╰☆╮ ♪ ♫ ♩ ♬ ඔබ, මා සීත ගත් ගීත ♪ ♫ ♩ ♬ ╰☆╮

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලඟ පාතක නුඹ සිටියා නම්
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්

විඳින කලට දුක සිරියහනේ
නිදන සිතට නුඹමයි පෙනුනේ
හීන පෙලක මහ නපුරක් කියලා
වසන්තයයි අවරට හැරුනේ
වැරදි කියනවා නොවේ කුමාරයෝ
වසන්තයයි අවරට හැරුනේ

ලඟ පාතක නුඹ සිටියා නම්..

නුඹම දකිනු රිසි ඇස ඇහැරී
හෙලූ කඳුළු පිනි බිඳු විසිරී
සොඳුරු උයන හද මුවරද සලනා
නුඹේ සෙනේමයි මට මිහිරී
විහිළු කරනවා නොවේ කුමාරයෝ
නුඹේ සෙනේමයි මට මිහිරී

ලඟ පාතක නුඹ සිටියා නම්..
 
  • Like
Reactions: crazybuddy

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    boy_man_hot_sad_guy_blncyah_com_006%255B1%255D.jpg


    පෑම මල් සිනා ඔබ මට..
    මා වශී උනා ඔබ හට..
    තාම මා සිතේ රැදී තියේ..
    වේදනා ගෙනේ හදවත..
    දරාගන්න බැරි තරමට..
    කාරනා පැතුම් අතීතයේ..

    නිලන වැසි සමේ ඉකිබිද..
    හඩන හිත මගේ නුඹ ගැන..
    හීනය හිත යටම නිදිවරයි..
    හිතට හිත නැතත් නෙත ළග..

    තවම මැවි මැවී නොපෙනෙන..
    ජීවිතයට සැනසුම නුඹමයි..
    සුවද මල් තියා සැරසුව..
    පාට හැඩ තියා ගැලපුව..

    මගේ නොවන හිත නුඹේ ළගයි..
    කදුලු තව තියේ සීතල..
    හඩනවාම නම් දෙනුවන..
    මගේ සිතට හදවත කොදුරයි..

    පෑම මල් සිනා ඔබ මට..
    මා වශී උනා ඔබ හට..
    තාම මා සිතේ රැදී තියේ..
    වේදනා ගෙනේ හදවත..
    දරාගන්න බැරි තරමට..
    කාරනා පැතුම් අතීතයේ..

    ගායනය - නිලන්ත රාජේන්ද්‍ර..

    ලස්සන සිංදුවක් අහලා බලන්න..:yes::yes:
    Download MP3
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    alone,hair,boy,lake,sad,man-0f0eb1731a283caab791189524e6a13d_h.jpg


    මා රිදවා අදුරේ දාලා..
    ඈ මිදුනා හද මා පාරා..
    මේ විලසේ ගෙන දී ශෝකා..
    ඈ නොදනී මනසේ ඝෝශා..

    නොනිදා.. හැඩුවා.. රිදෙනා.. සිතිනා..
    මා ඔබෙමයි සසරේ සැමදා..

    පාලුව ගෑවෙන රෑ සීතේ..
    ඈ රුව සිහිවී සිත පෑරේ..
    සසරේ හමුවෙමු අපි ආයේ..
    රකිමී පණ සේ ඔබ මාගේ..
    තරහා නෑ ඔබ හා.. ඉන්නම් දුක ඉවසා..

    නොනිදා.. හැඩුවා.. රිදෙනා.. සිතිනා..
    මා ඔබෙමයි සසරේ සැමදා..

    ඈ ගැන සිතනා හැම වාරේ..
    ඈතට දිව යයි සිත මාගේ..
    අදුරේ ගිලෙනා සද වාගේ..
    සොදුරේ ඔබ නෑ මගෙ ලෝකේ..
    තරහා නෑ ඔබ හා.. ඉන්නම් දුක ඉවසා..

    නොනිදා.. හැඩුවා.. රිදෙනා.. සිතිනා..
    මා ඔබෙමයි සසරේ සැමදා..

    ගායනය - Juge Rogance
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    3668165049_1b1a234fef.jpg


    සුදු මැණිකේ අඩන්න මට කදුළු තව මදී..
    මං වෙනුවෙන් ඔබ කැපකල සියලු දේ දනී..
    ඒ වෙනුවෙන් ණය ගෙවන්න මට නොහැකි වුනී..
    වෙන කෙනෙකුට අයිතිවෙන්න දෙන්න සිදු වුනී..

    පමාවෙලා පායපු සද කළුවරට වැසී..
    වේදනා වින්දා කවදාවත් කියන්නට බැරී..
    හමුවෙන්න එපා සුදු මැණිකේ වැරදිලා හරි..
    හොදින් ඉන්න මගේ මැණික.. ඒක මට ඇති..

    සුදු මැණිකේ..

    කවදාවත් වරදින්නෑ මගෙ හිතත් දනී..
    මං වගේ හිගන්නෙකුට ඔබ ගොඩක් වටී..
    කිසිමදෙයක් හිතාගන්න මට නොහැකි වුනී..
    ආදරේ කියා දුන්නා.. මට ඒ ටිකත් ඇතී..

    සුදු මැණිකේ..

    ගායනය - කිංස්ලි පීරිස්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2803031783_cbfc34474e_z.jpg


    ඉර බැසයන හැන්දෑවට ගල් බැම්ම දිගේ..
    හැමදාමත් තනියෙන් මම සිතුවම් ඇන්දේ..
    ගල් බැම්මට මුහුද ඇවිත් හැපෙනවා වගේ..
    ඔයා කිව්වෙ මම බැම්මයි ඔබ මුහුද වගේ..

    ඔයා කිව්ව මුහුද තවම බැම්මෙ හැපෙනවා..
    ඒත් ඔයා වෙන තුරුළක සුවය විදිනවා..
    රැල්ල බැම්මෙ හැපී සොදුරු රටා මවනවා..
    ඉස්සර අපි දෙන්නා වගේ මටම හිතෙනවා..

    ගල් බැම්මෙදි ඔබේ රූපෙ මැවිලා පේනවා..
    පේන පේන හැම තැනටම සිත දිව යනවා..
    ක්ෂිතිජ ඉමේ හිරු ඇවිදින් සිනා සලනවා..
    රැල්ල ඇවිත් මාව තෙමලා විහිලු කරනවා..

    ගායනය - සුදම් චාමර..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man-working-poor-city-salvador-el_1964.jpg

    ම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී..
    ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුණී..
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී..
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී..

    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවෑ පුතුනේ..
    කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..
    මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ..
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..

    මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ..
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
    පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ..
    අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ..

    ටී.ඇම් ජයරත්න..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    love+and+money.jpg


    සගවාගෙන දෑසෙ කදුලු නෙතු යටම..
    සිනාසුනේ සිනා නොවී බැරි කමට..
    මනසින් මා විදිනා දුක් කියන්නට..
    හිතට දුකක් නුඹවත් ළග නැතිවීම..

    අසරණ වී නැතිබැරිකම් රජ වූ දා..
    යාලු මිතුරකම් නැතිවී යන්න ගියා..
    ආදරයෙන් මා ළග සිටි කුමරි පවා..
    වෙන්ව ගියා අගහිග කම් දුටුව නිසා..

    දෛවය මෙතරම් සරදම් කරයි කියා..
    අතමිට තිබුනු දා සිතුනෙම නෑම තමා..
    තේරෙනකොට බොහො දේවල් සිදුවීලා..
    අදින් පසුව ජීවත් වෙමි අලුත් වෙලා..


     

    jaki1

    Member
    Jun 8, 2011
    7
    0
    0
    ආදරේ තරම් කියාගන්න බැරිවු නිසා
    ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා
    රහසේම කවුදෝ ඉක්මන් වෙලා
    හඩවාලා මගෙ දැස ඔබ ගෙන ගියා
    දැන උන්නා නම් ආදරේ
    ඔබ යන්නේ නෑ මා දමා...

    දහසක් පැතුම් මහදේ සිරකෙට තබා
    මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
    මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
    ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා
    දැන උන්නා නම් මේ ආදරේ
    ඔබ යන්නේ නෑ මා දමා....

    දෙනුවන් අගට රහසේ කදුලැල් උනා
    ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කලා
    මා පෙම් කල බව තාම නොදනී ඔයා
    අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
    දැන උන්නා නම් මේ ආදරේ
    ඔබ යන්නේ නෑ මා දමා....

    ආදරේ තරම් කියාගන්න බැරිවු නිසා.........
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න...
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න...

    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න...
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න...

    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න...
    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න...

    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න...

    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න...
    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න...

    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...

    හන්තානට පායන සඳ...//
     

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    මලක් නැති ගසක් වී
    හුදකලා වූ නුඹට
    එකම එක මලක් වී
    සුවඳ දුන්නෙමි කලෙක
    වසන්තය අළුත් මල් අතු පුරා ගෙනෙන විට

    ...
    සිනාසෙනු මැනවි එදින මට නොවේ මගෙ හිතට
    ගණ අඳුරු ‍රැයක් වී හැඬූ විට ජීවිතය
    පැතුම් දී එළි කලෙමි
    පුංචි තරුවක් විලස
    සිනාසෙන පුරාහඳ වඩින දා පෙරමඟට
    සිනාසෙනු මැනවි එදින මට නෙවෙයි මගෙ හිතට

    හිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
    රුවන් මාලිගාවට පහන් දල්වනු කුමට
    ඉඳ හිටක සොයද්දී යටගියාවේ මතක
    සිනාසෙනු මැනවි එදින මට නොවේ මගෙ හිතට//

    Niranjala Sarojini
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ අම්මා හමුදාවට මාව දුන්නම..
    මාව බදාගෙන හැඩුවේ මලේ කුටමද..
    අපේ ගෙදර බලාගනින් මන් ඉදිරියට..
    රටක් නැතිව අපි ජීවත් වෙලා මොකටද..

    අප්පච්චී හමුදාවෙන් ඉවන් උනාම..
    එතන අඩුව පිරවෙනවා මමත් ගියාම..
    පරිස්සමින් රට බේරන් ආපසු එන්න..
    දිරිය දියන් ඔබේ කදුලු අතින් පිහාන..

    මේ කරදර හැකි විගසින් නිමා උනාම..
    අපට හැකියි හොද විදියට ජීවත් වෙන්න..
    අම්මා දුන්න මව් කිරිවල ණය බෑ දෙන්න..
    පුළුවන් නම් උඹත් වරෙන් මාත් එක්කම..

    ________________________________

    තල් අරනට සද ඇවිදින් අහසෙ දිලෙනකොට..
    මගේ දුවේ මට මැවෙන්නෙ ඔයාගෙ සිනහව..
    නිවාඩුවට කල් තියෙනවා ගෙදර එන්න තව..
    අම්මා එක්ක මග බල බල ඉන්න එපා නුඹ..

    මේ රැය අදුරුයි පාලුයි නෙත නිදි නෑ මගේ..
    මගේ දුවේ නුඹ නම් ඇති අම්මගෙ උණුසුමේ..
    නුඹේ සුවද විදගන්නට ඉවසුම් නෑ සිතේ..
    ඉගිල්ලිලා එන්න හිතයි තුරුළට මට නුඹේ..

    නුඹට හෙටක් හදන්න අද රුදුරු සටන් බිමේ..
    දුක් විදින්නෙ නුඹ හින්දයි මගේ පුංචි දුවේ..
    මගේ ඇස්දෙක පියවුනොතින් මේ රුදු සටනෙදි..
    අම්මා එක්ක හොදට ඉදින් මගේ පුංචි දුවේ..

    ________________________________


    ආදරයට මායිම් නෑ, පිච්ච මලේ..
    තල් වැට ඉහළින් සද පායා එනවා හැන්දැකරේ..
    තිලකයත් හැඩයි නුඹ ඊට හැඩයි..
    ආදරයට මායිම් නෑ, පිච්ච මලේ..

    පුරවරය දවා අවි ගැටෙන වෙලේ..
    කළු අදුරු වළා සද මකයි රැයේ..
    බොද දෑස මගේ මතකයෙන් නොයේ..
    ආදරයට මායිම් නෑ, පිච්ච මලේ..

    මේ සටන් බිමේ දුක් සුසුම් මැදින්..
    ඔබ දෑස නුඹේ නිවි නිවී දිලේ..
    මට එන්න හිතයි මායිමෙන් එහා..
    ආදරයට මායිම් නෑ, පිච්ච මලේ..

    ________________________________


    සුදු පරවියනේ අහන්න..
    මගෙ මැණිකෙව මට බලන්න නෑ..
    යුද්ධය හඩ ඇසෙන නිසා..
    හිතුමතේට ගමේ එන්න බෑ..

    නැව් බද මුහුදේ නැලවෙයි..
    ගෙදර යහන වගේ නින්ද නෑ..
    නුඹ මගෙ හිත ළග නැලවෙයි..
    මට ඒ සුව දරාගන්න බෑ..

    අහසෙ තාරුකා දිලිසෙයි..
    ඔය ඇස්දෙක වගෙ ලස්සන නෑ..
    උපන්දිනේ ළග එන වග..
    මං අමතක කලේ එහෙම නෑ..

    ________________________________


    තල් ගස් සෙවනේ යුධබිම යායිම..
    බංකරයේ අද තනියෙන්..
    යුධ වැද කතරේ ඔබ මගෙ ආදර..
    කුමරිය සිහිවෙයි සැනකින්..
    මගෙ රට නිබදේ රැකගතමුත් අද..
    හෙට ඔබ මගෙමයි සෙනෙහෙන්..
    ඔබ මගෙමයි සෙනෙහෙන්..

    හෙට හිරු පායන අළුත්ම දවසක..
    රට නොබෙදෙන තැන සාමෙන්..
    ඔබ මගෙ කරගෙන ළගටම කැදවමි..
    ඔබ සුරතට ගෙන සෙනෙහෙන්..
    සුරතට ගෙන සෙනෙහෙන්..

    සාමය හිනැහෙන මව්බිම රැකගෙන..
    සැනෙකින් එන්නම් පියඹන්..
    ඔබ හිත පොපියන ආදර හැගුමක..
    ගීයක එන්නම් සුළගින්..
    ඔබ වෙත එන්නද සුළගින්..

    ________________________________


    මම තිතක් වී නොපෙනි යන තුරු ඔබ බලා උන්නා..
    එපා යන්නට කියා කියු හැටි හිතේ රැව් දුන්නා..
    කදවුරේ මගෙ යාළුවන්ටත් ඔයා ගැන කිව්වා..

    හුගක් කලකට පස්සෙ දවසක ගමට ආ හන්දා..
    කියාගන්නට බැරිව දෙන්නම ගොලුවෙලා උන්නා..
    කදවුරේ මගෙ යාලුවන්ටත් ඔයා ගැන කිව්වා..

    රට රකින්නට නොයා ඉන්නට හිතක් නැති හන්දා..
    ජය ලබාගෙන ඔයාවත් මම අරන් එමි කැන්දා..
    කදවුරේ මගෙ යාලුවන්ටත් ඔයා ගැන කිව්වා..

    ________________________________


    රටදැයට මගේ සමයට බැදි ඇල්ම වැඩි නිසා..
    ලක් මව්ගෙ පුතෙක් ලෙස යුධ වැද රකිමි මව් සදා..
    ගමේ සිටිය සමයෙදි ඔබෙ සෙනෙහෙ සිහිවෙලා..
    ගිණි අවිය තුරුළු කරගෙන සිත සනසගමි මෙදා..

    තල් අරණෙ අදුරු සෙවනැලි රැදි බටහිර අහසේ..
    මුවාවෙලා හිරු බැස යන විට හොර රහසේ..
    වෙඩි හඩ අතරින් මසිතට ඔබ ගැන සිහිවේ..
    මුව මඩල සිහි තබා යුධ පිටියට පිවිසේ..

    සුදු සුසිනිදු සළු ගත දවටා මනාලියක වී..
    මා සමගින් ඔබ එන දින කියන්න නොහැකි..
    මගෙ යුතුකම ඉටුකල පසු හිටියොත් සුරැකී..
    මා ඔබෙ ළග ඔබ මා ළග වෙන්කල නොහැකි..

    ________________________________


    සද රෑ අවිදින් විමසයි ඔබ ගැන..
    මං බන්කරයේ තනියෙම හද යට..
    ගමේ පන්සලේ පින්කම ගත්තද..
    ගෙදරට එවු ලිපි ඔක්කොම ලැබුනද..

    පන්සල් දානය අරගෙන ගියාද..
    අපි වෙනුවෙන් පින් දී ඔබ ආවද..
    අම්මා තාත්තා ඇවිදින් ගියාද..
    උපන්දිනේ දා ඔක්කොම ආවද..

    ගොයම් කපන්නට හැමෝම ආවද..
    මං එව් මුදලින් ඇදුමක් ගත්තද..
    එක මොහොතක් හරි සතුටින් උන්නද..
    මං නැතිවුන එක ඔයාට දුකක්ද..

    ________________________________


    තුවක්කුවක් අතේ තියන් මමත් උන්නට..
    සිතයි කයයි නුඹ ගාවයි ගෙදර ආවම..
    ආදරයේ අඩුවක් නෑ ඔයාට පිදුව..
    මම මැරුනත් අඩන්නෙපා කිසිම දවසක..

    මේ ලෝකේ දිනයක තනිවුනොත් ඔයාව..
    තවත් සෙබල සිතකට ආදරේ කරන්න..
    ඔබත් රටට යමක් කලා කියා සිතන්න..
    ඔබත් හොදින් හැකි විදියට ජීවත් වෙන්න..

    හමුදා සෙබලෙකුගේ පෙම්වතිය උනාම..
    පුදුම හිතක් ඔබට ඕනෙ අපටත් වැඩිය..
    ඕනම මොහොතක ඕනම දෙයක් දරන්න..
    පුරුදු වෙන්න රත්තරනේ ඔයා අද සිට..

    ________________________________


    අපි දෙන්නා සටන් බිමේ එකටම උන්නා..
    සතුරන්ගේ මහ බලමුලු බිදලා දැම්මා..
    එක දවසක අපේ ගෙදර යමු කී දෙන්නා..
    නිමේෂෙකින් ඒ සිහිනය බිදලා දැම්මා..

    වෙඩිපිට වෙඩි වරුසාවක් වැටෙනා මැද්දේ..
    නුඹෙ පපුවට වෙඩි උන්ඩය වැදුනා මිතුරේ..
    මගෙ උකුලේ නුඹ තියාන යෙදුනා සටනේ..
    ඒ අතරෙත් සටන ගැනයි නුඹනම් කීවේ..

    අවසානම වතුර පොදත් මම පෙව්වාම..
    දෙනෙත් පියාගත්තා නුඹ මගෙ උකුලේම..
    අපි දිනුවා අපේ සටන කියා කියන්න..
    මිතුරේ නුඹ සිටියා නම් කොච්චර හොදද..

    ________________________________


    මුහුද දෙබෑ කරන, අහස පොළොව සිඹින..
    රටට සෙනෙහෙ පුදන, ලෙයින් මසින් සැදුන..
    සැබෑ පියෙකි දරු දහසකි, මුළු රටේම ලේ නෑයෙකි..
    අපේ එකෙකි සිය දහසකි, ඒ දරු හට මව් දහසකි..
    යෞවනයේ මේ සගයා අපේ එකෙකි මේ මිනිසා..
    මේ මිනිසා........

    ________________________________


    දිරිය බල ඔබහට ලැබේ
    දෙවියො රැකදෙයි ඔබ පුතේ
    පෙරට යන්නේ දිවි
    පුදන්නේ රකිනු මව්බිම පණ වගේ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යනනෙපා හැරදමා සෙනේ..
    සිත හඩයි පාලුවේ..
    නුඹම පමණි සතුට මගෙ ලොවේ..
    සිත නිවයි නුඹේ ආදරේ..

    දෑස් පියන් යට සගවා ඔබෙ රුව..
    දැකගමි නිහඩ රැයේ..
    දහසක් තරු එළි දිලුනත් කුමට..
    සද නැති අදුරු රැයේ..
    සද එළියක් වී දිලුනා ඔබ මහදේ..

    තුන් සිත නුඹ ගැන විමසයි සිය වර..
    නෙතු නිදි නොමැති පැයේ..
    ඈතින් ඈතට යන්න එපා නුඹ..
    හඩවා සිත රහසේ..
    මුදු සුවදක් සේ රැදුනා නුඹ මහදේ..

    ________________________________


    සුන්දරම එක මලක් පමණයි පිපුනේ සිත් විලේ..
    පින්වන්ත නොවුනි ඒ මල රැකගන්නට පපුතුරේ..
    මේ අහිංසකම සිත ළග ගිණි අවුලා යන වෙලේ..
    සංසාර පැතුම නේදෝ ඇස් දෙක ළග බොද කලේ..

    අත්වැරදීමකින්ද ඔය නෙත් දෙක ඉගි කලේ..
    ජීවිතයේ වසන්තයට ඇයි සරදම් කලේ..
    නුඹ නිසාම එළියට වැටුනු සෙනෙහස් මන්දිරේ..
    ආදරයේ පුරසද වත ඇයි කළුවර කලේ..

    නුඹට මුලු සිතින්මයි මම ළංවී පෙම් කලේ..
    අතීතයක මතක සුවද ළග මා තනි කලේ..
    සිහිනයක රැදී හිනැහී වියැකී ගිය මලේ..
    දෑස් අගින් උතුරා යයි සෙනෙහස හද විලේ..

    ________________________________


    සිත නිවා දමන්න බෑ ඉතින්..
    ඔබ ඇවිත් ගිහින් යලිත් ඇවිත්..
    ඔබේ සිනා ඔබේ කතා..
    ඉතිරිලා පැතිරිලා තියේ..
    සිත නිවා දමන්න බෑ ඉතින්..

    සුළග සේ ඇවිත් සුළග සේ ගිහින්..
    සුවද පොද රැදී බැදී සිතේ..
    කදුලු බිදු මැදින් ඔබේ රුව සොයයි..
    සිත නිවා දමන්න බෑ ඉතින්..

    පුර සදක් මතින් කළු වලා රැදී..
    එළිය හොරු අරන් ගිහින් වගේ..
    අදුර නැවතිලා තනි රකියි සිතේ..
    සිත නිවා දමන්න බෑ ඉතින්..

    ________________________________


    සිහන සද රැයේ නෙතු මගේ තනිවෙලා..
    ඔබ දුන්නු ආදරේ හද ගෙනෙයි වේදනා..
    ඔබ තරහා වෙන්න නම් හමුවන්න එන්නෙපා..
    පෙම් සිහින වලට නම් කදුලු දෙන්නෙපා..

    සිත යන්න යනකොට ඔබ දුන්නු දුක අරන්..
    බොද වෙලා ගියා සංසාර පැතුම් මල්..
    මට අහිමි උනේ මං පැතුව සිනා මල්..
    මට උරුම උනේ දුක් කදුලු පොකුරු මල්..

    ලං වෙන්න බැරි තරම් ඔබ සිතට දුරින් මං..
    පෙම් කරන තරම් සිත නොදැන ඔයා නම්..
    සිත දෙන්න යලිත් මට තියාගන්න මං..
    මට උරුම උනේ දුක් කදුළු පොකුරු මල්..

    ________________________________


    ඔය ඇස් දෙක දිහා බලන්නෙ කොහොමද..
    මගේ රත්තරනේ..
    නිසසල යහනේ මතකය නුඹගේ..
    සේදෙයි කදුලින් මාගේ..
    තුන් තිස් පැයේ සිත තාම හඩයි..

    පාට මල් වැහි කඩා හැලුනා අපේ ආදර හීනයේ..
    බැන්ද මල් දම් බිදී ගියදා දෙගුරුන්ගේ ගැරහුම් මැද්දේ..
    සනසාලන්න සිතා, නෑසිය මිතුරො සදා..
    ඔබ නිදනා අවසන් නින්දේ..

    කදුල මිස සිනහවට ඉඩ නැති අපේ ආදර ලෝකයේ..
    නුඹ දැකගන්නට අවසර නෑ මට එකම වරක් හෝ ජීවිතයේ..
    අවසන් මොහොතයි මේ, සමුදෙමි නුඹට මෙසේ..
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..

    ________________________________


    මම ඔයාට ආදරෙයිනේ දිවිය තිබෙන තුරුම..
    මට නම් බෑ කවදාවත් ඔයා නැතුව ඉන්න..
    අපි දෙන්නගෙ ජීවන මග සොදුරු තැනක් වෙන්න..
    ඉක්මනටම හිමි කරගන්නට ආසයි නුඹව..

    මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක..
    දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වන තුරුම..
    මූන පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව..
    එතරම් සතුටක් කොයින්ද මේ ලෝකේ තවම..

    කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම..
    හෙමින් සැරේ කොදුරනකොට සෙනෙහස ඇත බොහොම..
    හීනෙන්වත් වරකදක් නම් මම නොකලෙමි දිනෙක..
    ජීවත් වන තුරාවටම පණ හරි දෙමි නුඹට..

    ________________________________


    නීල අහසේ අදුරු සොදුරුයි එපා ඉගිලෙන්න..
    නෙලාගෙන නුඹ බලාගන්නම් එපා රිදවන්න..
    විදින්නම් මා නුඹේ උනුසුම ලයට ලන් වෙන්න..
    රත්තරන් ඇයි අපිට හමුවී බැරි හිනාවෙන්න..

    සුමුදු සුළගට මුසුකලා පෙම සුවද සිත තැවරූ..
    සුසුම් සුන් කල තිළිණයකි මට හිමි කලේ කවුරූ..
    නිසන්සල රෑ සිහින ලෝකය මල් ගෙනත් ඉහිරූ..
    කියන්නට බෑ දිව්රලා මට අප වටා පව්රූ..

    භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොදුරූ..
    පැතුම් ලෙංගතු වෙමින් යාවෙයි දළු දමා ඇසුරූ..
    සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරූ..
    සසල වී නෙත නිතර වැගිරෙයි නුඹ දුන්නු කදුළු..

    ________________________________


    මගෙ ආත්මයම ඔබ අරගෙන ගියා පෙම්වතී..
    මට අහිමි උනේ නුඹ විතරයි මගේ සදවතී..
    මේ වෙනකොට හිත හදාන නුඹ කොතන හරි ඇතී..
    හමුවෙන්නට යළිත් අපට අයිතියක් නැතී..

    විසිරුන මතකය හෙමිහිට සිත තුල වද දෙනවා..
    සැගවුනු යටි සිත හදන්න නිතරම සැරසෙනවා..
    මගෙ ආත්මයම ඔබ අරගෙන ගියා..
    මට අහිමි උනේ ඔබ විතරයි සදා..

    තනිවුනු මගෙ සිත ඔබ ගැන නිතරම විදවනවා..
    රැවටුනු මම අද උනු දෙය ගැන තව ලතැවෙනවා..
    මගෙ ජීවිතයම තනිවෙන්නට තියා..
    මට කදුලු තියා ඔබ තනියෙම ගියා..