“සමගිය බලයවේ” එකගද ?

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
“සමගිය බලයවේ” එකගද ?

“සමගිය බලයවේ” මොකද කියන්නේ එකගද ? එකග වන්න වෙනවා අඩුම තරමේ යම් තරමකට, මොකද හුගක් උදාහරණ දෙන්නට පුලුවන් මේ සම්භන්දව !!. මේ ලෝකයේ මෙතෙක් ඉපදුන/ඉපදුනාවූ සුවිශේෂීතම මිනිසා, අප අමා මහ බුදු රඡාණන් වහන්සේ “සමගිය බලයවේ” යන්න සනාථ කිරීමට වදාලාවූ උදාහරණ දැන් ඔබ සැමට මතක් විය යුතුයි !!. මෙලෝ අන් සැවොම තම ඡාතීන් ආගම් සමග සමගියෙන් එකාසේ එක්ව අන්ඡාතීන් පාගා තලා පෙලීම වටහානොගත් අයෙක් මා හිතන්නෑ මේ ලෝකයේ, ශ්‍රී ලංකාවේ සිටිනවාය කියා !. අපිත් එක්ව අනුන් තලා පෙලීම ගැන නොවේ මම මේ කියන්නට යන්නේ, ඔබ “සත්‍යය වශයෙන්ම බෞද්ධ” නම් එවැනි චින්තනයක් ඇති වන්නට බැහැ.

ඔබලා දන්වා දැන් අප රටට ඡාතියට ආගමට අත්ව ඇති සහ අත්වෙමින් පවතින ඉරණම පිලිබදව !. ඒ සම්භන්දව යම් තරමකට ගුණදායී ප්‍රවනතාවක් දක්නට පුළුවන් රට තුල. හතු පිපෙන්නාසේ ඇති වන, බිහි වන අළුත් අළුත් ලොකු පොඩි සංගම්, සංවිදාන, පක්ෂයන්, කණ්ඩායම් ඉතා විශාල ප්‍රමානයක් දක්නට පුළුවන් නේ. කමක් නැහැ තිබ්බ තරමට හොදා කියල කියනව, නමුත් මේ අතරතුරේ කවුරුවත් හිතුවද සිංහලයා තවමත් කෑලි කෑලි කෑලි වලට බෙදිලා කියලා !? !?.

osg9hk.jpg

“රට ඡාතිය ආගම”

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කුඩුකේඩු කම්, අනිත් අය තමන්ගේ සංවිදාන අබිබවා යන විට කඩාකප්පල් කාරී ක්‍රියා සියල්ල නවතා මදකට හිතන්න ඔබලාගේ සංවිදානය ආරම්බ කරනු ලැබු අරමුන කුමක්ද කියලා !? රට ඡාතිය ආගම බේරගන්නට නේද, සංවිදානය පිහිටුවා ගනු ලැබුවේ ? (එහෙම නොවේ නම් ඉතින් ඒ තම තමන්ගේ පෞද්ගලික පටු අරමුණු මත). මේ නිසා බෞද්ධ සිද්ධස්ථාන හා සම්භන්දව කරන්නාවූ කටයුතු එකමුතුව අරබනවා නම් වඩාත් ඵලදායී වේයැයි මා සිතනවා !!.

මේ සියළුම සංගම්, පක්ෂයන්, කණ්ඩායම් තවත්… තිබෙනව නම් ඔක්කෝම එකට එක්වී එකම අරමුණකට, ඒ කියන්නේ “රට ඡාතිය ආගම බේරගන්නට කටයුතු කරමුද” දැන්වත් !?. ඔබලා සත්‍යය වශයෙන්ම බෞද්ධයින් නම්, මෙය “මහා මේරු පර්වතය නොවේ” යැයි සැලකිය යුතුය !!.

අන්තිමට මේටිකත් මතක තියාගන්ට, මේ සියළුම සංගම්, සංවිදාන, පක්ෂයන්, කණ්ඩායම්… අස්සේ අන්ආගමික අන්ථවාදීන්ද රින්ගන්නට පුළුවන් අප සමගිය කඩාකප්පල් කරලීම පරම අදහස කරගෙන !! නමුත් මේ සියල්ල මැද යමු අපි “සමගිය බලය” කරගෙන ඉදිරියටම “රට ඡාතිය ආගම” බේරා ගැන්මට !!.

තෙරුවන් සරණයි.