“Google”දෙවියන්ගේ දේවාල...

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    “Google”දෙවියන්ගේ දේවාල...

    ලක්ෂ ගණනක් වු සෙවීම් වචන වලට ක්ෂණිකයෙන් පිළිතුරු සපයමින්,විනෝදයට කාන්සියට විඩියෝ පෙන්වන යු ටියුබය වගේම මිලියන ගණනක් වු ලොව වටා ජනී ජනයාට ඊමේල් පහසුකම් දෙන අපි කවුරුත් දන්න ගුගල් ආයතනය කොයි වගේ ඇත්ද? :cool::cool:

    Chamikawpblogspotcom9-23.jpg


    ලොවට ඔවුන්ගේ සේවය සපයන විශාල වු දත්ත මධ්‍යස්ථානයන් පිළිබඳ තොරතුරු හා ස්ථාන පිළිබඳව ප්‍රථම වරට අන්තර්ජාලයට තොරතුරු සපයා තිබුනා..:eek:

    මේ ඒ ගැන දැන කියා බලාගන්න ඔබගේ අවස්ථාවයි...
    11.gif

    මේ “ElaKiri Chamikawp

    වෙනද වගේම ‍තොරතුරු හා ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් උපුටාගත්තා...
    3.gif

    හොදයි කියලා හිතෙනවනම් කියවලා බලලා අදහසක් එකතු කරලා යන්න.. :)

    දස දහස් ගණනින් යුතු සර්වර් පරිගණක රාශීයක්.... :nerd:

    ඒ අතර පැදයන පාපැදි වගේම විවිධ වර්ණ වලින් යුතු වයර කේබල් මේ අතර තුර බොහෝමයි.


    ගුගල් සමාගම සතු මේ රහසිගත දත්ත මධ්‍යස්ථාන ඇමරිකාව ඇතුලු රටවල් රාශියකට විහිදි ඇත. මේ තියෙන්නේ ගුගල් සමාගමේ ප්‍රධාන දත්ත මධ්‍යස්ථාන පිහිටා ඇති නගර හා ඒවා හදුන්වන නම්...

    • Berkeley County, S.C.
    • Council Bluffs, Iowa
    • Douglas County, Ga.
    • Mayes County, Okla.
    • Lenoir, N.C.
    • The Dalles, Ore.
    • Hamina, Finland
    • St. Ghislain, Belgium.
    මීට අමතරව තවත් අලුතින් දත්ත මධ්‍යස්ථාන කිහිපයක්ම නිර්මාණය කරමින් පවතිනවා..:)

    ඒ හොංකොං,චීලී,තායිවානය සිංගප්පුරුව යන රටවල් හා කිලුයිකුරා නගරයේයි.:)

    අපගේ දත්තවල උපරිම ආරක්ෂාව වෙනුවෙන් එවැනි දත්ත මධ්‍යස්ථානයකට යා හැකි වන්නෙ ඉතාම සුළු පිරිසකට පමණයි. මෙලෙස අප දැනුවත් කරන්නට ගුගල් ආයතනය සතු දත්ත මධ්‍යස්ථාන වලට ඇතුල් වීමට අවසර ලැබි තිබුනේ Wired සඟරාව වෙනුවෙන් ලිපියක් ලියන මීට පෙරත් ගිය වසරේදී ගුගල් සමාගමේ පෙරලිය පිළිබඳව ‍පොතක් ලියු

    Steven Levy මහතාටයි. එහි නම In the Plex යන්නයි.
    Chamikawpblogspotcom1-59.jpg


    ලෝවා හි පිහිටා තිබෙන ගුගල් සමාගමේ Council Bluffs සර්වර් දත්ත මධ්‍යස්ථානයේ ඉඩ කඩ පමණක් වර්ග අඩි 115,000 වෙනවලු... :baffled:

    ඒ මධ්‍යස්ථානයෙන් ගුගල් සෙවීම් හා යු ටියුබ් විඩියෝ සඳහා සහාය දක්වනවා..

    Chamikawpblogspotcom3-52.jpg



    ජෝර්ජියාවේ පිහිටි Douglas Country හි දත්ත මධ්‍යස්ථානයේ විශාලත්වය කෙසේද යත් එහි ඇතුලත සේවකයන් සඳහා ඇතුලත වැඩකටයුතු වලට පහසුවෙන් ගමන් බිමන් සිදුකිරිමට පාපැදි පවා ලබා දීලා තියෙනවා..:shocked:

    Chamikawpblogspotcom5-45.jpg


    The Dalles, Ore. දත්ත මධ්‍යස්ථානය ඩොලර් මිලියන 600 වියදම් කරමින් ගුගල් සමාගම නිර්මාණය කල ප්‍රථම විශාල ප්‍රමාණයේ දත්ත මධ්‍යස්ථානයයි.එය කොලොම්බියා ගඟ අසල ඩලස් වේල්ල අසල පිහිටා ඇත.:)
    Chamikawpblogspotcom4-50.jpg

    එන්න දත්ත මධ්‍යස්ථාන වටා රවුමක් යන්න.. :cool:



    2010 සාදා නිම කරන ලද යුරෝ මිලියන 200 වියදම් කල Hamina, පින්ලන්තයේ දත්ත මධ්‍යස්ථානය හෙල්සින්කි නගරය අසල පිහිටා ඇති අතර මුහුදු ජලය මගින් සිසිල් කිරීම සිදුකරන ප්‍රථම දත්ත මධ්‍යස්ථානයද වේ.:eek:
    ඒ පින්ලන්ත බොක්කෙන් මුහුදු ජලය ලබා ගනිමිනි.:baffled:
    ලැරි පේජ් හා සර්ජි බ්‍රින් හා තවත් ඉංජිනේරුවන් එකතු වී සිලිකන් වැලි ප්‍රදේශයෙන් ගරාජයකින් ඇරඹුනු දත්ත පද්ධතිය අද වඩාත් ව්‍යාප්ත වෙමින් ලොව ජනී ජනයාට පහසුකම් සපයයි.

    Chamikawpblogspotcom8-26.jpg


    වෙබ් අඩවි නිසි ලෙස පිලිවෙලකට සකසමින් අවශ්‍යාතාවය අනුව එය ලබා දිම ගුගල් හි ප්‍රධානම කාර්යයයි.

    ත්ත මධ්‍යස්ථාන වල ජයාරූප හා තවත් ොරතුරු මෙතනින් දැනගන්න පුලුවන්....

    බොහෝ සමාගම තම සර්වර් පරිගණකයන් සඳහා IBM, Dell, HP වැනි නම ගිය පරිගණක පාවිච්චියට ගත්තත් ගුගල් සමාගම භාවිතා කරනුයේ එම සමාගම විසින්ම දියුණු කරන ලද සර්වර් පරිගණකයි. :eek:

    මේ කටයුතු අතර වැය වන විදුලි බලය අවම කර ගැනීම සඳහා ද ඔවුන් යම් ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ ආලෝකය සඳහා LED බල්බ යොදා ගැනීම ආදියයි. ඊට අමතරව විදුලි බිල අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා හා බිඳ වැටීම් අබාධ අවම කර ගැනීමට සෑම සර්වරයක් සඳහාම 12V ප්‍රමාණයේ බැටරියක් එයටම සවි කොට ඇත. :shocked:


    සාමාන්‍යයෙන් ගුගල් සර්වරයක් අගල් 3.5 ගණකමින් හා X86 ප්‍රොසෙසර දෙකකින්( ඉන්ටෙල් හෝ AMD වර්ග දෙකින් එකකින්), හාඩි ඩිස්ක් දෙකකින් හා මෙමරි ස්ලෝට් අටකින් යුතු Gigabite වර්ගයේ මව් පුවරු වලට සවිකොට ඇත.:)


    Chamikawpblogspotcom6-41.jpg



    ප්‍රථම වරට 2005 දි නිර්මාණය කල මෙම ක්‍රමයේ වර්තමානය වන විට ක්‍රියාත්මක වන්නේ හයවන හෝ හත්වන පරම්පරාවයි. එහි නිර්මාණකරු Ben Jai වේ.:)
    Chamikawpblogspotcom2-55.jpg
    මුල් කාලයේ කන්ට්‍රේනර් පෙට්ටි තුල ගුගල් සමාගම තම දත්ත මධ්‍යස්ථාන නිර්මාණය කල අතර එක පෙට්ටියක් තුල සර්වර්ස් 1160 ඇතුලත්ව තිබුනා..:eek:
    Chamikawpblogspotcom7-37.jpg


    2012 දි හදුන්වා දුන් Circa නැමති සර්වර් පරිගණකය පසුගිය පරම්පරාවේ පරිගණක 20 කට සමාන වන අයුරින් සකසා ඇත.
    ගුගල් සමාගම සතු සර්වර්ස් ප්‍රමාණය නිසි ලෙස නොදැක්වුවත් එහි “සිය දහස් ගණනක්” සර්වර්ස් ඇති බව කියයි.:shocked:

    Lenoir, N.C. හි පමණක් ‍ලිපිය ලියන්නා සංචාරය කරද්දී සර්වර්ස් 49,923 ක් තිබී ඇත.:baffled:
    Chamikawpblogspotcom10-16.jpg


    මිලියන 20 වෙබ් පිටු පිළිවෙලකට සකසමින් දිනකට බිලියන 3 කට වැඩි සෙවුම් ප්‍රමාණයක් ඉටු කරමින් දැන්වීම් මිලියන ගණනක් වගේම මිලියන 425 ක් වු Gmail භාවිතා කරන්නන් හට සේවය සපයන ගුගල් ආයතනය ඇත්තටම දෙයියෙක් නෙවෙයි දේවාලයක්...:cool::cool:


    ඔවුන්ට දත්ත තව තවත් එකතු කරමින් අන්තර්ජාලය ලොවට බෙදන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු නේද?

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]
     
    Last edited: