“හකුරා” කියා අපහස කළා, පොලිසියේදී නිරුවත් ක&#3

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    “හකුරා” කියා අපහස කළා, පොලිසියේදී නිරුවත් ක&#3


    %E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BD-%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB-%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84.jpg
    01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.
    02. එන්. කේ. ඉලංගකෝන් මහතා
    පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.
    ලිඛිත පැමිණිල්ල
    චන්දිල පද්ම කුමාර ගුරුසිංහ, අවු: 35, ජා.හැ.අ.773150923ඩ , විවාහක, දරුවන් 02යි, රැකියාව : ව්‍යාපාරික
    ලිපිනය : කිරිපේද්ද, බබුවෝ කන්ද, කරන්දෙණිය.
    2013.06.04 දිනදීය.
    2013 මැයි 07 දින, සවස 3.00 ට පමණ, මා මාගේ වැඩපලෙහි, එනම් කරන්දෙණීයේ සී.ජී.අයන්වර්ක් හී වැඩ කරමින් සිටියදී – කරන්දෙණීය පොලිස් ස්ථානයේ. පො.කො.53241 සිල්වා හා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මෙන්ඩිස් සිවිල් ඇඳුමින් පැමිණියා.
    පො.කො.53241 සිල්වා, මට කතාකොට වහලක් මනින්න තියෙනවා නගින්න කිව්වා. ඔවුන් දෙන්නා පැමිණ සිටියේ ජීප් රථයෙන්.
    මම ජීප් රථයට නැග්ගා. ජීප් රථය පැදවූයේ උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මෙන්ඩිස්. අපිට මේකේ මොනවාද කරන්න බැරි කියමින්, 4 කණුව ලඟ පාරේ මැද නවත්වලා, පිටුපසින් පැමිණි වාහනයට ඉස්සර කරන්නට ඉඩදී, එය නවත්වා, එහි සිටි අය සමග කථා කලා.
    එම වෑන් රථයේ 4කු පමණ සිටියා. ඔවුන්ව මා අඳුනන්නේ නෑ. ඔවුන් කථා කළේ හවසට හමුවෙලා අරක්කු බොන එක ගැන.
    එයින් පසුව පොලිසියට ගෙන ගියා. පොලිසියේ යාබද පිහිටි, කාමරයකට ගෙනගොස් එහි යකඩ ඇඳකට තබා, අතකට මාංචු දැම්මා. මම ඇඳේ වාඩි වුනා.
    මා දුටුවා, මාගේ අයියා වන චන්දන ප‍්‍රදීප් ගුරුසිංහ හා ප‍්‍රාදේශීය සභා මංත‍්‍රී කපිල කුමාර එළීයේ ඉන්නවා.
    මා උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මෙන්ඩිස් ගෙන් ඉල්ලූවා අයියා එක්ක කථා කරන්න දෙන්න කියා. ඔහු “උඹට දෙන්නම්” කියා කාමරයේ ෙදාර වසා ගියා.
    රාත‍්‍රී 7.30 පමණ, උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මෙන්ඩිස් අතින් මාගේ මුහුණට දෙකක් ගසා, කියපන් කිව්වා කුරුඳු මුදලාලිගේ නම. මම කිව්වා මම දන්න කුරුඳු මුදලාලි කෙනෙක් නෑ කියා.
    ”උඹ දන්නේ නැත්තේ මොකෝ කියා” මාව රැගෙන ගොස් කූඩුවට දැම්මා.
    මම එළීවනතෙක් කුඩුවේ සිටියා. දෙවෙනි දවසේ (2013 මැයි 08) සවස 3.00 පමණ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි ලඟට මා ගෙන ගියා. ඔහු මට කියාගෙන ගියා, උඹ මංකොල්ලා කාලා තියෙනවා, චේන් කඩලා තියෙනවා, ආයුධ බිස්නස් කරලා තියෙනවා කියා. මම නැහැ කියන්න කියන්න ඔහු උඹ කරලා තියෙනවා කියමින් ජංගම දුරකථනයක අපැහැදිලි පටිගත කිරීමක් මට අහන්න කියා කණට තිබ්බා. ඔහු කියා සිටියා ”හකුරන්ව” මට පේන්න බැහි කියා.
    එ් සමගම වාගේ, උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මෙන්ඩිස් හා පො.කො.53241 සිල්වා එතැනට පැමිණීයා.
    ඔහු, පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි, පො.කො.53241 සිල්වාගෙන් ඇහුව්වා මූට බෝම්බයක් දාලා අවුරුදු 4කට විතර යවමුද කියා.
    නෑ අරක කරලා ඉඳිමු, මූ එතකොට කියයි යනුවෙන් පො.කො.53241 සිල්වා කිව්වා. ඊට පස්සේ ආයෙත් කූඩුවට දැම්මා. උඹට පැයක් දෙනවා හිතලා බලලා උත්තරයක් දීපන් කිව්වා.
    මා දන්නේ නෑ – අරක කියන්නේ මොකක්ද කියා. මා නිශ්ශබ්දව සිටයා.
    එයින් ටික වේලාවකට පසුව, පොලිසියට නිහාල් ශාන්ත නැමැති – කුරුඳු මුදලාලි පැමිණියා.
    ඔහු සිනාසෙමින්, පොලිසිය තුල ගෙදරදී මෙන් හැසිරෙමින් සිට, පො.කො.53241 සිල්වා හා උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මින්ඩිස් සමග, වෙනත් කාමරයකට ගියා.
    පැයකට පමණ ආසන්න කාලයක් එම කාමරය තුල ඔවුන් සිටියා. එයින් පසුව පො.කො.53241 සිල්වා කූඩුව ලඟට පැමිණ, මාව වරෙන් කියා එළියට ගත්තා. එ් අවස්ථාවේ තවත් අයෙක් කූඩුවේ සිටියා. ඔහුගේ නම ”පොඩි සන්ත හෙවත් ලසන්ත”.
    මේ වන විට මා දැනගත්තා මාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කුරුඳු සොරකමකට කියා.
    මාව පො.කො.53241 සිල්වා, උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මෙන්ඩිස් හා තවත් අයෙක් මාව එළීයට ගෙනගිය අතර, පා.කො.53241 සිල්වා පොඩි සන්තට කිව්වා ඊලඟට උඹ ලැහැස්ති වෙයන් කියා.
    මේ වන විට සවස 4.00 ට පමණ ඇති. මාව ගෙනිච්චේ පොලිසියේ කුස්සියට. එහිදී මට කිව්වා රෙදි ගලවපන් කියා. මාව සම්පූර්ණයෙන්ම නිරුවත් කලා.
    එසේ කරන විට ඔවුන් ”උඹේ පස්ස…………..වුනා අපට” ආදී, අසභ්‍ය වචන කිව්වා. මට ”හකුරා” කියමින් අපහස කළා.
    ඉන්පසු අත් දෙක පස්සට අරන් කඹයකින් ගැට ගැසුවා. කඹය කුස්සියේ බාල්කය උඩින් දාලා – එක් කෙළවරක් උප පොලිස් පරික්ෂක මෙන්ඩිස් හා අනෙක් නිලධාරියා අල්ලා ගත්තා. ඔහුව දුටුවොත් අඳුරන්න පුලූවන්.
    ඔවුන් දෙන්නා කඹය ඇද්දා මාගේ අත්දෙක කැරකී උඩට ගියා. බෙල්ල පහතට වැටුනා ඉන්පසු ප්ලාස්ටික් පුටුවක් තියා මට නගින්න කිව්වා. මම නැග්ගා. කඹය තවත් ඇද්දා. එ් සමගම පුටුව පො.කො.53241 ඇද්දා. මාගේ අත් කැඩුනා වගේ දැනුනා. මාව එල්ලූනා. එහෙම ඉන්නකොට දැන් කොහොමද ර්‍ණෙටිපිය” දැන් කියන්න පුලූවන්නේද ඇත්ත කියා කිව්වා. මම කිව්වා මම කිසිම දෙයක් දන්නේ නෑ. කළෙත් නෑ කියා. උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් කිව්වා ඕකාට තාමත් දාඩිය දාලා නෑ, දාඩිය දානකම් තියමු කිව්වා.
    ටික වේලාවක් යනකොට, මගේ නහයෙන් මුහුණෙන් එක දිගට දාඩිය වැක්කෙරෙන්න ගත්තා. පො.කො.53241 සිල්වා දැන්වත් කියාපන් කිව්වා. මා යලිත් කිව්වා මා කිසිවක් නොකල බව.
    මගේ ඇස් නොපෙනී ගියා. එවිට බිමට බෑවා. යලිත් මට ඇත්ත කියපන් කිව්වා. මම කිව්වා මා කල දෙයක් නෑ කියා. එවිට නැවත උඩට ඇද්දා. පො.කොත53241 කොසු මිටක් ගෙනවිත්, බොරුවක් හරි කියාපන් කියමින් මගේ යටි පතුල්වලට පහර දුන්නා. යටිපතුල්වලට ගහන අතර, මාගේ පුරුෂ ලිංගයට කොහු මිටෙන් තට්ටු කරමින් උඹ බැඳලා නේද කියා ඇසුවා. මම කිව්වා බොරු කිව්වොත් ගහන එකනේ කරන්නේ කියා.
    පො.කො.53241 සිල්වා මිරිස් කුඩු හා ෂොපින් බෑග් එකක් ලඟට ගෙනවිත් උඹ දන්නවාද මේකෙන් කරන දේ කියා ඇසුවා. මම නෑ කිව්වා. එ් එක්කම ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලාල් චන්ද්‍රසිරි එතැනට ඇවිත් මගෙන් සුසන්ත කියන්නේ කවුද කියා ඇසුවා. මම මොන සුසන්තද කියා ඇසුවා. ඔහු අම්බලන්ගොඩ සුසන්ත කිව්වා. මම කිව්වා අඳුරන බව. ඔහු කිව්වා කඹය ලිහන්න කියා. කඹය ලිහුව්වා. ඊට පස්සේ බිත්තියට හේත්තු කරලා, ඔහු කිව්වා උඹ වාගේ මල්ලිලා මටත් ඉන්නවා, උඹ මංකොල්ලා කාපු එක ස්ථීරයි. උඹට දැන් බෝම්බයක් දාලා අවුරුදු 4කට යවනවා කියා.
    මම කිව්වා එකක් නොවෙයි දහයක් දාන්න, පවක් තියෙනවානම් ගෙවන්න වෙනවා කියා. බෝම්බ දාමු නේද කියා ඔවුන් ගියා. මට ඇඳගන්න කිව්වා. එ් වන විට මම කිසි දෙයක් කරගන්න බැරිව හිටියේ.
    එතැනට පැමිණී වෙනත් කොස්තාපල් කෙනක් මට රෙදි ඇන්දුවා. ඔහු මාව පොලිසිය තුලට ගෙන ගියා. මාව කූඩුවට දැම්මා.
    මට කිසිවක් කරන්න බැරි තත්වයක් ඇතිවුනා. කූඩුවේ හිටපු පොඩි සන්ත මගේ කලිසමේ සිප් එක පහත්කර, කොකාකෝලා බෝතලයක් මුත‍්‍රා කරන්න සැලැස්සුවා. මට ඔහු කැව්වා. වතුර බොන්න දුන්නා.
    මේ වන විට, ඇදිරි වැටීගෙන එනවා. ගමේ අය මාව බලන්න එන්න පටන් ගත්තා. මම හිතන විදිහට 50ක්, 60ක් ආවා. එ් අතර, ප‍්‍රාදේශීය සභාවේ පරිසර අධිකාරී ආන්නද රූපසිරි ඔහුගේ බිරිඳ සමග පැමිණීයා. ඔවුන් ස්ථානාධිපති සමග කතා කලා. ඔහු කිව්වා මම හොරෙක් නොවෙයි, වැරදි කරන කෙනෙක් නොවෙයි කියා. ස්ථානාධිපති දිගින් දිගටම කිව්වා මූ හොරෙක් මූ හොරෙක් කියා. ඔහු යන්න ගියා.
    එදින රාත‍්‍රී එළිවන තුරු මම කූඩුවේ හිටියා.
    පසුදින , 2013 මැයි 09, උදේ 10.00 ට පමණ, උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මෙන්ඩිස් කූඩුව ලඟට ඇවිත් උඹ පොලිසියට විරුද්ධව නඩු දාපිය, පිකටිං කරපිය, තොට මම අම්බලන්ගොඩ අරන් ගිහිල්ලා ”කරිජ්ජෙන් පු…හෝදනව, කැ… කියලා තර්ජනය කළා.
    සවස 5.00ට පමණ, මාව ජීප් රථයෙන් අම්බලන්ගොඩ පොල්වත්ත ප‍්‍රදේශයේ පුද්ගලික ඩිස්පැන්සරියක් පවත්වාගෙන යන වෛද ප‍්‍රසන්න විජේසිංහ ලඟට ගෙන ගියා. මාව ගෙන ගියේ පො.කො.53241 සිල්වා හා උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මන්ඩිස් මාව හා තවත් නිලධාරියෙක්. මාව හා එම නිල්ධාරියාව එළියේ තියා පො.කො.53241 සිල්වා හා උපපොලිස් පරීක්ෂක මෙන්ඩිස් වෛද්‍යවරයාගේ කාමරයට ගොස් ෙදාරවසාගෙන පැය 1/2ක් පමණ කතාකරමින් සිටියා.
    මා සමග සිටි පොලිස් නිලධාරයා මුන් දෙන්නා මේක ඇතුලේ මොනවා කරනවාද කියමින් ෙදාරට තට්ටු කලා. එවිට ෙදාර ඇරියා. මා ඇතුලට ගොස් වෛද්‍යවරයා ඉදිරිපිට පුටුවේ වාඩි වුනා. වෙද්‍යවරයා උඹ කරන්දෙණියේද කියා මගෙන් ඇසුවා. මම ඔව් කිව්වා. බොලාගේ මහ එකාව ගොඩගත්තේ මම තමයි, කරන්දෙණියේ එවුන්ට කිසිම ගුණයක් නැහැ කිව්වා. මගේ නම අසා, පොලිසියෙන් දීපු පෝරමයක් පිරෙව්වා. මාව පරීක්ෂා කළේ නැහැ.
    ඉන් පසු මාව ඇල්පිටිය උසාවියට ගෙන ගියා. එ් අවස්ථාවේ උසාවිය වහලා තිබුනා. මාව මහේස්ත‍්‍රාත්ව තුමාගේ නිල කාමරයට ගෙන ගියා. මා වෙනුවෙන් නීතිඥ ධම්මික මහතා ඉදිරිපත් වුනා. මට පොලිසිය පහරදුන් බව ප‍්‍රකාශ කලා. එහිදී මාව 2013.05.16 දක්වා රක්ෂිත බන්ධණාගාරගත කලා මාව ගාල්ල බන්ධණාගාරයට ගෙනයනකොට රාත‍්‍රී 8.30 පමණ වුනා.
    පසුදින (2013.05.10) බන්ධනාගාරයේ මම හිටියා. නමුත් මට කිසිම ප‍්‍රතිකාරයක් ලබා දුන්නේ නැහැ. 2013.05.11 දින උදේ 9.30 පමණ, මාව කරාපිටිය ශීක්ෂණ මහා රෝහලට ගෙන ගියා. එහිදී මාව අධිකරණ වෛද්‍යවරියට ඉදිරිපත් කලා. ඇය මාව පරීක්ෂා කලා. ජායාරූප ගත්තා. විස්තර ලබාගත්තා. එ් අවස්ථාවේ බන්ධණාගාර නිලධාරීන් මාව නැවත බන්ධනාගාරය වෙත ගෙනයාමට දැඩි උත්සාහයක් ගනු ලැබුවා. නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීනය එයට ඉඩ දුන්නේ නැහැ. මාව වාට්ටු අංක 58ට ඇතුලත් කලා. මම 2013.05.13 දක්වා නේවාසිකව රෝහලේ ප‍්‍රතිකාර ලබාගත්තා.
    2013.05.13 දින සවස රෝහලෙන් නැවත බන්ධණාගාරයට ගෙන ගියා. 2013.05.16 දින අධිකරණයට ඉදිරිපත් කල අතර, මාව ඇප මත මුදාහැරියා.
    එදින සිට මේ දක්වාම මා දේශීය ප‍්‍රතිකාර ලබාගන්නවා. මට මගේ රැකියාව කරගන්න බැහැ.
    මා පසුව දැන ගත්තා මාගේ බාල සොහොයුරා වන චමිල් පද්ම කුමාර 2013.05.11 දින ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි වෙත මේ හා සම්බන්ධ පැමිණිල්ලක් කරන ලද බව.
    එයින් අනතුරුව දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස් වෙත පැමිණිලි කරන ලද අතර එම පැමිණිල්ල අදාලව විමර්ශණය 2013. 05. 23ට නියම කර තිබුනද එදින විමර්ශණය සිදු කළේ නැත.
    මට විරුද්ධව පවරා තිබෙන ව්‍යාජ චොදනා නඩුවේ අංකය 78654 වේ. මිළඟ නඩු දිනය 2013.06.26 වේ.
    මා ඉල්ලා සිටින්නේ,
    මා අත් අඩංගුවට ගෙන, අමානුෂික වධහිංසාවන්ට ලක්කර, ව්‍යාජ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර, බන්ධණාගාරගත කිරීමෙන් මාගේ මූලික අයිතිවාසිකම් කඩ කරනු ලැබූ කරන්දෙණිය පොලිස් ස්ථානයේ – ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මෙන්ඩිස්, පො.කො.53241 සිල්වා ඇතුලූ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට සහ මට විරුද්ධව පවරා තිබෙන එම ව්‍යාජ නඩුව ඉවත් කිරිමට පියවර ගන්නා ලසටය.
    ඉහත කරුණු සත්‍ය හා නිවරැදි බවට සහකතික කරමි
    චන්දිල පද්ම කුමාර ගුරුසිංහ


    Source - http://www.colombotelegraph.com/index.php/police-june-06-2013/
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan oke "hakuro" kiyala thiyenawa neda,
    eka kulayak ,mamath e kulaye machan,
    gowigama ta wada e kulaya pahath mama danna widiyata
     
    Last edited:
    • Like
    Reactions: MC New York

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,346
    630
    113
    N/A
    adooo paw ban.. kalakanii police haththa.. me wage jara wdiyata wada denawada ban waraddak karath.. :angry: :angry:

    policiya cha ban, ape gedarata horu panlath mungen kisima wadak na, namata vitharai inne, kawda kamathi polissiyata yanna mona prashnayakadi hari, un inne ahinsaka minisunge jiwitha winasha karannai...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    polis karayo hamoma ithin salli walata yatawela..... unta apita wala kapanna hari lesiy... nikan pathuramak hari ape langa thibba kiyala alluwoth api hire...
     

    rog

    Member
    May 21, 2013
    96
    4
    0
    api gowigama.kula kiyanne issara rajawarunge uwamanawata hadagaththa moda joke1k.owa dan gananganne na.pahath kiyala kula na.minissunta kula kiyala apahasa karana eka jara wadak.
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඔය ආර්ටිකල් එකේ තියෙන්නෙ ආනන්ද රූපසිරි කියලා නමක්. ඌ නම් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවෙ ඉන්න ගූ කන වේසිගෙ පුතෙක්.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mona pa*yei kula beidhayakda ban, api okkoma minissu, oya police ka*yanta hena hathama gahanna onei varadhdhak nathuva ajinsaka minissunta karadara karanavata

    machan mamath oya kula seen danne naha,eth ape bappa badina iddi thama oka mama danagaththe,pisu hadenawa ban owa ahapuwama,adatath machan kandy wage paththaka wedding waladi samahara ewun owa hoyanawa ban