∆ සුද්දත් නැමුනු මඩුවන්වෙල වලව්ව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ∆ සුද්දත් නැමුනු මඩුවන්වෙල වලව්ව

    සුද්දාත් හිස නැමූ මඩුවන්වෙල වලව්ව

    dscf6356.jpg


    242406-a-part-of-maduwanwela-walawwa-kolonne-sri-lanka.jpg




    අද අපට "ඇඹිලිපිටිය" යෑයි කියා විශාල නගරයක්‌ ලංකා සිතියමේ දක්‌නට ඇත. ඒ පසුකාලීනව ඇඹිලිපිටිය නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ දැවැන්ත වාරිමාර්ග හා කෘෂිකාර්මික සංවර්ධන වැඩ කටයුතුවලට පින්සිදුවන්නට බව නොදන්නා කෙනකු නැති තරම් ය.

    එහෙත් මීට අවුරුදු 100 කට පමණ ඉහත අතීතයේ ඒ ප්‍රදේශයේ තිබුණේ මහ වැව් හා සුවිසල් වගා බිම් නම් නොවේ. අලි ඇතුන් වග වලසුන් ගහන තෙරක්‌ කොනක්‌ නොපෙනෙන මහ කැලෑවකි. එනමුත් ඒ ප්‍රදේශය කාරණා තුනක්‌ නිසා මුළු සිරිලක පුරාමත් මහා බ්‍රිතාන්‍යයට අයත් අධිරාජ්‍ය රටවල් තුළත් ප්‍රකටව පැවැති බව නම් කිව යුතුය....

    මේ කරුණු තුන අතරින් එකක්‌ ලෝක ප්‍රකට පනාමුරේ ඇත් ගාලය.

    අනෙක මඩුවන්වෙල මහ වලව්ව ය......

    මේ දෙක හා සම්බන්ධ තුන්වන කරුණ වූයේ මඩුවන්වෙල මහ දිසාවේය.....

    මඩුවන්වෙල මහ දිසාවේ නිසා ඇත්ගාලත්, වලව්වත් ඒ කරුණු දෙකම නිසා මඩුවන්වෙල දිසාවේ ගේත් ජනප්‍රියත්වය ඉහළ ගිය බව අතිශයෝක්‌තියක්‌ නම් නොවේ. විශේෂයෙන්ම මඩුවන්වෙල මහ දිසාවේ රටේ ජනප්‍රිය වූයේ සුද්දා යටතේ වැඩ කළත් සුද්දන්ටත් අපූරු පාඩම් උගැන්වූ මහ අමුතුම තාලයේ මිනිසකු වූ නිසාය. ඔහුගේ සිතුම් පැතුම් හා ඇවතුම් පැවතුම් පිළිබඳ කතා නම් බොහෝ ය....

    නිතර අසු පිටින් ගමන් බිමන් යන වැඩි උසක්‌ නැති ලොකු කයක්‌ නැති එහෙත් කිසිවකුටත් බියක්‌ නැති මේ අමුතුම තාලයේ අමුතු මිනිසා ගැන ජනප්‍රවාදය පවසනුයේ සුළු පටු කතා නම් නොවේ. හොස්‌ස ළඟින් මැස්‌සා යන්න බැරි තරමේ කුකුල් කේන්තිකාරයෙකු වූ ඔහු බ්‍රිතාන්‍ය මහ රැජිනියට සේවය කළේද තම පෞරුෂයට හා ගෞරව අභිමානයට අබ ඇටයකුදු හානියක්‌ වන්නට ඉඩ නොතබාය. මේ මුළු සිරිලකේ කිසිවකුටත් නොමැති තරමේ මහ ගෙයක ඔහු වාසය කළේය.

    කාමර 121 කින් හා මැද මිදුල් 21 කින් සමන්විත මේ යෝධ වලව්ව මඩුවන්වෙල පරම්පරාවේ කොයි පුරෝගාමියා විසින් කවර කලෙක නිර්මාණය කළෝ දැයි අදටත් සඳහනක්‌ නැත. එහෙත් එහි වාස්‌තු විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ලක්‍ෂණ අනුව පළමුවන විමලධර්මසූරිය සමයේ එය ඉදිකරන්නට ඇතැයි සාක්‍ෂි තිබේ. කෙසේ වෙතත් මේ සුවිසල් වලව්වේ අවසන් උරුමකරුවා ව සිටියේ අප කතා නායකයා වූ ශ්‍රීමත් ඡේම්ස්‌ විලියම් මඩුවන්වෙල මහ නිලමේය. ඔහුගෙන් පසු මේ වලව්වට උරුමකරුවකු නොමැති බැවින් අද මේ මහානර්ග ඓතිහාසික උරුමය නඩත්තු වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේය.

    මඩුවන්වෙල මහ වලව්වේ ඉදිරිපස ගේට්‌ටුව, ඉදිරිපස පෙනුම තවමත් එදා තිබුණා වාගේම තේජවන්තය. කළු ගලින් නිම වන ලද මේ ගේට්‌ටුව ගැනද කතා තිබේ. මඩුවන්වෙල දිසාවේ මේ ගේට්‌ටුව තනවා ඇත්තේ ඔහුට පමණක්‌ අසු පිටින් නොබැසම යැමට හැකිවන ලෙස බව කියති. ඔහු වැඩි උසක්‌ නැත. අසු පිට වාඩිවූ විට වුවද එතරම් උසක්‌ නොමැත. ඒ නිසා මදක්‌ හිස පහත් කළ සැනින් මේ ගේට්‌ටුව යටින් අසු පිට සිටම ඇතුල් විය හැකිය. එහෙත් ආරෝහ පරිනාහ දේහයන්ගෙන් යුතු සෑම සුද්දෙක්‌ම මඩුවන්වෙල වලව්වට එන්නට පෙර අසු පිටින් බැස්‌සේ ඔවුන්ට අසුපිට සිටම මේ ගේට්‌ටුව යටින් ඇතුළට ඒමට නොහැකි නිසාය.

    මෙසේ සුද්දන් අසු පිටින් බැස ඇතුළට එනු දකින මඩුවන්වෙල දිසාවේ අප්‍රමාණ සතුටක්‌ ඉන් විඳි බව ජනප්‍රවාද කියති.

    මේ වලව්වේ ගේට්‌ටු දොරටුවේ පමණක්‌ නොව, මුළු වලව්වේම ආලින්දයක්‌ සාලයක්‌ ශාලාවක්‌ කාමරයක්‌ අගුවක්‌ පිලක්‌ පාසාම තිබුණේ මඩුවන්වෙල මහ දිසාවේගේ චින්තනයයි. බ්‍රිතාන්‍ය කිරීටයට සේවය කළත් හැකි සෑම විටම සුද්දා පහත් කොට සලකන්නට මේ නිලමේ පසුබට වූයේ නැත. ඒ සඳහා නිලමේ යොදාගත් උපක්‍රම වලව්වේ හැම තැනමත්, යොදාගෙන තිබූ කැටයම්වලත් පයට පෑගෙන මහ පොළොවේත් පෙනෙන්නට තිබිණි.

    ඉංගී්‍රසීන් මෙරට ආණ්‌ඩු කළ යුගයේ ලංකාවේ ඉහළම තලයේ ප්‍රභූවරුන්ගේ නිවෙස්‌වල ශ්‍රී විභූතිය මේ යෑයි කියාපාන කාමරයක්‌ කාමරයක්‌ පාසාම තිබුණේ අපූර්වත්වයක්‌. විශේෂයෙන් මෙහි අධිකරණ ශාලාව වඩාත් කැපී පෙනිණි. හෙළ ලී වඩුවාගේ ශිල්පීය මහිමය මොනවට ඔප් නංවා කියා පාන මේ ශාලාවේ ලී කැටයම් අපේ පැරැණි කලා සංස්‌කෘතික චින්තනයක්‌ කියාපායි.

    වසර සිය ගණනක්‌ තිස්‌සේ සොබාව දහමට අභියෝග කරමින් අපේ ඉතිහාසයේ ශ්‍රී විභූතිය අනාගතයට හෙළි පෙහෙළි කරන මේ අනර්ඝ පුරාවස්‌තුව දැන් දැන් ගරා වැටෙමින් පවතී.

    වලව්වේ සමහර කොටස්‌ අව් වැසිවලට නිරාවරණය වී දිරාපත්වෙමින් පවතී. මැද වහළයේ කොටසක්‌ද කඩා වැටී ඇත. තවමත් එය ප්‍රතිසංස්‌කරණය කර නැත. ඒ වෙනුවට අතීසාරයට අමුඩ ගැසීමක්‌ වැනි පිළිතුරක්‌ දී පිටතින් වහළයක්‌ ඉදිකොට ඇත.......

    එහෙත් මෙබඳු සංස්‌කෘතික උරුමයන් රැක බලා ගැනීමට මෙවැනි දෙකයි පනහේa පිළියම් නොකළ යුතු බව අපගේ හැඟීමය....

    මඩුවන්වෙල වලව්ව දැක බලා ගැනීමට අදත් දෙස්‌ විදෙස්‌ සංචාරකයෝ විශාල ලෙස ඇඹිලිපිටිය පසුකොට කොළොන්න වෙත ඇදී එති. මේ ඓතිහාසික උරුමය පමණක්‌ නොව ඊට යාබද තැනක පිහිටි පනාමුරේ ඇත් ගාල ද බලන්නට වෙහෙසෙති. ඇතුන් කොටු කිරීම සඳහා සකස්‌ කළ යෝධ දඬු වැටේ නොදිරා ගිය ඇතැම් ලී කණු කොටස්‌ තවමත් එහි ඇති බව කියති...

    අද අවශ්‍යව ඇත්තේ ඒ අතීත උරුමය රැක බලා ගැනීමට නිවැරැදි ක්‍රමවේදයක්‌ සකසා එය ක්‍රියාවට යෙදීම පමණි. ඒ අතර මේ සා සරුසාර ශ්‍රී විභූතියක්‌ හා සරුසාර චින්තනයක්‌ එදා අපට තිබුණායි යන දැනුම පරම්පරාවෙන් පරම්පරාවට උරුමකර දීමද අප සතු යුතුකමක්‌ නොවේද?


    සැ.‍යු. - මෙය තිහගොඩ අරුණ පළොල්පිටිය මහතා පුවත්පතකට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සුද්දන්ට සුපිරියටම පුක දීපු එකෙක් තමයි ඉතිං ඔය...
     
    • Like
    Reactions: topkollek

    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    සුද්දට නොදැනෙන්න සුද්දව පාත් කලේ කොච්චරද කිව්වොත් මහ රැජිනගෙ හරි රජ්ජුරුවන්ගේ හරි රූපේ තිබ්බ පිගන් ගඩොල් පිලේ හයි කරලා තිබ්බලු යන එනකොට පෑගෙන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සුද්දට නොදැනෙන්න සුද්දව පාත් කලේ කොච්චරද කිව්වොත් මහ රැජිනගෙ හරි රජ්ජුරුවන්ගේ හරි රූපේ තිබ්බ පිගන් ගඩොල් පිලේ හයි කරලා තිබ්බලු යන එනකොට පෑගෙන්න

    :yes::yes::yes:

    DSC04674.jpg
     

    waligamaya

    Well-known member
  • සාප ලබපු තැන ඕවා. කියක් අහිංසක කෙල්ලෝ නාකි රදලයයේ කාම ආසාවට බිලිවෙන්න ඇද්ද. අහිංසක ගැමියන්ගේ බිරිඳ, දුව, සහෝදරියන්ගේ කදුළු වලින් ඔය බිම් හේදිලා ඇද්ද.
     

    waligamaya

    Well-known member
  • සුද්දට නොදැනෙන්න සුද්දව පාත් කලේ කොච්චරද කිව්වොත් මහ රැජිනගෙ හරි රජ්ජුරුවන්ගේ හරි රූපේ තිබ්බ පිගන් ගඩොල් පිලේ හයි කරලා තිබ්බලු යන එනකොට පෑගෙන්න

    නොදැනෙන් මොකටද කරන්නේ බයක් නැත්තම් කොන්දක් තිබුනානම් පෙන්නම ලොකුවට දන්න තිබුනනේ.
     

    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0

    නොදැනෙන් මොකටද කරන්නේ බයක් නැත්තම් කොන්දක් තිබුනානම් පෙන්නම ලොකුවට දන්න තිබුනනේ.

    ඒක බුද්ධිමත් කම. සුද්දට රට යටත් වෙලා තිබ්බ කාලේ, කැරැල්ලක් පටන් ගන්න පාටක්වත් නැතිකාලේ සුද්දට තැන දීලා ඉන්නේ නැතුව තනියම කැරලි ගහන්න ගියානන් මඩුවන්වෙල නමවත් ඉතුරු කරන එකක් නෑ, ඒ නිසා තමන්ට හැකි විදිහට ජාතියට ආගමට තැන දීල හිටපු එක මම දකින්නෙ නුවණක්කාරකමක් විදිහට