාර වර්ග පිළිබඳ මේ වනවිට දෙවරක් සිතා බැලීමට පවා දැන් අපට සිදුවී ඇත. ඊට හේතුව ඒවා පවා දැන් ක්ෂණිකව ලබා ගන්නා දේවල් බවට පත්වෙලා.



    එනිසා හැකි සෑමවිටම එදිනෙදා ගෙදර දොරේ, වත්තේ පිටියෙන් සොයා ගත හැකි ආහාර වෙත යොමුවීම වඩා වැදගත්. නිසි විවේකය ව්‍යායාමය වගේම නිසි විරේකයත් ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ වගේම අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ සෑම දුර්වලකමකටම අද අපි පානය නොකරන සෑම වතුර බිංදුවක්ම වගකිව යුතුª වෙනවා. එනිසා ජලය නියමිත ප්‍රමාණයට පානය කිරීම ඉතාම වැදගත්. එහිදී අවම වශයෙන් අපි අවදිව ඉන්න සෑම පැයකටම වරක් ජලය අඬු කෝප්පයක් පමණ පානය කළහොත් දිනකට අවශ්‍ය කරන ජලය අපට ලබා ගත හැකියි.





    අතීතයේ දී අපි අපගේ බත්වේල පිළියෙල කර ගත් විට අපට අවශ්‍ය කරන ව්‍යායාමය අපට ලැබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. ඒ නිසා ඊට සමානව අපගේ ශරීරයට අවශ්‍ය කරන නිසි ව්‍යායාමය මෙන්ම මානසික නිරවුල්භාවයද පවත්වා ගැනීම මේ සඳහා එක ලෙස වැදගත්.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මිනිස් සිරුර ඉතා සංකීර්ණ එමෙන්ම පුදුමාකාර යන්ත්රයක් වැන්න. එහි පැවැත්ම හා වර්ධනය නිසියාකාරව පවත්වා ගෙන යෑම සඳහා දිනපතා ආහාර වේල් කීපයක් අවශ්ය වෙයි. මෙම යන්ත්රයේ ඇති සියලූම අවයවයන් හොඳින් හා නිවැරදිව ක්රියාත්මක වන්නේත්, කිසිම උපද්රවයකට ගොදුරු නොවී දිගු කලක් පවත්වා ගෙන යා හැක්කේත් එවිටය. විශේෂයෙන්ම නීරෝගි සිරුරක් පවත්වා ගෙන යෑමට නම්, විටමින් පදාර්ථයන් බහුල ආහාර වැඩි වැඩියෙන් ගත යුතුයි.

    රට ඉඳි:
    රෝගී හදවත් ඇති අයට රට ඉඳි ඉතා හොඳ ආහාරයක් මෙන්ම, ඕෂධයක් බව වෛද්ය මතවලින් හෙළි වෙයි. රට ඉඳි ඇට ඉවත් කොට, පොඩි කර ගැනීමෙන්, හොඳ පානයක් සාදා ගැනීමට පුළුවන. වෙහෙසකර ගතිය හා නහර දුර්වලත්වයටද රට ඉඳි පානය ගුණදායකය.

    මී පැණි:
    ඛනිජ සහ විටමින්වලින් බහුල මී පැණි, කාටත් ගුණදායක ඕෂධයක් බව වෛද්ය මතවලින් හෙළිවෙයි. මී පැණි ශරීර වර්ධනය සඳහාද උපකාරි වෙයි. එය විෂ බීජ නාශකයක් හැටියටද සලකනු ලැබේ. මී පැණිවලට සුදු ලූණු දමා පල්වන්නට හැර කෑමෙන්, හෘදයාබාධ බොහෝ දුරට අඩුකර ගත හැකි බවද කියති. කිරි සමග මීපැණි ගැනීම ශරීරයට ඉතා හිතකර බව වෛද්යවරු පවසති. දිනපතා මී පැණි ස්වල්පයක් ගැනීමෙන් ශරීරයේ තරබාරු ගතිය අඩු කර ගත හැකි යැයිද කියති.


    ඇපැල්:
    ඇපැල් එවැනි පලතුරකි. දිනපතා ඇපැල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් වෛද්යවරුන් පලවා හැරීමට පුන්ථවන් බවට කියමනක් තිබේ. පෙක්ටින් :ඡැජඑසබ- සහ ෆයිබර් :ත්සඉරු කෙඳි සහිත ආහාර) පදාර්ථයන් බහුල ඇපල් ගෙඩිය රුධිර ධාවනය හොඳින් පවත්වා ගෙන යෑම උපකාරි වෙන බව කියවේ. ශරීරයේ ඇති කොලොස්ටරෝල් ප්රමාණය පාලනය කිරීමටද, ඇපල් ගෙඩියට හැකියාවක් ඇති බව වෛද්යවරු පවසති. ඇපල් ඒ, බී1, බී2, සහ සී යන විටමින්වලින් පිරි පලතුරක් බවද කියවේ. එපමණක් නොව, ඛනිජ :පසබැර්ක- බහුල පලතුරකි. දත් දිරා යෑම වළක්වා ගැනීමට ඇපල් ගෙඩිය හොඳම පලතුරක් බව වෛද්යවරු සඳහන් කරති.

    ඉදුණු කෙසෙල් ගෙඩි:
    ශරීරයට ඉතාමත් හිතකර පලතුරකි. පැණි රස කෑමවලින් (ලොසින්ජර් චොක්ලට් වැනි) මිදීමට වැඩි වැඩියෙන් ඉදුණු කෙසෙල් අනුභව කරන ලෙස සමහර වෛද්යවරු ඉල්ලා සිටිති. ඉදුණු කෙසෙල් ගෙඩියක කැලොරි 94 ක් පමණ අඩංගු වන බව ඔවුහු කියති.

    බටර් මිල්ක්:
    බටර් මිල්ක් නොහොත් මෝරු ශරීරයට ඉතා හිතකර පානයක් වුවද, බොහෝ දෙනෙකු මෝරු බීමට කැමැත්තක් නොදක්වන බව පෙනේ. ලැක්ටික් අම්ලය :ඛ්ජඑසජ ්ජසා- සහ යීස්ට් :ශැ්ිඑ- බහුල මෝරු, මුත්ර පිරිසිදු කිරීමට පමණක් නොව, හොඳින් පෙරීමටද උපකාරි වන බව කියවේ. කෑම දිරවීමට බෙහෙවින්ම උපකාරි වන මෝරු ශරීරය තුළ ඇති සෛල :ක්ැකක- පද්ධතිය ඉතා හොඳින් ක්රියා කිරීමට උපකාරි වෙන බවද කියවේ.

    ගෝවා:
    ගෝවා ශරීර යන්ත්රය ක්රියා කිරීම සඳහා බොහෝ උපකාරි වන එළවළුවකි. විටමින් ඒ, බී, සී වලින් යුක්ත ගෝවා කැල්සියම් සහ යකඩ වලින්ද යුක්තය. මළබද්ධය ඇති නොවීම සඳහා වැඩි වැඩියෙන් ගෝවා පාවිච්චි කරන ලෙසද වෛද්යවරු උපදෙස් දෙති. ගෝවාද කෙදි සහිත එළවළුවකි.

    චීස්:
    ප්රෝටීන් වැඩියෙන්ම බහුල ආහාරයක් හැටියට චීස් හඳුන්වනු ලැබේ. විටමින් ඒ සහ බී වලින් යුත් චීස් කැල්සියම් සහ සින්ක් :න්සබජ- වලින් යුක්තය. දත් සහ ඇට මිදුලූ වැඩීමට හා ශක්ති සම්පන්න වීමට චීස් බෙහෙවින්ම උපකාරි වන බව වෛද්යවරු පවසති.

    බිත්තර:
    හදවත් රෝගීන්ට බිත්තර ගුණ කෑමක් නොවේ. එහෙත් වැඩෙන දරුවන්ගේ යකඩ ප්රමාණය වැඩි කර ගැනීම සඳහා බිත්තර කහ මදය බෙහෙවින්ම උපකාරි වන බව වෛද්යවරු මත පළ කරති. ප්රෝටීන්, යකඩ, මේදය හා කැල්සියම්වලින් යුත් බිත්තරය, ඒ.බී.ඩී. යන විටමින්වලින්ද යුක්තය. කෙසේ වෙතත් කොලොස්ටරෝල් බහුලව ඇති අය බිත්තර ගැනීමෙන් වැළකී සිටිය යුතු යැයි වෛද්යවරු හැම විටකම අවවාද කර සිටිති.

    සුදු ලූණු:
    සුදු ලූණු අනුභව කිරීමට බොහෝ දෙනෙකු මැළිවෙන්නේ කෑමෙන් පසු කටින් පිටවෙන දුර්ගන්ධය හේතුවෙනි. එසේ වුවද, සුදු ලූණු ශරීරයට ඉතා හිතකර ඕෂධයකි. බෝවන රෝග වළකා ලන ඕෂධීය ගුණයක් සුදු ලූණු ගෙඩියේ ගැබ් වී ඇතැයි වෛද්යවරු මත පළ කරති. රුධිර ධාවනය ඉතා හොදින් පවත්වා ගැනීමට සුදු ලූණු උපකාරි වෙයි. හමේබිරිස්සාව, පීනස, කැස්ස ආදි රෝගයන්ටද සුදු ලූණු ගුණදායකය.

    දොඩම්:
    විටමින් C වලින් පිරී ඇති දොඩම්, ශරීරයේ වර්ධනයට තදින්ම බලපාන පළතුරු වර්ගයකි. ශක්ති සම්පන්න දත් පෙළක් හා පිරිසිදු හමක් ඇති කර ගැනීම සඳහා දිනපතා දොඩම් වීදුරුවක් බීමට අමතක නොකරන මෙන් වෛද්යවරු ඉල්ලා සිටිති. දොඩම් යුෂ, විෂ බීජ මර්දනය කරන්නක් බවද ඔවුහු සඳහන් කරති.

    සෝයා බීන්ස්:
    ප්රෝටීන් බහුල සෝයා බීන්ස් බොහෝ දෙනෙකු විසින් ප්රයෝජනයට ගනු ලබන්නේ මස් වෙනුවටය. කොලොස්ටරෝල් අඩංගු නැති සෝයා බීන්ස් ග්රෑම් සියයක ක්ලෝරිස් 88 ක් අඩංගු බව කියති.

    යෝගට්:
    යෝගට් මිනිස් ශරීරයට ඉතා හිතකර ආහාරයක් බව වෛද්යවරුන්ගේ මතයයි. මස් පිඬු වේදනා සමනය කළ හැකි ගුණයක්ද යෝගට් ද්රාවයේ තිබේ. එපමණක් නොව,රුධිරය පිරිසිදු කිරීමේ බලයක්ද යෝගට් සතුව ඇත.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Arjun lokka oya tika pilipadinna anith eka udenma negitta gaman his badin waturata mem peneey kavawalam karala bonna digatama karanna :) orginal honey ganna
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Arjun lokka oya tika pilipadinna anith eka udenma negitta gaman his badin waturata mem peneey kavawalam karala bonna digatama karanna :) orginal honey ganna
    ස්තුතා සිරාජ් මල්ලිට:)
    ඩෙඩ් අයිලන්ඩ් මට මොනවා හරි කරලා තියන පාටයි:confused::( මටත් ගැස්ට්‍රයිටීස් වගේ:(:lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිරාජ්,
    මට දවස් දෙක තුනක් එලට බහින්න බැරි උනා මම පොඩ්ඩක් අසාධ්‍යයෙන් සිටි නිසා.
    මෙන්න මේකයි මගේ අමාරුව කරුණාකරලා කව්රුත් මට ප්‍රර්ථනා කරන්න ඉක්මන් සුවයට..:(

    Region Capture.jpg
    Region Capture-1.jpg
    Region Capture-2.jpg
    Region Capture-3.jpg
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සිරාජ්,
    මට දවස් දෙක තුනක් එලට බහින්න බැරි උනා මම පොඩ්ඩක් අසාධ්‍යයෙන් සිටි නිසා.
    මෙන්න මේකයි මගේ අමාරුව කරුණාකරලා කව්රුත් මට ප්‍රර්ථනා කරන්න ඉක්මන් සුවයට..:(

    View attachment 42341
    View attachment 42342
    View attachment 42343
    View attachment 42344

    man kiyapu beheta use keee nedda :(:(