~~//..“මේ බෝල බෝල මොක...”
රට ගිහින් පැමිණි බිරියගේ ලෙඩේ සැමියාගේ ගුටි බැට පූජාවෙන් සනීප වෙලා (10-10-2011 දිනමිණ)
එම්. ඒ. ආර්. මනුකුලසූරිය හිරියාල සමූහ දිනමිණ වාර්තාකරු
මැදපෙරදිග රැකියාවකට ගොස් සිටි කාන්තාවක් වසර පහකට පසු ආපසු පැමිණියා ය.
නිවෙසට පැමිණි විගසම ඇය සිය දරු දෙදෙනා ගැන සැමියා ගෙන් විමසුවේ මෙසේ ය.
“දරු දෙක මොක...”
බිරියගේ මේ අන්ඩර දෙමළ භාෂාව ඇසීමෙන් සැමියා අන්දුන් කුන්දුන් විය.
ගසේ තිබූ කොස් ගෙඩියක් දුටු ඇය
“මේ බෝල බෝල මොක...” කියා සැමියා ගෙන් ඇසුවාය.
සැමියා මහත් සේ කෝපයට පත් විය.
“මේ කෙටි කාලෙට මේකිට සිංහලත් අමතක වෙලා” ඔහු තමාටම කියා ගත්තේය.
“ෂර්ට් එක ඉරිල මොක...” යළිත් ඇය සිය අපභ්රංශ භාෂාව පටන් ගත්තාය.
ඔහුගේ ඉවසීමේ සීමාව පැන්නේ ය. ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගත් ඔහු ඇයට පහර කීපයක් ගැසුවේ ය.
ඒ සමඟම ඇය “බුදු මාමේ මෙන්න මාව මරන්න හදනවෝ... මාව බේරා ගනියෝ...” යනුවෙන් යටි ගිරියෙන් කෑ ගසමින් අසල පිහිටි සිය ඥාතියෙකුගේ නිවෙස කරා දිව ගියා ය.