■ වියපත් කාන්තාවක් තරුණයකු බැන්දොත්

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ■ වියපත් කාන්තාවක් තරුණයකු බැන්දොත්

    වියපත් කාන්තාවක් තරුණයකු බැන්දොත් මොකද වෙන්නේ ?

    වයසින් බොහෝ වැඩි පිරිමියකු තමන්ට වඩා බොහෝ ළාබාල කාන්තාවක විවාහ කර ගැනීම පිළිබඳ විවෘත සමාජ කතිකාවක් මේ දිනවල ඇති වී තිබේ. මෙවන් පසුබිමක් යටතේ මෙහි අනෙක් පැත්ත එනම් වියපත් කාන්තාවක තමන්ට වඩා ළාබාල පිරිමියකු හා විවාහ වුවහොත් එම විවාහය සාර්ථක වේද?

    මේ පිළිබඳව ජීව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක විග්‍රහයක් ඔබ හමුවේ තැබිමට අප හා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලද්දේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාය.

    සමහර තරුණයන් ආදරය සහ විවාහය සඳහා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් තෝරා ගන්නා අවස්ථා තිබෙනවා. ඊට හේතු මොනවාද ?

    පුද්ගලයන්ගේ රුචිය විවිධාකාරයි. ඒ නිසා ඊට නිශ්චිත පිළිතුරක් දීම අසීරුයි. තමන් ප්‍රිය කරන රූප සම්පත්තියක් ඇති කාන්තාවක කෙරෙහි ඇගේ වයස ගැන තැකීමක් නොකොට යම් තරුණයකුගේ සිත ඇදී යා හැකියි. තරුණයකුගේ කඩවසම් බව මුල් කොට ඔහුගේ වයස ගැන නොතකා වැඩිහිටි කාන්තාවකගේ සිතේද එවැනි ඇල්මක් ඇතිවීමත් ස්වාභාවිකයි. ඊට අමතරව යම් යම් අයගේ කතාබහ හැසිරීම් ගතිගුණ ආදී කරුණු මුල්කොට ඇතිවන ප්‍රේම සබඳතාවලදීත් මේ වයස් භේදය නොතකා හැරෙන අවස්ථා තිබිය හැකියි. ඒ වගේම ජීවිතයේ අසීරු අවස්ථා අභියෝගයන් වැනි මනැසට දැඩිව බලපාන සංසිද්ධීන් හමුවේ දෙදෙනා එක්ව නැගී සිටීම නිසා කාන්තාවක හා පිරිමියකු අතර වයස් භේදයෙන් තොරව මෙවැනි බැඳීම් ඇතිවන්න පුළුවන්.

    නමුත් මානසික අර්බුද සහ මානසික රෝග ලක්ෂණ වශයෙනුත් සමහර පිරිමින් තමන්ට වඩා වැඩිමල් කාන්තාවන් ප්‍රිය කරන බව අප අසා තිබෙනවා

    මේ සඳහා සමහරුන්ගේ ළමා කාලයෙන් යම් බලපෑමක් සිදු වෙනවා. විශේෂයෙන් ළමා කාලයේ තමන්ගේ මවගේ හෝ වැඩිමල් සොයුරියගේ සෙවණේ හැදී වැඩී ජීවිතයේ සෑම කටයුත්තකදීම ඇගේ පිහිට පැතූ පසුව එමගින් නිසි ලෙස සංවර්ධනය නොවූ පෞරුෂය මුල්කොට විවාහය තුළිනුත් එවැනි ආරක්ෂාවක් රැකවරණයක් ලැබිම සඳහා සමහරුන් ඒ මාදිලියේම චරිතයක් ප්‍රාර්ථනා කළ හැකියි. මේ පෞරුෂ ලක්ෂණය හැඳින්වෙන්නේ අනුන් මත්තේ යැපෙන හෙවත් පරතන්ත්‍ර පෞරුෂය (dependent personality) යනුවෙන්. ඊට අමතරව සමහර තරුණයන් තුළ බොහෝ වියපත් කාන්තාවන් මුල්කොට කාමාශාවන් පිබිදීමේ මානසික රෝග තත්ත්වයක් හෙවත් ලිංගික අවවර්තනයක් ඇතිවිය හැකියි. මෙය හැඳින්වෙන්නේ (gerontophilia) නමින්. නමුත් මෙම කාමාශාව විවාහයකට පදනම් නොවන නිසා මේ කතාබහට එය එක්කරගත යුතු නැතැයි කියා මා සිතනවා.

    පිරිමින්ගේ ලිංගික හැඟීම්, ආවේග, ආශාව, උනන්දුව සහ ක්‍රියාකාරිත්වය එලෙසින්ම පවතින අතරේ කාන්තාවන්ගේ ජීවිතයේ මැද වයසත් සමග ඇතිවන අර්ථවහරණයේදී (Menopause) එම තත්ත්වයේ පසුබෑමක් ඇති වෙනවා. මෙය එවැනි විවාහයක් හමුවේ පැන නගින බාධාකාරී තත්ත්වයක් විය නොහැකිද?

    අර්ථවහරණයත් සමග කාන්තාවගේ ශරීරයේ මනෝ කායික වෙනස්වීම් කිහිපයක් සිදු වෙනවා. විශේෂයෙන් ඇය කෙරෙන් ප්‍රජනන හැකියාව ගිලිහී යාමත් සමග ඊස්ට්‍රජන් හෝමෝනය (estrogen) නිපදවීම අඩුවීමත් සමග යෝනි මාර්ගයේ වියළි බව එහි බිත්ති තුනි වීම ආදී ලක්ෂණත් ඉහත සඳහන් හෝමෝන විෂමතාවය මුල්කොටගත් යම් යම් මානසික බලපෑමුත් ඇතිවිය හැකියි.
    නමුත් ඊට පෙර සිටම අඛණ්ඩව සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරන කාන්තාවක සම්බන්ධයෙන් මෙම සංකූලතා ඇතිවන්නේ ඉතා අවම වශයෙන් බව ඒ සම්බන්ධයෙන් ලොවපුරා සිදු කෙරුණු පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා.

    සමහර වැඩිහිටි කාන්තාවත් තමන්ට වඩා වයසින් ළාබාල පිරිමියකු විවාහය සඳහා තෝරා ගන්නේ ඇයි ?

    අපගේ සමාජ ආර්ථික සංස්කෘතික පරිසරය අනුව එවැනි සබඳතා බොහෝ විට අප්‍රකටව පවතිනවා. ජීවිතයේ සන්ධ්‍යා භාගය පසු කරන කාන්තාවන් නව යොවුන් තරුණයන් හා ප්‍රේම සම්බන්ධතා පැවති අවස්ථා පිළිබඳව මනෝ වෛද්‍ය සායන වලදී අප හමුවේ අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා විවාහයක් වශයෙන් පෙරට එන අවස්ථා අඩුයි.

    නමුත් මේ සම්බන්ධයෙන් එල්ල වන සමාජීය බලපෑම් කෙරෙහි තැකීමක් නොකරන ප්‍රබල පෞරුෂයක් සේම සමාජ ආර්ථික ශක්තියක් සහිත කාන්තාවක එවැනි දේකට යොමුවිය හැකියි.

    වැඩිහිටි කාන්තාවන් කෙරෙහි පමණක් ලිංගිකමය උනන්දුවක් ඇති කරවන තරුණයන් තුළ පවතින මානසික රෝගයක් පිළිබඳව ඔබ පවසා සිටියා. එලෙස තමන්ට වඩා ළාබාල තරුණයන් පිළිබඳ ලිංගික උනන්දුවක් පළකිරීමේ යම් මානසික රෝගයක් වැඩිහිටි කතුන් තුළත් තිබිය නොහැකිද?

    ලිංගික අවවර්තන නමින් හැඳින්වෙන එවන් මානසික රෝගවලින් සියයට අනූපහක්ම වැළඳෙන්නේ පුරුෂ පක්ෂයට.
    ඊට හේතුව ඔවුන් ලිංගිකත්වයේදී ක්‍රියාකාරී පාර්ශවය ලෙස සැලකෙන නිසා. නමුත් කාන්තාවන් තුළ ද අධික කාමාශාවක් ඇති කරවන Nymphomania නම් මානසික රෝගයක් තිබෙනවා. නමුත් එහිදී වුවත් එවන් කාන්තාවන් තමන් තෝරා ගන්නා පිරිමියාගේ තරාතිරමක් හෝ වයස් සීමාවක් කෙරෙහි තැකීමක් කරන්නේ නැහැ. එමෙන්ම ඒ රෝගය සහිත කතුන් පිරිමින් වෙතින් අපේක්ෂා කරන්නේ ලිංගික අපේක්ෂා සංතෘප්තිමත් කර ගැනීමක් මිසක් ඔවුන් සමග විවාහ වීමක් නොවෙයි.

    වැඩිහිටි පිරිමින් ළාබාල යුවතියන් විවාහ කර ගන්නා තරමටම වැඩිහිටි කතුන් ළාබාල තරුණයන් විවාහ කර ගන්නා අවස්ථා වාර්තා වන්නේ නැහැ. මොකක්ද මේකට හේතුව ?

    පළමු කරුණ තමයි අප ජීවත්වන සමාජ සංස්කෘතික වටපිටාව. අපගේ සංස්කෘතියට අනුව මාතෘත්වයට පරම පූජනීයත්වයක් හිමිවෙනවා. ඒ නිසා අප සමාජයේ සැමියා මිය යාමෙන් තනිවන මැදිවිය ඉක්මවූ කතුන් වුවත් නැවත විවාහ වන්නේ ඉතා අඩුවෙන්. නමුත් බටහිර සමාජ සංස්කෘතික රටාව තුළ මේ තත්ත්වයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා.

    එවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලාංකීක කතුන් තමන්ට මුහුණදීමට සිදුවන කායික - මානසික තනිකම, පීඩනය තනිව දරා ගන්නේ කොහොමද?

    මෙතනදීත් ඉතා වැදගත් ජීව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක කරුණක් ඉස්මතු කළ හැකියි. එකම කාරියක් සඳහා එක් වුවත් පිරිමියාගේ ලිංගිකත්වය සහ කාන්තාවගේ ලිංගිකත්වය ජෛවමය වශයෙන් එකට එකක් ඉඳුරාම වෙනස්. පිරිමියා තම ලිංගිකත්වය පුබුදුවා ගන්නේ ප්‍රහාරාත්මක ආවේගයක් විදිහට. එය ක්ෂණිකව පිබිදී ක්ෂණිකව නැති වී යන ආවේගයක්.
    නමුත් කාන්තාවකගේ ලිංගිකත්වය ඇයටත් නොදැන සෙමින් පිබිදී විශාල පරාසයක් වෙත පැතිර යන්නක්. එහි ආවේගාත්මක බවකට වඩා ඇත්තේ අනුවේගී බවක්. එමෙන්ම පිරිමියකුගේ ලිංගිකත්වය එක අරමුණක් වෙත එල්ලවන අතරේ කාන්තාවකගේ එම පුළුල් හැඟීම් දාමය ආදරය, සෙනෙහස, කරුණාව, දයානුකම්පාව වගේම ආගමික භක්තිය වගේ පුළුල් පරාසයක් දක්වාත් පැතිර යනවා. ඒ තුළින් ආගමික කටයුතුවල නිතරවීමෙන් වුවත් කාන්තාවන්ට තමන්ගේ ඒ මානසික අවශ්‍යතා සංතෘප්ත කර ගත හැකියි. ඕනෑම සමාජයක පිරිමින්ට වඩා කාන්තාවන් ආගමට නැඹුරු වීමට මෙයත් එක හේතුවක්.

    එතකොට ඔබ කියන්නේ කාන්තාවන් ආගමික කටයුතුවල යෙදෙන්නේ තමන්ගේ ලිංගික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම සඳහා කියාද?

    මා මෙහිදී ආගම කියා සඳහන් කළේ ශාස්තෘ දේශනාව ආගමික සදාචාරය හෝ ආගමික දර්ශනය වැනි ආගමික උත්තමාංග ගැන නොවෙයි. හුදෙක් අපම තනාගත් භක්තිවාදී ආගමික චර්යාවන් පිළිබඳවයි. නමුත් ඒවායේ යෙදීමෙන් කාන්තාවන්ට ලිංගික අවශ්‍යතා සපුරාගත හැකිය යන කීමේ නම් බරපතළ වරදක් තිබෙනවා. ඔවුන් එහිදී කරන්නේ එම කටයුතු මගින් ආදරය, කරුණාව, සෙනෙහස ආදී වශයෙන් පුළුල් පරාසයක පැතිරුණු හැඟීම් ආගමික භක්තිය ලෙස වෙනතකට හරවා ගැනීම (diversion) යි.

    ඒ කියන්නේ

    අප නිවිති වැලකට ‍පොහොර යොදා ආහාරයට ගන්නේ ඒ යොදන ‍පොහොර නොවෙයිනේ. මේකත් අන්න ඒ වගේ.


    තිලක් සේනාසිංහ මහතා විසින් ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආදරය, සල්ලි, දේපල, සිටිසන්ශිප් එකි මෙකි නොකි කාරනාවක් වෙන්න පුලුවන්. මනො විද්යාව නම් මම හිතන්නේ නැ මේකට උත්තර දෙන්න පුලුවන් කියලා.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔය කිව්වට ඇන්ටෙක් සෙට් වුනොත් උන් මාට ලව් බන්... ඒක අමුතුම එකක්, ඕන මගුලක් කරනව සහ කරනකන් ඉන්නව
     

    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    ආදරය, සල්ලි, දේපල, සිටිසන්ශිප් එකි මෙකි නොකි කාරනාවක් වෙන්න පුලුවන්. මනො විද්යාව නම් මම හිතන්නේ නැ මේකට උත්තර දෙන්න පුලුවන් කියලා.

    2008 mama ngo ekaka wada kale. ape director board eke hitiya ganiyek (wayasa 50) thiyan hitiye waysa 24 kollok.

    uta e dawas wala gekui, wahanekui aran deela tibuna. ngo eka wahunata passe eki muwath aran rata panna. dan u inne usa. ehe kellek badala citizenship ekath thiyanawa.
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මමත් කැමති චූටි කෙල්ලෙක් බඳින්න.වයස 18ක් වගේ.හැබයි මම හතලිහ පැන්නම තමයි බඳින්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    අප නිවිති වැලකට ‍පොහොර යොදා ආහාරයට ගන්නේ ඒ යොදන ‍පොහොර නොවෙයිනේ. මේකත් අන්න ඒ වගේ.