‡‡‡ වවුල්පනේ හිරිගල් ගුහාව ‡‡‡

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    805
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ‡‡‡ වවුල්පනේ හිරිගල් ගුහාව ‡‡‡

    02-%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80.jpg


    ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් සේම ජෛව විවිධත්ව පාරිසරික සම්පතක් වූ වවුල්පන හුණූගල් ගුහාව අපට හිමි මහගු පාරිසරික දායාදයකි. මෙම ස්ථානය මෙරටට ආවේණික වූ වවුලන් වර්ග 7 ක්ද ඇතුලත්ව වවුලන් ලක්ෂ 10 කගේ පමණ වාසස්ථානය වන අතර, මෙම ස්වාභාවික ගුහාව තුළින් දිය පහරක් ගලා යයි. ගුහාව තුළ පිහිටි අභ්‍යන්තර දිය ඇල්ල අපට ඉතාම සුවිශේෂ වූ අත්දැකීමක් ලබා දේ. මෙය සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇත. රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලේබැද්ද තුංතොට හංදියෙන් හැරී බුළුතොට මාර්ගයේ කිලෝ මීටර් 10 ක් පමණ ගමන් කිරීමෙන් පසු මෙම ස්ථානයට ලගා විය හැකිය. එසේම සූරියකන්ද – කොලොන්න මාර්ගයේ බුළුතොට හංදියෙන් හැරී පල්ලේබැද්ද දක්වා වූ මාර්ගයේ ගමන් කිරීමෙන්ද මේ වෙත ලගා විය හැකිය.

    01-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA.jpg

    පිවිසුම් මාර්ගයඔබ ගමන් ගන්නා කුමන හෝ වාහනයක් වවුල්පන ගම්මානය තෙක් ගමන් කල හැකි වේ. ඉන්පසු එතැන් සිට ඔබට ගමන් කිරීමට සිදු වන්නේ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් තුළ ගස් සෙවන යටින් දිව යන අඩිපාරක් ඔස්සේය. එසේ කිලෝ මීටරයක් පමණ දුරක් ගමන් කිරීමෙන් පසු හුණුගල් ගුහාව පිහිටි ස්ථානයට ලගා විය හැකිය. මෙම හුණුගල් ගුහාව උප ගුහා 10 කට අධික ප්‍රමාණයකින් සමන්විත වූ ගුහා පද්ධතියකි. මෙහි පිවිසුම් දොරටුව තුළින් මෙම ගුහාව තුළට වවුල්පන දොළ ගලා යයි. ගුහාව තුළට ඇතුල් වන එම දොල උමං මග ඔස්සේ මීටර් 500 ක් පමණ ගලා ගොස් ගුහාවේ පිටවීමේ දොරටුව තුළින් මතු වේ.

    03-%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1-%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%9C%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B7%80-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8.jpg

    ලිස්සන සුළු ගුහාව තුළ ගමන් කිරීම

    මෙම වවුල්පන ගුහාව අභ්‍යන්තරය ඉතාමත් අදුරුය. කිසිදු ආලෝකයක් නොවැටේ. එබැවින් ඒ තුළ සිය වාසස්ථානය කරගත් වවුලන් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් වාසය කරන බව සොයාගෙන ඇත. මෙහි ඇති වවුලන්ගෙන් වවුලන් වර්ග 7 ක් මෙරටට ආවේණික වවුලන් වේ. සවස 6 ට පමණ ගුහාවෙන් පිටත්වන වවුලන් නැවත උදෑසන මෙම ගුහාව කරා ලගාවෙති.

    04-%E0%B6%9C%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B7%80-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-2.jpg

    ගුහාව තුළ දර්ශනයක්

    ඔබ මෙම ගුහාව තුළට ගමන් කරන්නේ නම් හොද ආලෝකය ලබා ගැනීමේ මාධ්‍යක් රැගෙන යා යුතුය. මෙම ගුහාව තුළට පිවිසුම් දොරටුවෙන් ඇතුල් වූ පසු එම ගුහාව අඩි 40 – 50 ක් පමණ උසට විහිදී යයි. ඒ තුළ විවිධාකාර දිසාවන්ට විහිදී ගිය උප ගුහා ගනනාවක් දැකිය හැකිය. හුණුගල් වලින් සකස් වී ඇති අපූර්වතම නිර්මාණයක් වන මෙම ගුහාව තුළ හිරිලඹ හා හිරිටැඹ දැකගත හැකි වේ.

    05-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B6%B9.jpg

    ගුහාව තුළ දර්ශනයක්

    විදුලි පන්දම දල්වන සෑම දිසාවකම ඇත්තේ දහස් ගනනින් වවුලන්ය. ආලෝකය ලැබීමත් සමග කලබල වන වවුලන් ගුහාව තුළ ඉගිලී යති. ගුහාව තුළ ඇති හිරිලඹ හා හිරිටැඹ ඉතා අලංකාර දර්ශනයක් ඇති කරයි. මේ කරා ලගාවන අයකුට දැකගැනීමට සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ දසුන් ගනනාවක් දැක ගැනීමේ වාසනාව හිමි වේ.

    06-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B6%B9.jpg

    ගුහාව තුළ දර්ශනයක්


    එසේම ඔබ ගුහාව තුළට ගමන් කිරීමට අදහස් කරන්නේ නම්, ඒ සදහා වෙනම ඇදුමක් හා තොප්පියක් රුගෙන යාමට අමතක නොකරන්න. වවුලන් ලක්ෂ ගනනක් ඔබගේ හිසට ඉහලින් සිටින බැවින් ඔබ මේ තුළට ගමන් කිරීමේදී අදින ඇදුම පිටතට පැමිණි සැනින් සෝදා ගැනීමට ඔබට සිදුවනු ඇත.

    08-%E0%B6%87%E0%B6%BD%E0%B7%92-%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A.jpg

    ඇලි (සුදු) කරපොත්තන්

    එසේම මේ ගුහාව තුළ මීයන් සහ කරපොත්තන් ඉතා විශාල ප්‍රමාණයක් ජීවත් වෙති. ඔබට ඔවුන් හමුවන්නේ ඔබ ගුහාව තුළට ගමන් කරන්නේ නම් පමණි. මේ තුළ ඉතා දුර්ලභ ඇලි කරපොත්තන් (සුදු කැරපොත්තන්) දැකිය හැකි වේ. වවුලන්ගේ මලපහ සහ ජලය මිශ්‍ර වීම නිසා මෙම ගුහාව තුළ වන ගල් ලිස්සන සුළු ‍බවට පත්ව ඇත. එබැවින් ඉතා දුෂ්කර ගමනකින් පසු ඔබට ගුහාව තුළින් ගමන් කර ගුහාවේ පිටවන දොරටුව වෙත ගමන් කිරීමට හැකි වනු ඇත. එසේ ගුහාව තුළින් ගමන් කිරීම අපහසු වන්නේ නම්, නැවත පිටතට පැමිණ ගුහාවේ පිටවන දොරටුව තුළින් නැවතත් ගුහාව තුළට ගමන් කිරීමට හැකි වේ.

    07-%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A.jpg

    වවුලන්



    මෙම ගුහාව තුළට ගමන් කරනා ඔබට දැක ගැනීම සදහා තවත් ඉතාමත් දුර්ලභ දර්ශනයක් ඇත. එනම් ලංකාවේ දැකගැනීමට ඉතාමත්ම දුර්ලභ වන්නා වූ ගුහාව තුළ පිහිටි අඩි 30 කටත් වඩා උස වූ අභ්‍යන්තර දිය ඇල්ලකි. ගුහාව තුළට වෙනත් දිශාවක ඇති උමගක් තුළින් ඇතුල් වන දිය පහරක් අඩි 30 ක් වැනි උසක සිට පහලට ඇද වැටී ඉතා අලංකාර අභ්‍යන්තර දිය ඇල්ලක් නිර්මාණය කරයි. මෙම දිය ඇල්ල වසරේ සෑම කාලයකම එක හා සමානව ඇද වැටේ.

    11-%E0%B6%BB%E0%B7%96%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%85%E0%B7%84%E0%B7%83-%E0%B6%8B%E0%B7%83%E0%B6%A7.jpg

    රූක්ෂ ගස් අහස උසට


    මෙහි පිවිසුම් දොරටුවෙන් නැවත පිටපත පැමිණි පසු ඉතා ඉහල අහස කරා යොමු වූ රූක්ෂ ගස් වලින් හෙබි කැලය මැදින් වැටී ඇති මගක් ඔස්සේ මෙම ගුහාවේ පිටවීමේ දොරටුව වෙත ලගා විය හැකිය. ඉතාමත් දැවැන්ත ගස් වලින් හෙබි අලංකාර ස්වාභාවික පරිසර පද්ධතියක් මැදින් ගමන් කිරීමෙන් පසු, ඉතාමත් දුෂ්කර ගමන් මගක් ඔස්සේ මෙම පිටවීමේ දොරටුව වෙත ගමන් කල හැකිය.

    09-%E0%B6%85%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA.jpg

    පිවිසුම් දොරටුව තුළින් ගුහාව තුළට ඇතුල් වූ වවුල්පන දොල නම් වූ දිය පහර ගුහාව තුළින් ගමන් කර, අභ්‍යන්තර දිය ඇල්ලෙන් එකතු වන ජලයෙන්ද පෝෂණය වී මෙම පිටවීමේ දොරටුව තුළින් පිටතට ගලා යයි. මෙම පිටවීමේ දොරටුව තුළින් දිය පහර මැදින් ගුහාව තුළට ගමන් කිරීමෙන් පසු පෙර කී අභ්‍යන්තර දිය ඇල්ලේ පාමුලට පැමිණිය හැකිය.

    13-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80.jpg


    පිටවීමේ දොරටුව


    14-%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A.jpg

    වවුලන්
    :shocked:

    එසේ ගුහාව තුළට ගමන් කරන්නේ නම් ඔබගේ ශබ්දයන්ගෙන් අවදි වී ගුහාවේ දොරටුව තුළින් පිටතට පැමිණෙන වවුලන් ශරීරයේ වැදීමෙන් ආරක්ෂා වීම සදහා ගුහාව තුළට ගමන් කල යුත්තේ පිටුපසට ගමන් කරන ආකාරයටය.

    එසේම, මෙම ගුහාවේ පිටවීමේ දොරටුව ආසන්නයේ ප්‍රදේශවාසීන් විසින් සත්ව පොසිලයක් යැයි හදුන්වන යමක් පවතී. ගුහාව ආසන්නයේම පසට යටවී ඇති මෙය සමීපව පරීක්ෂා කිරීමේදී එය යම් සතෙකුගේ පොසිලයක් බව නිගමනය කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු සොයා ගත හැකි වේ. කෙසේ හෝ මෙම ගුහාව ආසන්නයේ හමුවන සාධකයන් හා නිරීක්ෂණය කිරීමේදී මෙම සත්ව පොසිලය වසර දහස් ගනනක් පැරණි විය හැකි බව විශ්වාස කල හැකිය. එසේම ඉන් මදක් ඔබ්බෙහි වූ ගල් පවුරු ආශ්‍රිතව ශාක පත්‍ර පොසිලයන්ද දැක ගත හැකි වේ. මෙම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී වසර දහස් ගනනක ඓතිහාසික තොරතුරු හා සාක්ෂි දැක ගත හැකි වනු ඇත.

    එසේම ඔබට මෙම ගල් පවුරු ආශ්‍රිතව වර්ධනය වන හෝ ක්ෂය වී යන කිරිගරුඩ පාශානයන්ද දැක ගැනීමට හැකි වනු ඇත.

    15-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-200x300.jpg

    සත්ව පොසිලයක්



    16-%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.jpg

    පත්‍ර පොසිලයක්

    17-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%A9.jpg

    කිරිගරුඩ

    මෙම ස්ථානයෙන් මෑත් වී මෙම ගුහාව පිහිටි කන්දේ වෙනත් පෙදෙසකට ගමන් කිරීමේදී අපට කිවුල් දිය උල්පත දැක ගැනීමට හැකි වේ. පොලව තුළින් මතුවන අගල් 10 කට වැඩි දිය පහර කිවුල් රසයෙන් යුක්තය. මෙම උල්පතේ ජලය වසරේ සෑම කාලයකදීම කිසිදු අඩු වැඩි වීමක් නොමැතිව එකම ප්‍රමාණයකට ගලා එන බව ප්‍රදේශවාසීන් පවසති.

    18-%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD.jpg


    කිවුල් දිය උල්පත



    මෙම ජලය මද දුරක් ගමන් කිරීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් දිය නෑම සදහා සකස් කරන ලද පීල්ලක් දැක ගත හැකි වේ. එසේ ගමන් ගන්නා ජලය මද දුරක් ගමන් කර පොලොවේ ඇති විවරයත් තුළින් නැවතත් පොළොව අභ්‍යන්තරයට ගලා යයි. එම විවරය තුළින් කෙනෙකුට ඇතුලට ගමන් කිරීමට හැකි වේ. මෙසේ ගමන් කරන ජලය පෙර කී ගුහාව තුළ වූ අභ්‍යන්තර දිය ඇල්ල නිර්මාණය කරයි. මෙම ජලය පොළොව තුළට ගමන් ගන්නා විවරය පිහිටා ඇත්තේ ගුහාවේ මුදුනට වන්නටය. එබැවින් ‍එසේ පොළොවේ විවරය තුළින් පොළොව අභ්‍යන්තරයට ගලා යන උල්පත් ජලය ගුහාවේ මුදුනේ සිට අඩි 30 ක් පමණ පහලට ඇද වැටී ගුහාව තුළ අභ්‍යන්තර දිය ඇල්ලක් නිර්මාණය කරයි. මෙම ජලය ගමන් ගන්නා විවරය තුළින් කඔයක ආධාරයෙන් ඇතුලට ගමන් කලහොත් දිය ඇල්ලේ මුදුනට ගමන් කල හැකි වේ. එම දිය ඇල්ල මුදුනේ සිට දෙපසට තවත් උප ගුහා දෙකක් දැක ගත හැකි වේ. එම උප ගුහාවන්ද වවුලන්ගේ වාසස්ථාන බවට පත් වී ඇත.

    20-%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA-%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%AD-%E0%B6%8B%E0%B6%B8%E0%B6%9C-%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.jpg

    කිවුල් දිය ජලය අභ්‍යන්තර දිය ඇල්ල වෙත උමග තුළින්මෙම චාරිකාවේ අවසාන අදියර වන්නේ ගුහාව තුළ ගමන් කිරීමෙන් පසු පිරිසිදු වීම සදහා දිය නෑමට ඇති ස්ථානයයි. ඒ සදහාද කදිම ස්ථානයක් මෙම ස්ථානයේ පිහිටා ඇත. මෙය ඇත්ත වශයෙන්ම ස්වාභාවික නිර්මාණයක්ද, මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කල නොහැක. ප්‍රදේශවාසීන් විසින් “යෝධයා කැපූ වල” නමින් හදුන්වන මෙම ස්ථානය 5 – 6 දෙනෙකුට පමණ එකවර දිය නෑ හැකි ජල තටාකයකි. ගුහාව තුළින් ගමන් කිරීමට ප්‍රථමයෙන් වවුල්පන දොල නැමැති දිය පහරේ හමුවන මෙම ස්ථානය ගුහාවට ඉහලින් පිහිටි ස්ථානයකි. එම ඉතා ආරක්ෂාකාරීව දිය නෑම සදහා සුදුසු ගැඹුරකින් යුතුව සකස් වී ඇත. ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශ කරන පරිදි මෙය යෝධයකු විසින් සකස් කරන ලද ස්ථානයකි. කෙසේ හෝ අසාමාන්‍ය ලෙස වටේට පිහිටා ඇති ගල රවුම් ලෙසට හාරා සකස් වී ඇති අතර, ඉතා පිරිසිදු හා සිසිල් ජලයෙන් දිය නා පිරිසිදු වී ඔබගේ චාරිකාව නිමා කල හැකි වේ.

    21-%E0%B7%80%E0%B6%BD.jpg

    යෝධයා කැපූ වල


    ඉතා අලංකාර හා විශ්මිත ස්වාභාවික නිර්මාණයක් සේම ජෛව විවිධත්වය අතින් අපගේ උරුමයක් වූ මෙම පරිසර පද්ධතිය හෙට පරපුර සදහාද ආරක්ෂා කර දීම ඔබ අප සැමගේ වගකීමක් බව අදිටන් කර ගන්න. පා සලකුණක් හැර කිසිවක් මෙම පරිසර පද්ධතියට එක් නොකරන්න. ඡායාරූපයක් හැර කිසිවක් මෙයින් ඉවතට රැගෙන නොයන්න.



















    උපුටා ගන්නා ලද ලිපියකි !!!!!!

     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,039
    3,463
    113
    45
    Buttala
    හීනිටය ස්පෑම් පාරකුත් යනවද මන්ද
    කොහොම උනත් ෆට්ට මචං. දැන්ම රෙප් දෙන්න බෑ කියනව
    You must spread some Reputation around before giving it to Mr Krrish again.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    හීනිටය ස්පෑම් පාරකුත් යනවද මන්ද
    කොහොම උනත් ෆට්ට මචං. දැන්ම රෙප් දෙන්න බෑ කියනව
    You must spread some Reputation around before giving it to Mr Krrish again.

    :lol: