█ ♥ █ කොන්දේසි විරහිත ආදරය █ ♥ █

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    █ ♥ █ කොන්දේසි විරහිත ආදරය █ ♥ █

    394431_295223940516790_193218727383979_774217_386313443_n.jpg


    එක් සිකුරාදාවක සේවා ස්ථානයට යන්න ලෑස්ති වෙන ගමන් මාක් එයාගේ බිරිදත් එක්ක කිව්වා ඒ දවස ඇතුලත එයා අනිවාර්යෙන්ම බොස්ගෙන් එයාගේ වැටුප වැඩි කරන්න කියලා ඉල්ලන බව. පසුගිය මාස 18 ඇතුලත මාක් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා.එයා සේවය කලේ විශාල මාධ්‍ය ප්‍රචාරක ආයතනයක. ඒ මාස 18 ඇතුලත මුලු රටේම ප්‍රසිද්ධ ආයතන විශාල ප්‍රමානයක ප්‍රචාරක කටයුතු බාරව හිටියේ මාක්,තමන් ගේ ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වුන ප්‍රමානයටත් වඩා සාර්ථක විදියට ඒ ඒ ප්‍රචාරන කටයුතු නිම කරන්න ඔහු සමත් උනා.

    එදා දවසම මාක් ගතකලේ නොසන්සුන් විදියට. කීප වතාවක්ම තමන්ගේ ප්‍රධානියා ලගට යන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුනා. ප්‍රධානියා තමන් ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කලොත් ගත යුතු පියවරක් ඔහුට හිතා ගන්න අපහසු උනා. නමුත් අවසානයේ කාර්යාලයේ කටයුතු අවසන් වීමට මොහොතකට පෙර ප්‍රධානියා ලගට ගිය මාක් තමන් ගේ ඉල්ලීම ඔහුට ඉදිරිපත් කලා. ඔහුට ගොඩක් පුදුමයි,ඒ වගේම සතුටුයි,තමන් හිතුවාටත් වඩා විශාල වැටුප් වැඩි කිරීමක් ප්‍රධානියා ඔහුට ලබා දුන්නා.

    මේ ආරංචිය බිරිදට කියන්න අවශ්‍ය නිසා ඔහු වෙනදාටත් කලින් නිවසට ගියා. නිවසට ගිය ඔහු විශ්මයට පත් වුනා. නිවසට යන විට බිරිද ඉතා අනර්ඝ රාත්‍රී ආහාර වේලක් සකසා තිබුනා,එයට මාක්ගේ ප්‍රියතම ආහාර වර්ග සියල්ල අන්තර්ගතව තිබුනු අතර මේසය මත වූයේ ඔවුන් සතු වූ අනර්ඝම පිගන් කට්ටලයයි. මේසය මත ඔහුගේ පිගාන අසල තවත් යමක් තිබුනා,ඒ කිසියම් දෙයක් සටහන් කරපු කාඩ් පතක්. එහි බිරිදගේ අත් අකුරින් පහත වැකිය සටහන් කර තිබුනා,

    "සුභ පැතුම් මගේ වස්තුව...මම දැනගෙන හිටියා ඔයාට එය ලැබෙන බව...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න...මට ඔයා ගැන ආඩම්බරයි"

    එය කියවූ ඔහු තමන් ගේ බිරිද තමන් ගැන කොපමන සැලකිලිමත්දැයි කල්පනා කලා. නිසැකවම කාර්යාලයේ ඔහුගේ මිතුරෙක් බිරිදට ඔහුගේ ජයග්‍රහනය ගැන පවසන්න ඇති බව ඔහු සිතුවා.

    ආහාරයෙන් පස්සේ මාක් මුලුතැන්ගෙට ගියේ අතුරුපස රැගෙන එන්න. එහිදී ඔහු දුටුවා බිරිදගේ අත් අකුරින් කියැවුනු තවත් කාඩ් පතක් ඇය අතින් මුලුතැන් ගෙයි පොලව මත වැටී ඇති බව. එය අහුලා ගත් ඔහු එය කියෙව්වා,බිරිදගේ අත් අකුරින් එහි මෙසේ සටහන් වුනා,

    "එය නොලැබුන එක ගැන ඔයා දුක් වෙන්න එපා වස්තුව...ඒත් එය ඔයාට ලැබිය යුතුම දෙයක්...ඔයාට ලගදීම ඒ දේ ලැබෙයි.ඔයාට ඒක නොලැබුනත් ඔයාට මම ඉන්නවා...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න."

    මේක කියවා අවසන් කල පසු සිදුවෙලා තියන දේ ඔහුට වැටහුනා. වැටුප් වර්ධනය ලැබුනොත් එය සැමරීමටත් වැටුප් වර්ධනය නොලැබුනොත් ඔහුව දුර්මුඛ නොකර ධෛර්යමත් කිරීමටත් ඔහුගේ බිරිද සැරසී සිටිය බව ඔහුට පෙනී ගියා. බිරිද තුල තමා පිලිබදව ඇති කොන් දේසි විරහිත ආදරය පිලිබද හැගීමෙන් ඔහුගේ දෙනෙතින් කදුලු ගලාගෙන ආවා.

    මිල මුදල් යාන වාහන රැකියාවේ තත්වය මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වේ එනමුත් කොන්දේසි විරහිත ආදරය මිනිසාගේ පරම අවශ්‍යතාවයයි.

    උපුටා ගැනීමකි....

    හොදයි නම් ඉතින් අරවා තමයි......:D:D:D:D:D:D:D:D
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    niyamayi macho,..
    mata mekata ubata rep denna bari ekata kanagaatuyi,... passe dennam,...

    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,130
    113
    6°54′N 79°54′E
    මිල මුදල් යාන වාහන රැකියාවේ තත්වය මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වේ එනමුත් කොන්දේසි විරහිත ආදරය මිනිසාගේ පරම අවශ්‍යතාවයයි.

    නියම කතාව යාළුවා
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මිල මුදල් යාන වාහන රැකියාවේ තත්වය මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වේ එනමුත් කොන්දේසි විරහිත ආදරය මිනිසාගේ පරම අවශ්‍යතාවයයි.:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    sira kathawa bannnnn
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    ආදරය කියනේ බොහොම උතුම් පරිත්‍යාගයක්
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මිල මුදල් යාන වාහන රැකියාවේ තත්වය මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වේ එනමුත් කොන්දේසි විරහිත ආදරය මිනිසාගේ පරම අවශ්‍යතාවයයි.:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    sira kathawa bannnnn

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: SP22614

    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    මිල මුදල් යාන වාහන රැකියාවේ තත්වය මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වේ එනමුත් කොන්දේසි විරහිත ආදරය මිනිසාගේ පරම අවශ්‍යතාවයයි.
    TRUE LOVE :)
    rep +