----------------------------------
* මේවට තොපි කියන්නේ Rag එක කියලද බොලව් ?
1 - වැසිකිළි වල වතුර බීමට දීම.
2 - බත් වලට වැලි දමා අනුභව කිරීමට දීම.
3 - නිරුවතින් බිම බඩ ගෑමට අණ දීම.
4 - ශිෂ්‍යයන් නිරුවත් කර කාමරයකට දමා වසා තැබීම.
5 - කළුවර රූම් 1ට දාලා බලෙන් කිස් කරන්නට අණ දීම.
6 - සිසුවියන් නේවාසිකාගාරවල උඩුකය නිරුවත් කර තැබීම.
7 - නවකයන් ජෙය්ෂ්ටයන්ගේ හේතු විරහිත කනේ පහරවල් වලට ලක්වීම.
* පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන අසහනකාර පාපතාරයෝ. ශිෂ්‍යයන් කෙසේ වතුදු සිසුවියන් මෙම සිදුවීම් කෙසේ නම් දරාගනීවිද ? විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිදුවන " අනුගතකරන " ක්‍රියාවලිය මුළුමනින්ම ඉවත් නොවිය යුතු නමුදු , ඉහත 1-7 වැනි ක්‍රියා නවකවද ක්‍රියාවලිය තුලින් ඉවත් විය යුතු බවට අවධාරණය කරමි. හිංසනයට එරෙහි වෙමු.
* පීඩකයන් හා පීඩිතයින් වෙතයි :- දෙතොල නොකී දේ දෙනෙතින් ---- කියැවේ. වසන් කරන සිත මුහුණේ ---- ලියැවේ.
* ඉහත 1-7 වැනි දරුණු ගනයේ ගුණමකු ක්‍රියාවලට අනුබල දෙන්නන් පමණක් මේ Post 1 දැක්කේ නෑ වගේ අහක බලාගෙන ගියාට කමක් නෑ
- Chandima Hapukotuwa -



