“සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජා&#3

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    “සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජා&#3

    “සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජාතිවාදියිලු.. තහනම් කරන්නලු!

    මේ රට “සිංහලේ” රට ලෙස නොව එකම ලේ ලෙස සිතිය යුතු බවත් එවැනි අන්තවාදී සංවිධාන හා ජාතිවාදී ආගම්වාදී ‍දේශපාලන පක්ෂ තහනම් කිරීමට කටයුතු කළ යුතු බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා පවසයි.

    ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ 150වන සංවත්සරය වෙනුවෙන් කොළඹදී පැවති උත්සවයක් අමතමින් කාදිනල්වරයා මේ බව පැවසීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව සිටියහ.

    මේ අතර කාදිනල් පියතුමාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික සංවිධාන නියෝජිතයන් පැවසූයේ මේ රටේ සිංහල බෞද්ධ පදනම මත ගොඩනැගෙන ඕනෑම ව්‍යාපාරයක් අන්තවාදී ජාතිවාදී හංවඩුව ගසා එය යටපත් කිරීමට සිංහල බෞද්ධ විරෝධීන් කටයුතු කරන බවයි. වතිකානු රාජ්‍යයේ කාදිනල් තනතුරක් හොබවන, එම රාජ්‍යය විසින් මෙරට නියෝජිතයකු වශයෙන් පත්කළ මැල්කම් රංජිත් පියතුමාට “සිංහලේ” හෙවත් මෙරට ඓතිහාසික ජාතිකත්ව උරුමය පිළිබදව ප්‍රශ්න කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද ඔවුන් සදහන් කළා.

    එමෙන්ම කොටි ත්‍රස්තවාදය හා ද්‍රවිඩ බෙදුම්වාදය ඉදිරියේ මුනිවත රැකි කාදිනල් පියතුමා ඇතුළු පිරිස “සිංහලේ” සංකල්පය දැක කලබලයට පත්වී සිටින බවත්, සිංහලේ ට බැට දීමට කතා කරන ඔවුන් මෙරට ක්‍රියාත්මක ඉස්ලාමීය හා ක්‍රිස්තියානි මූලධර්මාවදී සංවිධාන ගැන මුනිවත රැකීම ලැජ්ජාවට කරුණක් බවත් එම නියෝජිතයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූවා.

    වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් පැවසූයේ “සිංහලේ” යනු ජාතිවාදී, බෙදුම්වාදී සංකල්පයක් නොවන බවත්, 1815 උඩරට ගිවිසුමෙන් පවා ගිවිසුම්ගත වූ මෙරට හැදින්වූ නම බවත්, ඒ තුළ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණියක් විසින් මෙරට ස්වදේශීක ජනතාවට අහිමිකරන ලද ස්වාභිමානය, ස්වදේශිකත්වය, ඓතිහාසික ජාතික අනන්‍යතාවය ඇතුළු පැරණි සිංහල ජනසමාජය සතු වූ සදාචාරවත් හරයන් කැටිකොට ගත් උතුම් සංකල්පයක් බවත්, මෙරට වෙසෙන සියළු ජනවර්ග සිංහලේ තුළින් නියෝජනය වන බවත්ය.

    එබැවින් “සිංහලේ” රාජ්‍ය විනාශ කර දැමීමට මුල්වූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසී ආදී විජාතිකයන්ගේ වත්මන් නියෝජනය ලෙස පෙනී සිටිමින් මෙරට ජනතාවගේ ස්වදේශිකත්වයට, ස්වාභිමානයට ජාතිවාදී අන්තවාදී ලේබල් ඇලවීමට කාදිනල්තුමා දරණ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවද එම නියෝජිතයන් ප්‍රකාශ කළා.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mama dekapu deyak thiyenawa. bohomayak katholika ho kristhiyani ho wenath a agame nikaya wala aya eyala sinhala kiyanawata echchara asa ne wage. Eyala sinhala charithra karanne neththe ewa bauddayanta adalai wage adahasakinda manda.

    mama nam kiyanne api sinhaleta wada siwhele kiyala. mokada oya sinhale kathawa eddi nikan vijayagen awa minissu wagene selakenne, hebei lankawata awa 700+ ganakin mulu ratakama le swadeshika le walin wenas wenna behene :D
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    ‘ඥානාර්ථ ප්‍රදීපය’ උත්සවේට මේ කැ*යට එන්න කිව්වේ මොන මගුලටද?
    ane උබේ මොලේ සිංහලේ ඇවටර් එක දැම්මට :P:P:P:P
     
    • Like
    Reactions: topkollek

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113


    දන්නවනම් කියපන්කො ඇයි කියලා මේ කොටි නාම්බව ගෙන්නුවේ?

    ‘ඥානාර්ථ ප්‍රදීපය’ පල්ලියේ පත්තරය බන් ..:D:D:D:D
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    “සිංහලේ” යනු ජාතිවාදී, බෙදුම්වාදී සංකල්පයක්...
    කොහමද බන් සිංහලේ ජාතිවාදී බෙදුම්වාදී සංකල්පයක් වෙන්නේ ?:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒ අයගේ එකම පැතුම,
    ඒකයි සිංහලේ දකිද්දි රිදෙන්නේ

    28slxn8.jpg
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    sinha le=eelama
    lankahq.net/derana-360-11-01-2016-part-1/view-191611
    11.35 idan balanna