“ලයන් එයාර්“ යුධ අපරාධය

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    “ලයන් එයාර්“ යුධ අපරාධය

    lion-air-ltte.jpg

    සංහිදියාවේ නාමයෙන් යටපත් කරන්න හදන “ලයන් එයාර්“ යුධ අපරාධය

    1998 සැප්තැම්බර් 29 දා දහවල් ලයන්එයාර් ගුවන් සේවාවේ ඇන්ටනෝව් 24 යානාව මගීන් 48 ක්‌ රැගෙන පලාලි සිට රත්මලාන ගුවන් තොටුපලට පැමිණීම සඳහා පිටත්විය. යානාවේ නියමුවාවූ යුක්‌රේන කපිතන්වරයා පලාලි ගුවන්තොටුපලේ පාලක මැදිරිය අමතමින් යහපත් කාලගුණික තත්ත්වයක්‌ පවතින බව දැනුම්දී තිබුණි.

    එහෙත් ඇන්ටනෝව් යානාව එකවරම ඉරනතිව් අහසේ පියාසර කරන අවස්‌ථාවේ රේඩාර් තිරයෙන් මැකී ගියේය. පැය 48 ක්‌ යන තෙක්‌ම ඇන්ටනෝව් යානාවට සිදුවූයේ කුමක්‌දැයි දැනගැනීමට ගුවන් හමුදාවට මෙන්ම ලයන් එයාර් සමාගමටද නොහැකිවිය. එසේ වූවත් පසුව ගුවන් හමුදාව ප්‍රකාශයක්‌ කරමින් ලයන් එයාර් යානාව මිසයිල ප්‍රහාරයකට ලක්‌වී ඇති බව කියා සිටියේය.

    අද අපි හෙලිකරන්නේ වසර 18 කට පෙර ලයන්එයාර් යානාව විනාශවීමට අදාල සත්‍යය යටපත්වූ අයුරුත් පසුව 2012 දී සත්‍යය අනාවරණය වීමත්ය.මිසයිල ප්‍රහාරයකින් ඇන්ටනෝව් යානාව විනාශ වූ බව පැවසූ ගුවන් හමුදාව පැය 24 කට පසු එම ප්‍රකාශය වෙනස්‌කර යාන්ත්‍රිකදොaෂයකින් යානාව කඩාවැටී ඇති බව කීවේය.

    මෙම ප්‍රකාශයෙන් පසු ලන්ඩන් නුවරින් ප්‍රකාශයට පත්වන කොටින්ගේ ටැමිල් ගාඩියන් පුවත්පත කොටින්ගේ නිවේදනයක්‌ පලකළේය. එහි මෙලෙස සඳහන්විය. “ලයන්එයාර් යානාව යාන්ත්‍රික දොaෂයකින් කඩාවැටුණි. මළ සිරුරු කීපයක්‌ සහ පටිගත කිරීමේ යන්ත්‍රයක්‌ද හමුවිය. මුහුද යට ඇති ගුවන් යානාව ගොඩගැනීමට ස්‌වේච්ඡා සේවකයන් ඉදිරිපත්වූවත් නාවික හමුදාව ඊට ඉඩදී නැත.”

    මේ යානාව විපතට පත්වීම ගැන කොටි සංවිධානය වගකිවයුතු නැත. ලයන්එයාර් සමාගමද කොටි සංවිධාන චෝදනා කර නොමැත.

    air.jpg

    ඇන්ටනෝව් යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ලවූ බවට ගුවන් හමුදාව කළ ප්‍රකාශයද පසුව ඉල්ලා අස්‌කර ගෙන තිබේ.එහෙත් මේ ප්‍රකාශය අමූලික බොරුවකි. දින කීපයකට පසු යාපනයේ මන්ඩතිවු තිබූ මුහුදු වෙරළට ගොඩගසා තිබූ ජීවිතාරක්‍ෂක කබායක්‌ සෝදිසි මෙහෙයුමක යෙදීසිටි භට පිරිසකට හමුවිය. එහි රුසියානු වචන කීපයක්‌ද විය. ඉන් සනාථවූයේ එම ජීවිතාරක්‍ෂක කබාය ලයන් එයාර් යානාවට අයත් බවයි.

    එසේම නාච්චිකුඩා ප්‍රදේශයේ ධීවරයන් විසින් මළ සිරුරු 33 ක්‌ වළලා ඇතැයි මන්නාරම රදගුරුව සිටි රාසප්පු ජෝශප් විසින් ප්‍රකාශ කර තිබුණි. මෙම යානාව ඉරනතිව් මුහුදට කඩා වැටුණු බව ධීවරයන් රැසක්‌ද දැකතිබිණි. එහෙත් එදා රජයේ ක්‍රියාන්විත මූලස්‌ථානය මේ සම්බන්ධ පුළුල් විමර්ශනයක්‌ කිරීමට ඉදිරිපත් වූයේ නැත.

    මේ අතර 1998 ඔක්‌තෝබර් 11 දා රායප්පු ජෝෂප් හිමියන් ලයන් එයාර් යානාවේ සිටි මගීන්ගේ ඥතීන් කල ඉල්ලීම මත කොටිපාලනය යටතේ පැවැති මුලක්‌කාවිල් ප්‍රදේශයට ගොස්‌ ධීවර ජනතාව හමුවිය.එහිදී ධීවරයන් පැවසුවේ තමන් ඇන්ටනෝව් යානාවේ තටුවල කැබලි සහ අසුන්වල කොටස්‌ කොටි පොලිසියට භාරදුන් බවයි.තවත් මළසිරුරු රැසක්‌ වළලා දැමුවේ ගම්මුරිද්‍රdකෙයි වෙරළේ බවද ධීවරයන් විසින් හෙළිකර ඇත.වළදැමූ සිරුරු අතර පිරිමි මළ සිරුරු 23 ක්‌ද කාන්තා මළ සිරුරු 10ක්‌ද තිබූ බව එම ධීවරයෝ කියා සිටියහ.

    මෙම තොරතුරු හෙලිවීමත් සමඟ එදා මන්නාරමේ සිටි පොලිස්‌ අධිකාරි ලලිත් ලේකම්ගේ මන්නාරම් රදගුරු වෙතින් ඉල්ලීමක්‌ කරමින් එම ධීවරයන් හමුවී මළසිරුරු ගොඩගෙන පශ්චාත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමටත් රතුකුරුස සංවිධානයේ සහය ලබාගැනීමටද අදහස්‌ කරන බවද පවසනු ලැබීය.

    එහෙත් කොටි සංවිධානය ඊට ඉඩදුන්නේ නැත. රායප්පු ජෝශප් රදගුරු පොලිස්‌ අධිකාරිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාරය දක්‌වා නැත. වසර 18 කට පෙර සිදුවූ මේ සිද්ධිය යුද අපරාධයක්‌වූවත් එදා පැවැති රජය ලයන්එයාර් යානාව වැනසීමේ සිද්ධිය ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගෙන ගියේ නැත.

    කොටි සංවිධානය වැනසූ මේ යානාවේ සිටි මගීන් සියලුදෙනාම ද්‍රවිඩයන් වේ. ඔවුන් අතර විදුහල්පතිවරු සහ රාජ්‍ය සේවකයන්ද විය.යුක්‌රේනියානුවන් දෙදෙනකු මෙහෙයවූ මේ ඇන්ටනෝවේ යානාවේ හයදෙනකුගෙන් යුත් කාර්ය මණ්‌ඩලයක්‌ද විය.එම කාර්ය මණ්‌ඩලයේ දර්ශනි ගුණසේකර නැමැති ගුවන් සේවිකාවක්‌ද වැල්සන් නෙල්සන් සහ විජිත නැමැති තිදෙනකුද විය.දර්ශනි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුවූ රංජිත් ගුණසේකර මහතාගේ දියණියයි.

    ලයන් එයාර් යානාව විනාශවීමේ සිද්ධියට පෙර කොටි සංවිධානය යාපනයේ පිහිටි ලයන් එයාර් කාර්යාලයට තර්ජනාත්මක ලිපියක්‌ එවා තිබුණි. එහි දක්‌වා තිබුණේ පලාලි හා යාපනය අතර ගුවන් ගමන් නතර කළ යුතු බවයි. කෙසේ හෝ සැප්තැම්බර් 29 දා යාපනය බොස්‌කෝ විදුහල්පතිනිය සිසුන් 20 ක කණ්‌ඩායමක්‌ පලාලි සිට රත්මලාන වෙත එවීම සඳහා මෙම යානාව වෙන්කරගෙන තිබුණි. මෙම සිසුන් පිරිස කොළඹ සංචාරයක්‌ සඳහා එවීමට ඇය සැලසුම් කර තිබූ බව හෙලිවිය.

    එහෙත් අවසන් මොහොතේ එනම් දහවල් 12.30 ට ඇය එම සංචාරය අවලංගු කළාය. යානාව පිටත්වීමට නියමිත වූයේ දහවල් 1.40 ටය.මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ හා පොලිසිය ඇගෙන් ප්‍රශ්න කළ යුතුව තිබුණත් එවැන්නක්‌ සිදුවී නැත.1998 සැප්තැම්බර් 29 දා සිදුවූ ලයන්එයාර් ෙ€දවාචකය කාලයක්‌ සමඟම යටපත් විය. රජය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයක්‌ පැවැත්වීමටද ක්‍රියාකළේ නැත.එහෙත් වසර 14 කට පසු 2012 ඔක්‌තෝබර් මස ලයන්එයාර් අබිරහස හෙළිවිය.

    ත්‍රස්‌ත මර්දන බලධාරීන් මන්නාරමේ පදිංචිකරුවකු වූ ෂිවසුබ්‍රමනියම් තිල්ලරාඡ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ලයන් එයාර් යානාවේ අබිරහස වැමෑරුවේය.තමා ඉම්රාන් පාන්ඩියන් නැමැති කොටි මිසයිල බලකායේ සේවය කළ බවත් ලයන් එයාර් යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කළේ තමා බවත් ඔහු පාපොච්චාරණය කළේය.

    තිල්ලරාඡ් හෙළිකළ තොරතුරු වලින් පසු 2013 මැයි මස දිනෙක ත්‍රස්‌ත මර්දන නිලධාරීන් හා නාවික හමුදාවේ සහයෙන් ඉරනතිවු මුහුදේ අඩි 25 ක්‌ යට තිබූ ලයන්එයාර් යානාවේ එන්ජිම සහ වෙනත් සුන්බුන් ගොඩගැනීමෙන් යානාවට සිදුවූ විපත තහවුරු විය. අනතුරුව යානාවේ සිටි මගීන්ගේ මළ සිරුරු වළ දමා ඇති බව කියන ස්‌ථාන සෙවීමට ඉරනතිව් වෙරළ ප්‍රදේශයේ හෑරීම් කටයුතු සිදුකළත් මළ සිරුරු හමුවූයේ නැත.ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට ජිනීවා මානව හිමිකම් පරීක්‍ෂණ සභාව හමුවේ සාක්‌කිදී ඇත්තේ මෙම ඉම්රාන් පාන්ඩියන් බළකායේ මිසයිල ඒකකයේ කොටි ත්‍රස්‌තයන්ය.මේ කොටි ත්‍රස්‌තයන් කීපදෙනකුට ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී ඇත. එහෙත් ඔවුන් සැබෑ යුද්ධ අපරාධකරුවන්ය.

    55 කගේ දිවි අහිමිවූ ලයන්එයාර් යුද අපරාධය සම්බන්ධයෙන් කොටි නායක ප්‍රභාකරන් වෙතද යුද අපරාධ චෝදනා එල්ලවූයේ නැත. එසේම 2013 මැයි මස ඉරනතිව් මුහුදු වෙරළ හාරා මළ සිරුරු ගැන සෙවීමට ගත් උත්සාහයෙන් පසු අද වනතෙක්‌ වැඩිදුර හෑරීම් හෝ විමර්ශන සිදුවී නැත.මේ පසුබිම මැද උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් සහ ද්‍රවිඩ සන්ධානය ෂිවසුබ්‍රමනියම් තිල්ලරාඡ් වැනි අපරාධකරුවන්ද දේශපාලන සිරකරුවන් යයි හඳුන්වමින් රැඳවුම්භාරයෙන් මුදාගැනීමට උත්සාහ කරන බව හෙලිවී ඇත.

    පියාසර අංක 602 කොටි මිසයිල ප්‍රහාරයකින් විනාශවීම නිසා මගීන් ඇතුළු 55 කගේ දිවි අහිමිවීමේ මහා අපරාධය 2012 සහ 2013 වසරවල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත සාක්‌කි සහිතව ඉදිරිපත් කිරීමට ක්‍රියාකළ යුතුව තිබුණත් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිසි පියවරක්‌ ගැනීමට ක්‍රියාකලේ නැත.

    මේ සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධ චෝදනා එල්ලවී තිබුණි. එම පසුබිම මැද ඉරනතිව් සිට සැතපුම් 1.5 ක්‌ ඈත මුහුදු පත්ලේ තිබී සොයාගත් ඇන්ටනෝව් 24 යානාවේ එන්ජිම, එක්‌ටයරක්‌ සහ යානාවේ ගමන්ගත් කාන්තාවකගේ ජාතික හැඳුනුම්පතද යුද අපරාධයක සාක්‌කි ලෙස ඉදිරිපත් කිරීමේ කදිම අවස්‌ථාවක්‌ ශ්‍රී ලංකා රජයට උදාවිය. එහෙත් රජයේ බලධාරීහු නිහඬ විය. එසේම කොටි පරාජය වීම නිසා මන්නාරම රදගුරු රායප්පු ජෝසප්ගෙන්ද ලයන්එයාර් සිද්ධිය සම්බන්ධව ප්‍රකාශක්‌ ගැනීමට ත්‍රස්‌ත මර්දන බලධාරීන්ද ක්‍රියාකර නැත.

    එසේම ජිනීවා මානව හිමිකම් සමුළුවලදී ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවල ලයන් එයාර් සිද්ධිය ඇතුලත්වී නැත. මෙරට හෝ විදේශගත රාජ්‍ය නොවන සංවිධාන ලයන්එයාර් යානාව කොටි මිසයිලයකින් විනාශවීමේ සිද්ධිය මුළුමනින්ම යටපත් කරනු ලැබීය.එහෙත් රාජ්‍ය නොවන සංවිධාන විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පොකුරුබෝම්බ හෙලූ බවට එල්ලකල සාවද්‍ය චෝදනාව මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාවට ඇතුලත් කර තිබුණි.

    මානව හිමිකම් සෙයිද් රාද් හුසෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබියදී ලයන් එයාර් යුද අපරාධය වසන්වූයේ කෙසේද?උතුරේ කිසිදු ද්‍රවිඩ පක්‍ෂයක්‌ ලයන් එයාර් යානාවට කොටි මිසයිල ප්‍රහාරයක්‌ එල්ලවීම ජාත්‍යන්තරකරණය කළේ නැත.

    මේ තත්ත්වය මැද මෙම දිනවල ඇමරිකාවේ මෙන්ම බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධ වගකීම් යාන්ත්‍රණයක්‌ ගැන හඬනගයි. එහෙත් ලයන් එයාර් යානාවේ දිවි අහිමිවූ මගීන්ට යුක්‌තිය ඉටුවී නැත.
    ලයන් එයාර් යානාව විපතට පත්වීමේ සිද්ධියෙන් පසු කොටි සංවිධානය තවත් සාවද්‍ය ප්‍රකාශයක්‌ද කර තිබුණි. ඒ යානාවේ සිරවී ඇති මළසිරුරු ගොඩගැනීමට නාවික හමුදාව ඉඩනොදෙන බවයි.

    මෙලෙස වසර 18 කට පෙර මිසයිල ප්‍රහාරයකට ලක්‌වූ ඇන්වනෝව් යානාව සම්බන්ධයෙන් ඇමරිකාව බ්‍රිතාන්‍යය කැනඩාව ඇතුළු රටවල් ඊට කොටි සංවිධානය වගකිවයුතු බව ප්‍රකාශ කර නොතිබුණි.මේ අතර ත්‍රස්‌ත මර්දන ඒකකය අල්ලාගත් තවත් ත්‍රස්‌තයන් දෙදෙනකුගෙන් සහ යානාවේ මළ සිරුරු වළ දැමූ ප්‍රදේශයේ හිටපු ග්‍රාමසේවකයෙන් ලක්‌ තොරතුරු මත අධිකරණ නියෝගයක්‌ මතින් ඉරනතිව් වෙරළ හෑරුවත් ඇටකටු හමුවී නැත. උතුරේ ආරංචි මාර්ග පැවසුවේ සිරුරු වළදැමූ ස්‌ථානය වෙනුවට වෙනත් ස්‌ථානයක්‌ පෙන්නුම් කිරීමට රැඳවුම්භාරයේ සිටින ත්‍රස්‌ත සැකකරුවන් ක්‍රියාකළ බවයි.

    මෙම පසුබිම මැද පසුගිය සැප්තැම්බර් 29 දාට ලයන් එයාර් සමාගමේම් ඇන්ටනෝව් යානාව විනාශවී වසර 18 ක්‌ සපිරුණි. එහෙත් 33 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට වෙතද මෙම යුද අපරාධය ඉදිරිපත්වූයේ නැත. එසේම ඊටත් වඩා පුදුමයක්‌ වූයේ 2013 මැයි මස ඉරනතිව් වෙරළ හාරා සිදුකළ ලයන්එයාර් විමර්ශනය නතර වීමයි. එදාසිට 2016 සැප්තැම්බර් 29 තෙක්‌ ලයන්එයාර් විමර්ශනය සිදුවූයේ නැත. මෙයට හේතුව සංහිඳයා ක්‍රියාමාර්ගයද?

    එසේවූවත් මගීන් ඇතුළු කාර්ය මණ්‌ඩලයේ 55 කගේ දිවි අහිමිකළ ඉම්රාන් පාන්ඩියන් මිසයිල බළකායේ ප්‍රධානියාට ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී ඇත. ඔහු යුද අපරාධකරුවෙකි. මොහු ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රජයද ඉල්ලා නැත. ඔහු සිටින ස්‌ථානය එක්‌සත්ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මිත් සුකා පවා දනී. එහෙත් යුද අපරාධකරුවකුවූ මෙම මිසයිල බළකායේ ප්‍රධානියා ශ්‍රී ලංකා හමුදාව මානව හිමිකම් උල්ලංඝණය කළ බවට සාක්‌කියක්‌ දී ඇත.මේ හැර රාධා මිසයිල බළකායේ මිසයිල ප්‍රහාරයට ලක්‌වී තවත් ඇන්ටනෝව් යානාවක්‌ තලාව ප්‍රදේශයට කඩාවැටුණි. එහි සිටි හමුදා භටයන් සියළුදෙනාම ජීවිතක්‍ෂයට පත්විය.

    2000 වසරේ මාර්තු 30 දා පලාලි සිට රත්මලාන බලා පියාසර කරමින් තිබූ ඇන්ටනෝව් 24 යානාවට විල්පත්තු ප්‍රදේශයේදී මිසයිල ප්‍රහාරයක්‌ එල්ල විය. එම යානාව අනුරාධපුර වීරවැව ප්‍රදේශයට කඩාවැටුණි. සුපුරුදු පරිදි ගුවන් හමුදා බලධාරීන් පැවසුවේ යානාව කාර්මික දොaෂයකින් කඩාවැටී ඇති බවයි.එහෙත් වන්නි මෙහෙයුමින් පසු යානාවට සිදුවූදේ හෙළිවිය. එයද හෙලිවූයේ 2012 මාර්තු මාසයේදීය.

    අත්අඩංගුවට ගනු ලැබූ රාධා මිසයිල බළකායේ මිසයිල ක්‍රියාකරුවන්වූ ඉරන්තුරෙයි ජෙගන් හෙවත් පුලවන්ද කල්ලායි සිවලිංගම් හෙවත් සින්නතිලකන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් විල්පත්තුවේ සිට ඇන්ටනෝව් යානාවට ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර එම යානාව වැනසූ බව කියා සිටියේය. පසුව ත්‍රස්‌ත මර්දන නිලධාරීන් එම කොටි ත්‍රස්‌තයන් දෙදෙනාට විල්පත්තුව ගෙනයාමෙන් පසු හිස්‌ මිසයිල කොපු දෙකද හමුවිය.

    විල්පත්තු වනයේ සිට මිසයිල ප්‍රහාරයක්‌ එල්ලවූ ඇන්ටනෝව් යානාවේ යුක්‌රේනියානු නියමුවන් ඇතුළු කාර්ය මණ්‌ඩලයද හමුදා භටයන් 36 ක්‌ද සිටි බව අනාවරණය විය.මෙම ඇන්ටනෝව් යානාවට මිසයිල ප්‍රහාර එල්ලකල කොටි ත්‍රස්‌තයන් දෙදෙනාට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් වී තිබේ.මෙම කොටි ත්‍රස්‌තයන් දෙදෙනාද ද්‍රවිඩ සන්ධානය මෙන්ම ඊලම් ඩයස්‌පෝරාව හඳුන්වන්නේ දේශපාලන සිරකරුවන් නමිනි.

    කොටි සංවිධානයේ ඉම්රාන් පාන්ඩියන් සහ රාධා බළකාය මෙයට පෙර ගුවන් හමුදාවේ ඇඩ්රෝ යානා දෙකකටද මිසයිල ප්‍රහාර එල්ලකර විනාශ කරනු ලැබීය. එක්‌ ඇඩ්රෝ යානාවක්‌ විනාශවීමෙන් පසු ගුවන් හමුදා බලධාරීන් එය කාර්මික දොaෂයකින් කඩාවැටුන බව කියාසිටියේය. අනතුරුව දෙවැනි ඇට්‌රෝ යානාවේ නියමුවා තම යානාවට මිසයිලයක්‌ එන බව දැනුම්දීමෙන් පසු මුල් යානාව සහ දෙවැනි යානාවද විනාශවූයේ කොටි මිසයිල වලින් බව සනාථ විය.

    2009 මැයි මස වන්නි මෙහෙයුම අවසන්වීමෙන් පසු කොටි සංවිධානය සතුව තිබූ ගුවන් යානා නාශක මිසයිල 12 ක්‌ හමුවිය. මෙම මිසයිල සෑම් හෙවත් ස්‌ටේ්‍රලා වර්ගයේ මිසයිල බව තහවුරු විය.
    මෙම මිසයිල සම්බන්ධයෙන් වරක්‌ අපි නැගෙනහිර කොටි නායකයාව සිටි විනයගමූර්ති කරුණාගෙන් විමසූවිට ඔහු පැවැසුවේ රුසියානු කුලී හේවායන් ද කොටින්ට පුහුණුවීම් දුන් බවයි.

    මේ අතර ඉරනතිව් අහසේදී මිසයිල ප්‍රහාරයට ලක්‌වූ ලයන්එයාර් යානාවේ සිටි මගීන්ගෙන් කීපදෙනකුගේ තොරතුරු හෙලිවී ඇත.කර්මරාජා සුබ්‍රමනියම් මහත්මිය, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියන් වූ වනජා සහ සෙල්වරාණි, පුෂ්පා සෙල්වරාජා (කැනඩාව), සසි ක්‍රිෂ්නතම්බි, ආයුර්වේද වෛද්‍ය පර්මේන්වරන්

    air1.jpg

    එසේම ලයන්එයාර් සමාගම සමඟ යාපනයට ගුවන් සේවාවාක්‌ පැවැත්වූ මොනර ගුවන් සේවය 1998 සැප්තැම්බර් 17 සිය ගුවන් ගමන් නතර කළේය.එම වසරේම සැප්තැම්බර් 23 යාපනයේ ලයන් එයාර් කළමනාකරුට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වන ලෙස කොටි සංවිධානය ලිපියක්‌ එවා තිබූ බවද හෙලිවිය.යාපනයේ කොටි දේශපාලන නායකයාවූ මතිටාරන් විසින් උතුරේ ජනතාව වෙතින් ඉල්ලීමක්‌ කරමින් ගුවන් ගමන්වල නොයෙදෙන ලෙසද දන්වා තිබූ බව අනාවරණය විය.

    කීර්ති වර්ණකුලසූරිය – දිවයින
     
    Last edited:
    • Like
    Reactions: Hasistranger

    monson

    Well-known member
  • May 7, 2007
    25,578
    28,494
    113
    KP - Arms and ammunition supplier for all LTTE war crimes
    Karuna - Responsible for all LTTE war crimes in Eastern Province(eg: Aranthalawa murders, Killing surrendered 600 police men) in Eastern Province.


    Me panapitin inna lokuma LTTE karayo denna hurathal kara kara (Mahinda, Maithree, Ranil governments) pita unta banala wadak naha :(
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    KP - Arms and ammunition supplier for all LTTE war crimes
    Karuna - Responsible for all LTTE war crimes in Eastern Province(eg: Aranthalawa murders, Killing surrendered 600 police men) in Eastern Province.


    Me panapitin inna lokuma LTTE karayo denna hurathal kara kara (Mahinda, Maithree, Ranil governments) pita unta banala wadak naha :(

    dan mahinda na ne ponsiyo. KP, karuna koheda inne dan? :lol: nikan palayan ponayo yanna
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    විල්පත්තු වනයේ සිට මිසයිල ප්‍රහාරයක්‌ එල්ලවූ ඇන්ටනෝව් යානාවේ යුක්‌රේනියානු නියමුවන් ඇතුළු කාර්ය මණ්‌ඩලයද හමුදා භටයන් 36 ක්‌ද සිටි බව අනාවරණය විය.

    - See, not a war crime. Soldiers on board. And you do not fly over war zones.