”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී.

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී යථාර්ථයක් බවට පත්කරන්නට සැලසුම්කරන ඔක්තෝබරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට අරමුණු කිරීම ඒ සංවර්ධනයේ අලූත්ම හීනයයි.
    ගාලූමුවදොර සිට වැල්ලවත්ත දෙසට අක්කර 575ක් පමණ මුහුද ගොඩකර මාස 36ක කාලයකින් නිමාව දකින්නට සැලසුම්කර ඇති කොළඹ වරාය නව නගරය සඳහා අපේක්ෂිත බරපැන ඩොලර් මිලියන 600ක් ලෙස තීරණයවී ඇත. චීන ආයෝජකයකු විසින් මේ බර පැන උසුලනු ලබයි. අපේ රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කෙරෙන්නේ නැත.
    ඊට අදාළ ගිවිසුම අනුව ඔවුන් වෙත අක්කර 60ක් පමණ ලබාදිය යුතු අතර එය ලබා දෙන්නේ 99 වසරක බදු පදනමට යටත්වය. මුහුද ගොඩකිරීමේ කර්තව්‍ය සඳහා ඔවුන් වැය කරන්නේ එසේ වසර 99ක බදු මුදල ලෙස ලබාදිය යුතු මුදලය.
    ඉතිරි අක්කර 515ක ප‍්‍රමාණය රජයේ ඉඩම් බෙදාදෙන ප‍්‍රතිපත්තිය මත 99 අවුරුදු බදු පදනම යටතේ අවශ්‍ය ව්‍යාපාරික ප‍්‍රජාවට ලබාගත හැකිය. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව වරාය හා මහාමාර්ග අමාත්‍යංශය, වරාය අධිකාරිය මූලිකත්වයෙන් කරන මේ කර්තව්‍ය සඳහා නාරා ආයතනය, රජයේ භෞතික සැලසුම් අංශය, පරිසර අමාත්‍යංශය අවශ්‍ය තැන්වලදී සහාය ලබාදීමට එක්වී සිටියි.
    මෙහි සැලසුම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය විසින් සැලසුම් කරනු ලැබුවත් අදාළ අමාත්‍යාංශය මොරටුව විශ්වවිද්‍යාලයේ සැලසුම් අංශය හා එක්ව එම සැලසුම අවශ්‍ය පරිදි වෙනස් කර ගනියි.
    ජාත්‍යන්තරව පිළිගත් වෙළෙඳ සමාගම්වල ආයෝජකයින් දැනටමත් තම ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති අතර කොළඹ වරාය නව නගරය දේශීය විදේශීය රැකියා අවස්ථා රැසකද තොටුපොළක් බවට පත්වනු ඇතැයි වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන කියයි.
    තරු 5,6,7 සුපිරි හෝටල්, කෘති‍්‍රම මුහුදු වෙරළක්, ෆෝමියුලාවන් ධාවන පථයක් කුඩා මගී යාත‍්‍රාංගණයක් සුපිරි වෙළෙඳසැල් (ෂොපින් මෝල්) කුඩා ගෝල්ෆි‍්‍ර පිටියක්, ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයක් ජල කී‍්‍රඩාංගණයක්, කුඩා උද්‍යාන 4-6ක් අතර සංඛ්‍යාවක් කොළඹ වරාය නව නගරයේ ඉදිකරන්නට අපේක්ෂිතය. එමෙන්ම අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්ද මෙහි ඉදිවේ.
    කොළඹ වරාය නව නගරයට පිවිසුම් මාර්ගය වශයෙන් උමං මාර්ගයක් ඉදිකරයි. එය වැල්ලවත්ත ප‍්‍රදේශයෙන් මුහුද ඇතුළෙන් පිවිසෙන්නට ඇති
    ”ටියුබයක” ආකාරයේ වන පිවිසුම් දොරටුවකි.
    අක‍්‍රමවත් ඉදිකිරීම්වලින් තොර සිංගප්පූරුව ඩුබායි වැනි නගරවල ඇති ක‍්‍රමවත් ඉදිකිරීම් අරමුණු කරගෙන ඉදිවෙන මෙම කොළඹ වරාය නව නගරය සංචාරකයන්ගේ පාරාදීසයක් සහ ආයෝජකයින්ගේ නිජබිමක් බවට පත්වනු දැකීම මෙහි මූලිකම අභිලාෂයයි.
    නගරය ඉදිවූ දිනෙක නගරයට පිවිසෙනුවස් ඔබ වෙතින් මුදලක් අය නොකළත් ඒ නගරයේ සම්පත් භූක්ති විඳිනු පිණිස ඔබට රුපියල් අවැසි බව ද නොලියා නොසිටිය නොහැකිය.

    04-page-14-M-1.jpg

    අනාගත නගරයේ දසුනක්.

    04-page-14-M-2.jpg

    සංචාරක හෝටල්.

    04-page-14-M-5.jpg

    සාප්පු සංකීර්ණ.

    Untitled-25.jpg

    නගරය ඉදිකළ පසු දිස්වන්නේ මේ ආකාරයටය

    Ane puthe, oonawata wada heena dakinna epa. oowa eththa une neththam, hithe duka witharay..Cheennuntath mara amaruwakne thiyenne ban, Akkara 65 k 99 yrs walata ganna US$ 600 million wiyadam karanawa.. hehe ane appeee, un nam kondema bendapu cheenunda koheda..
     
    hirunika2012

    Member
    Feb 6, 2012
    45
    4
    0
    Attatama awankawama may wedei karanawanam apitath harima santhosai.. aadambarai.. mage lanka wata.. jayenma jaya!
    Mewa dekka KOTINTA polowa palaagena yanna hithei...
    lokey DARUNUTHAMA THRUSTHAWAADAYA thuran karapu lankwaata.. may wage wedak.. is NOTHING!!!
    Welldone lanka govt!!
     
    • Like
    Reactions: nalinweer

    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    වැඩේනන් මරු.... එත් මචෝ ඔක හරියට කලොත් තමයි හොද බන්.... නතුව කටවත් දෙන සල්ලි ටිකක් නොවේවා....
     
    Last edited:

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Ane puthe, oonawata wada heena dakinna epa. oowa eththa une neththam, hithe duka witharay..Cheennuntath mara amaruwakne thiyenne ban, Akkara 65 k 99 yrs walata ganna US$ 600 million wiyadam karanawa.. hehe ane appeee, un nam kondema bendapu cheenunda koheda..

    he..he..
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Attatama awankawama may wedei karanawanam apitath harima santhosai.. aadambarai.. mage lanka wata.. jayenma jaya!
    Mewa dekka KOTINTA polowa palaagena yanna hithei...
    lokey DARUNUTHAMA THRUSTHAWAADAYA thuran karapu lankwaata.. may wage wedak.. is NOTHING!!!
    Welldone lanka govt!!

    Thanks hiru...
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙවැනි ව්‍යාපෘති රටක සංවර්ධනයට ඉතා වැදගත්. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවුණද ලංකාවේ සීමිත භූමි ප්‍රමාණය තුළ ඉඩම් ගැටළුවක් නැතුවා නොවේ. සමුදුරු තීරයක් සහිත වෙනත් රටවල්ද මෙවැනි ව්‍යාපෘති මගින් සිය භූමි ප්‍රමාණය වැඩිකරගෙන ඇත. එහෙත් මුහුද ගොඩකර නගරයක් ඉදිකිරීම මගින් වෙනත් අයහපත් ප්‍රතිඵල උදාවන්නේ දැයි සිතා බැලිය යුතුය. ඒ සඳහා නිසි සක්‍යතා අධ්‍යයනයක් මගින් කරුණු සොයා බැලීම වටී. මා සිතන්නේ යෝජිත නගරය මුහුද ගොඩකිරීම වෙනුවට මුහුදේ ඉදිකෙරෙන වේදිකාවක් මත ඉදිවන්නේ නම් වඩා සුදුසු බවයි. මක් නිසාද යත් සමුද්‍රයේ ජල පරිමාව අඩුවීමක් සිදු නොවන බැවින් එක් ප්‍රදේශයක් ගොඩකිරීම නිසා ඉවත්වන ජලය වෙනත් ප්‍රදේශයක් යටකරගෙන ස්ථානගත වීම ස්වභාවකව සිදුවන බැවිනි. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරයට කිසියම් හෝ හානියක් සිදුවීම ස්වභාවයයි. එම පරිසර බලපෑම හැකිතාක් අඩුවන පරිදි කටයුතු කිරීම තිරසාර සංවර්ධනයයි.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපි ඉතුරුවේද බන් ඔව බලන්න..

    අපේක්ෂිත බරපැන ඩොලර් මිලියන 600ක් ලෙස තීරණයවී ඇත. චීන ආයෝජකයකු විසින් මේ බර පැන උසුලනු ලබයි. අපේ රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කෙරෙන්නේ නැත.
    ඊට අදාළ ගිවිසුම අනුව ඔවුන් වෙත අක්කර 60ක් පමණ ලබාදිය යුතු අතර එය ලබා දෙන්නේ 99 වසරක බදු පදනමට යටත්වය. මුහුද ගොඩකිරීමේ කර්තව්‍ය සඳහා ඔවුන් වැය කරන්නේ එසේ වසර 99ක බදු මුදල ලෙස ලබාදිය යුතු මුදලය.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Ane puthe, oonawata wada heena dakinna epa. oowa eththa une neththam, hithe duka witharay..Cheennuntath mara amaruwakne thiyenne ban, Akkara 65 k 99 yrs walata ganna US$ 600 million wiyadam karanawa.. hehe ane appeee, un nam kondema bendapu cheenunda koheda..

    බොරු කියල පුංචි අපේ ආතල් කඩන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙවැනි ව්‍යාපෘති රටක සංවර්ධනයට ඉතා වැදගත්. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවුණද ලංකාවේ සීමිත භූමි ප්‍රමාණය තුළ ඉඩම් ගැටළුවක් නැතුවා නොවේ. සමුදුරු තීරයක් සහිත වෙනත් රටවල්ද මෙවැනි ව්‍යාපෘති මගින් සිය භූමි ප්‍රමාණය වැඩිකරගෙන ඇත. එහෙත් මුහුද ගොඩකර නගරයක් ඉදිකිරීම මගින් වෙනත් අයහපත් ප්‍රතිඵල උදාවන්නේ දැයි සිතා බැලිය යුතුය. ඒ සඳහා නිසි සක්‍යතා අධ්‍යයනයක් මගින් කරුණු සොයා බැලීම වටී. මා සිතන්නේ යෝජිත නගරය මුහුද ගොඩකිරීම වෙනුවට මුහුදේ ඉදිකෙරෙන වේදිකාවක් මත ඉදිවන්නේ නම් වඩා සුදුසු බවයි. මක් නිසාද යත් සමුද්‍රයේ ජල පරිමාව අඩුවීමක් සිදු නොවන බැවින් එක් ප්‍රදේශයක් ගොඩකිරීම නිසා ඉවත්වන ජලය වෙනත් ප්‍රදේශයක් යටකරගෙන ස්ථානගත වීම ස්වභාවකව සිදුවන බැවිනි. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරයට කිසියම් හෝ හානියක් සිදුවීම ස්වභාවයයි. එම පරිසර බලපෑම හැකිතාක් අඩුවන පරිදි කටයුතු කිරීම තිරසාර සංවර්ධනයයි.
    :yes::yes::yes::yes: