අම්මා කෙනෙක් තරම් අපිට නිර්ලෝභීව ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ තවත් නම් නෑ. ඒ වගේ උත්තරීතර ආදරයක් වෙන කගෙන්වත් කවදාවත් ලබන්න බෑ. මේ ලොකේ ඉන්න හොඳම අම්මා මගේ අම්මා කියලයි මට දැනෙන්නේ
කොතරම් ඔබ ගැන ලීවත්
හැමදා ඔබ ගැන කීවත්
තවමත් හරිහැටි නෑ මා
කලේ ඔබට ආදරේ.......
බඩපිස්සා වූ මා
තව ඔබ තුරුලේ හිදිදෝ
අලුතින් කිරිල්ලියක් සමගින්
පියබා යාවිදෝ
ඇත මා හට පැනයක් අම්මේ
ඔබට තවත් මා දුරනම් අම්මේ
අලුතින් ආ ඈ හා අම්මේ
කෙලෙස හිදින්නද සැමදා අම්මේ
තවදුරටත් ඔබ හට ලං වෙමි අම්මේ .....