“ජන්බුද්වීපය” – නිතර අසන ප්‍රශ්ණ

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    “ජන්බුද්වීපය” – නිතර අසන ප්‍රශ්ණ


    ජන්බුද්වීපය? අපි නම් අහල තියෙන්නේ ජම්බුද්වීපය කියල.


    පිළිතුර: පොඩ්ඩක් මෙහෙම බලන්නකෝ. ජන් බුද් ද්වීපය කියල ඔය වචනය් කැඩුවම ඕක තේරෙනවා. ජන් කියන්නේ උපන් කියන එක. ජනමයට. බුද් කියන්නේ බුදුන් කියන එක. ද්වීපය කියන්නේ රට, දේශය, දූපත කියන එක. දැන් පෙනෙනවද? ජන්බුද්වීපය කියන්නේ බුදුන් උපන් දේශය කියන එක බොහොම පැහැදිලි බව? ජම්බුද්වීපය කියන එකට වඩා එක අර්ථවත් නේද?

    ජන්බුද්වීපය කියන්නේ ඉන්දියාවට නේද?


    පිළිතුර: අපි මෙහෙම බලමු. ඉන්දියාව කියන්නේ ද්වීපයක්ද නැත්නම් මහද්වීපයක්ද? එතකොට ඉන්දියාව කියල නමක් බිහිවුනේ මේ ලඟකදී බ්‍රිතාන්‍යයන් අතින් නේද? ඉන්දියාවට ජම්බුද්වීපය හෝ ජන්බුද්වීපය කියල නමක් තිබුන බව ඒගොල්ලන්ගේ ඉතිහාසයේ කොහෙවත් සඳහන් වෙලා නැ. ඒගොල්ලන්ගේ රටේ එකම සෙල් ලිපියකවත් ගල් ටම්බකවත් සඳහන් වෙලා නැ. හැබැයි අපේ රට ඒ නම භාවිතා වුනු බව අපේ අද්‍යාපන දෙපාර්තම්නේතුවේ ලංකාවට කියවුණු පුරාන නම් ලැයිස්තුවෙත් සඳහන් වෙලා තියෙනවා. තවත් බොහෝ සාදක තියෙනවා.

    ලංකාවට කොහොමද ඔය නම පටබැඳුනේ?


    පිළිතුර: අර කලින් කිව්වා වගේ බුදුන් උපන්නේ ජන්බුද්වීපයේ කියන එකයි ඔය නමේ සඳහන් වෙලා තියෙන්නේ. එක අලුතින් පටබැඳුණු නමක් නෙවෙයි. යම් සිද්දියක් සිදුවුණු නිසා ඒ සිද්දිය ගැන කියවුණු වචනයක්. ඇරත් ඔය ජන්බුද්වීපය කියන්නේ ලංකාවට නෙවෙයි. ලංකාව කියන නම දැම්මෙත් පරදේසක්කාරයෝ. ජන්බුද්වීපය කියන්නේ හෙළබිමට.

    හෙළබිම කියන්නේ ලංකාවටද ලංකාවේ කොටසකටද?


    පිළිතුර: ලංකාව කියල අපි අද කියන මේ රටට වැඩ විශාල ප්‍රදේශයක් හෙලබිමට තිබුන. රටේ හැඩයත් අපි අද දන්නා හැඩයට වැඩ බොහෝ වෙනස්. ටොලමිගේ සිතයම හෝ වෙනත් බොහෝ පැරණි සිතියම් දිහා බැලුවම එක පැහැදිලි වෙනවා. ලංකාපුරය කියල නගරයක් අනුරාදපුරය ආසන්නයේ තිබුන

    ජන්බුද්වීපය කියන්නේ හෙලබිමටද?


    පිළිතුර: ඔව්.

    එතකොට මද්‍ය මණ්ඩලය පිහිටලා තියෙන්නේ ලංකාවේද?


    පිළිතුර: මද්‍ය මණ්ඩලය පිහටලා තයෙන්නේ අද සම්මතයෙන් කියන ලංකාවේ තමයි. ඕක නම් තේරුම්න් ගන්න හරිම ලෙහෙසියි. ඉස්සෙල්ලම ඉන්දියාවේ සිතියමක් අරගෙන, ඔය google සිත්යමක් ගන්න, එකේ ඉන්දියාව කියන ප්‍රදේශය අකොටු කරලා කෙළවරවල් යා කරල්;අ ඉරි දෙකක් අඳින්න. දැන් බලන්න ඒ ඉරි දෙක කැපෙන්නේ කොහෙද කියල. මේක බලෙන් කලත් ඔය සිදුහත් කුමාර බුදු වුනා කියන තැන අසලින්වත් යන්නේ නැ. දැන් google එකෙන්ම ලංකාවේ සිතියමක් අරගෙන අර වගේම කොටුවක් අන්දලා ඉරි දෙකකින් කොන් යාකර බලන්න ඒවා සමුච්චේදනය වන තැන. සිතියමෙන්ම හොයා ගත හැකියි එම ස්ථානය ඔය දඹුල්ලට ආසන්නව තියෙන හිරිවඩුන්න කියන ස්ථානය බව. හිරිවඩුන්න – හිමිවැඩඋන්න කියන වචනයෙන් ආපු එකක්.

    බුදුහාමුදුරුවෝ උපන්නේ ජන්බුද්වීපයේ කියල කියන්නේ කොහොමද?


    පිළිතුර: සිදුහත් කුමරා ඉපදුනේ ඉන්දියාවේ කියල එගොල්ලන්ටවත් තවම හරියට ඔප්පු කරගන්න බැරිවෙලා තියෙන නිසා තමයි ඔය ඉන්දියාවයි නේපාලයයි ඒගැන තවමත් කඹ ඇදිල්ලක් කරගෙන යන්නේ. ඒගොල්ලන්ගේ රටවල ඒවා වලට කිසිම සත්‍ය සාදකයක් නැ. අසෝක අධිරාජ්‍යය ( එහෙම කෙනෙක් ඇත්තටම හිටියද නැද්ද කියන එකත් අද ඉන්දියානුවනම් තර්කයට ලක් කරලා තියෙනවා) ලුමිබිනි කියන ස්තානයේ පිහිටවූ ගල් කණුවේ සඳහන් වෙන්නේ “බුදුන්ගේ උපත සිහිවීමට මෙම ගල් ටැඹ ඉදිකරවන ලදී” කියන එකයි. මේ ස්ථානයේ සිදුහත් කුමරා උපන් ස්ථානය කියා එහි සඳහන් වෙලා නැ. හැබැයි දැනට එකතු වී ඇති බොහෝ සාදක මගින් මෙම කරුණු සියල්ලම හෙළබිමේ සිදුවූ බවට් පුරාවිද්‍යාත්මක සාදක අදටත් මතුවීගෙන යනවා.

    එතකොට හැම බුදුවරයෙක්ම පහල වෙලා තියෙන්නේ මේ හෙලබිමේද?


    පිළිතුර: ඔව්. එකම එක බුදුවරයකුවත් ඉන්දියාවේ පහල වුනා කියල ඒ රටේ තියෙන කිසිම පෞරාණික ග්‍රන්තයකවත් සඳහන් වෙලා නැ. පුරාවිද්‍යාත්මක සාදකවලින්වත් හෙළි වෙලා නෑ. නමුත් අද වෙනකොට සොයාගෙන ඇති බොහෝ පුරාවිද්‍යාත්මක සාදක වලින් ලංකාවේ තමයි මේ සියල්ල සිද්වී ඇත්තේ කියා කීමට හැකියි.

    එතකොට ඉන්දියාවෙන් ලංකාවට බුදු දහම ආවද? ලංකාවෙන් ඉන්දියාවට බුදු දහම ගියාද?


    පිළිතුර: ලංකාවෙන් ඉන්දියාවට බුදුදහම ගෙනගිය බව බොහොම පැහැදිලි ලෙස පේනවා දෙන්න පුළුවන්.

    මිහිඳු මහා අරහතුන් වහන්සේ බුදුදහම ලංකාවට ගෙනාවේ නැද්ද?

    පිළිතුර: මිහිඳු මහා අරහතුන් වහන්සේ හෙළබිමේ ලන්කාපුරයට ගෙන ආ බව ඇත්ත. ඒවෙනකොට බුදු දහම ලංකා පුරය පෙදෙසට පැතිර තිබුනේ නැ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද බං උඹෙන් නිතරම ඔය ප්‍රශ්න ටික ඇහුවෙ ? :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එදා තිබුන හෙළදිව අදට වඩා වෙනස් විශාල වෙනස් හැඩේ එකක් නං මධ්‍ය මණ්ඩලේ බලන්න දැන් තියෙන සිතියමේ ඉරි ගහල හරියන්නේ කොහොමද :baffled:
     
    Aug 16, 2018
    301
    17
    0
    එදා තිබුන හෙළදිව අදට වඩා වෙනස් විශාල වෙනස් හැඩේ එකක් නං මධ්‍ය මණ්ඩලේ බලන්න දැන් තියෙන සිතියමේ ඉරි ගහල හරියන්නේ කොහොමද :baffled:
    ඔය එන්න යන්නේ මතකද දවසක්, බුදුන් ඉපදුනේ ලංකාවේ කියලා දිබෙට් එකක් ගිහින් අපි කිව්වේ, එහෙනම් මිහිදු ලොක්කා ආවේ කොහෙන්ද ගල උඩට කියලා අහපුවහම හෙන වටයක් ගිහින් අල්ලපු වැටට පැන්න කතාවට. යුස්ලස් බ්‍රෝ.. තේරුමක් නැ නිකන් හිත නරක වෙනවා විතරයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය එන්න යන්නේ මතකද දවසක්, බුදුන් ඉපදුනේ ලංකාවේ කියලා දිබෙට් එකක් ගිහින් අපි කිව්වේ, එහෙනම් මිහිදු ලොක්කා ආවේ කොහෙන්ද ගල උඩට කියලා අහපුවහම හෙන වටයක් ගිහින් අල්ලපු වැටට පැන්න කතාවට. යුස්ලස් බ්‍රෝ.. තේරුමක් නැ නිකන් හිත නරක වෙනවා විතරයි.
    හිත නං නරක් උනාට කමක් නෑ මොකෝ අමුතු යාළුකමක් නෑ නෙව කොහොමත්.
     
    Aug 16, 2018
    301
    17
    0
    හිත නං නරක් උනාට කමක් නෑ මොකෝ අමුතු යාළුකමක් නෑ නෙව කොහොමත්.
    වැඩක් නැ බන්.. එදා මතකයිනේ.. පට්ටපල් බොරුනේ උන් ඔප්පු කරන්න හැදුවේ බුදුන් ලංකාවේ ඉපදුනා කියලා. ඒවාට කතා කලාම උන් හිතන්නේ අපි බෞද්ද විරෝදී උන් කියලා.