►►කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරු&#3501

  • Jul 12, 2012
    447
    74
    28
    ►►කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරු&#3501


    373909_292964984076019_1878376595_n.jpg


    ඔන්න කතාව බොහොම සරලයි:yes::love:. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි:(. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වති‍යගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ.:no:

    තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන 1919 දී පමණ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණෙනවා:D. එඩ්වර්ඩ් බාල කාලෙ‍යේ ඉදන් කලු ගල් ආදියෙන් විවිධ නිර්මාණ කරන්නට ඉගෙන ගෙන තියෙනවා. ෆලොරීඩාවට පැමිණීමෙන් පසු ඉතිරි අවුරුදු විස්සක කාලය තුළ ඔහු විසින් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔහුගේ අහිමි වුණු පෙම්වතිය වෙනුවෙන් කොරල් ගල් වලින් උද්‍යානයක් නිර්මාණය කිරීම. කවදා හෝ ඔහුගේ පෙම්වතිය:love: තමුන් වෙනුවෙන් පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරාත්තු වෙමින් මේ නිර්මාණය කළත් කවදාවත්ම ඔහු‍ගේ අහිමි වුණු පෙම්විතය නැවත පැමිණෙන්නේ නෑ:no::(. තනිකඩයකු ලෙස ජීවත් වන ඔහු උද්‍යානය අවසන් කර න ඔහු 1951 දෙසැම්බර් හත් වන දින හැට හතර වන වියේදී ආබාධයකින් මරණයට පත් වනවා.:(:(

    මේ කථාවේ විශේෂත්වය මොකද්ද? ඒ කමයි මේ එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කිය මනුෂ්‍යයා තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිදු කරපු ඒ කොරල් වලින් කරපු උද්‍යානය;). කොරල් මාලිගය නැතිනම් පාෂාණ මාලිගය ලෙස මෙය ලෝක ප්‍රසිද්ධයි. අක්කර දහයක් පුරා පැතිරුණු මේ උද්‍යානය සදහා ටොන් 1100 පමණ කොරල් පාෂාණ යොදා ගෙන තිබෙනවා. ටොන් ගණන් බර පාෂාණ අඩි ගණන් උසට ඔසවලා නැතිනම් ඒමේ අත හරවලා නැතිනම් තැන් තැන් වලට ගෙනිහිල්ලා අපූරු නිර්මාණ සිදු කරලා තියෙනවා:yes:. නමුත් මෙහි විශේෂත්වය මොකද්ද? ඒ තමයි අඩි පහකට මදක් වැඩියෙන් උස වුණු මහ විශාල ශක්ති වන්ත සිරුරකට හිමි කම් නොවූ මේ මනුස්සයා මේ සියලු නිර්මාණ කරන්නේ තනියම වීම:yes:. ඔව් ටොන් ගණන් බර කොරල් පාෂාණ ඉහළට ඔස වන්නෙත් ඒවා තැන් තැන් වලට ගෙනි යන්නෙත් ඒවායින් විවිධ නිර්මාණ කරන්නෙත් මේ මනුස්සයා තනියමයි වෙන කිසිවකුගේ සහයක් නැතුවයි:no::oo:. අනික ඒ සදහා කිසිම නවීන තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්නෙත් නැහැ ලී තුනකින් හදපු කරුවක් විතරයි භාවිතා කරන්නේ. නමුත් මේ ලී ඇටවුමට එතරම් විශාල බර පාෂාණ වල බර දරා සිටින්න පුළුවන් කමක් නැහැ:no:. අනික මේ මනුස්සයා අනික් අය තමුන් වැඩ කරන විධිය දකී කියලා වැඩ කරෙත් බොහෝ විට රෑට විතරයි.

    දැන් ප්‍රශ්නේ ඔහු මෙහෙම වැඩක් කරේ කොහොමද කියන එක. කාලයක් ඒ පැත්තේ පුස්තකාලයක දවසකට පැය හතරක් විතර ගත කරපු එඩ්වර්ඩ් කියලා තියෙනවා තමුන් පුරාණ මිසර ජාතිකයින් පිරමිඩ් නිර්මාණ සදහා ටොන් සිය ගණන් බර ගල් කුට්ටි එසවූ තාක්ෂණය තමුන් සොයා ගත් බව:dull:. තමුන් ප්‍රති ගුරුත්වය සොයා ගත් බවත් ඔහු පවසලා තියෙනවා. ඒ කාලේ කුඩා ළමයින් හැටියට අවට හිටපු සමහර අය කියලා තියෙනවා ඔවුන් සමහර වෙලාවට හොරෙන් බලන කොට ඔන්න එඩ්වර්ඩ් අර ටොන් ගණන් බර ගල් කුට්ටියක් පා කරන හැටි දැකලා තියෙනවා:shocked:. ඔහුගේ කොරල් මාලිගයේ දොරට දාලා තිබිලා තියෙන්නෙත් මේ ටොන් ගණනක් බර කොරල් පාෂාණයක්. නමුත් එහි නිර්මාණයේ නිවැරදි සමමිතිය නිසාම කුඩා ළමයකුට වුණත් ඇගිල්ලෙන් ඇනලා වුණත් දොර විවර කර ගන්න පුළුවන්ලු. නමුත් එක් දහස් නවසිය අසූ ගණන් වල මෙහි ඇති හානියක් නිසා නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන මෙය නැවත සවිකරන්න කට්ටියකට සිදු කළා:nerd:. ඒ සදහා ලේසර් මිනුම් ක්‍රම භාවිතා කරන්නත් ඔවුන් තීරණය කළා.ඒ සදහා ටොන් විස්සේ දොඹකරයකුත් භාවිතා කරන්න වුණා. නමුත් අති නවීන සියලු තාක්ෂණික මෙවලම් භාවිතා කරන් අර පෙර තිබුණු නිවැරදි තත්ත්වයට එම දොර ගෙන ඒමට ඔවුන් අපොහොසත් වුණා. 1920 දී පමණ කොරල් උද්‍යානය මුලින්ම ඉදි කරන්න හදපු තැනින් 1930 ගණන වල මැදදී එය එතැන ඉදන් සුතපුම් දහයක් පමණ ඈත තැනකට ගෙන යන්න එඩ්වර්ඩ් තීරණය කළා:oo:. ටොන් සිය ගණනක ගල් අරන් යන එක පහසු වැඩක් නෙමෙයි. නමුත් ඔහු මේ සදහා එක් බර ගෙන යන ට්‍රක් එකකට පමණක් කථා කළා. ට්‍රක් රථයේ රියදුරුට ගැටලුවක් ඇති වුණා මේ ගල් ‍ෙලාරියට පටවන්නේ කොහොමද කියන එක. එඩ්වර්ඩ් ඔහුව මදවේලාවකට රියදුරුව එතනින් යැව්වා:yes:. පැයකින් පමණ ආපහු ආපු රියදුරා දැක්කේ ට‍්‍රක් රථය ඉතාම සුලු කාලයකින් අර බර ගල් වලින් පිරිලා තියෙන හැටි. අචටත් ලොව පුරා විද්‍යාඥයින් පුදුමයට පත් කරවන ස්ටොන් හෙන්ජ් පිරමීඩ ඒ වගේම තනි පර්වත හාරා ඉදිකර ඇති ඉන්දියාවේ කෝවිල් වගේ නිර්මාණ සිදු කරපු ආකාරයේම නිර්මාණ මේ කොරල් මාළිගාවේ දක්නට ඇති බව පැවසෙනවා. කිසිම කෙනෙක් ඔහු මේවා සිදු කරපු විධිය දන්නේ නැහැ:no::no:.

    දැන් ප්‍රශ්නේ ඔහු මේ ගැන කිසිම හෝඩුවාවක් වත් තියලා නැද්ද කියන එක. 1945 මේ මනුස්සයා “magnatic current” කියලා පොතක් පල කළා. එඩ්වර්ඩ්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙත් චුම්භක ශක්තිය මයි. පොළවේ සියලු දේ බැද තබා ගන්නේ මේ චුම්භක ශක්තිය නිසයි.:oo: චුම්භක දෙකක් එකිනෙක ආකර්ෂණය කරන්නේ ඒවයේ උතුරු දකුණු පැති මාරුවට තිබ්බොත් විතරයි:baffled:. චුම්භක දෙකම එකම අතට උතුරු දකුණු පැති එන විදියට තිබ්බොත් ඒ දෙක විකර්ෂණය වනවා. මේ පොතේම අග ඔහු කියලා තියෙනවා සද පොළවට නොවැටෙන්නේ සඳේ හා පොළවේ මේ චුම්භක ක්ෂේත්‍ර අර විකර්ෂණය වන පිලි වෙලට තිබෙන නිසා බව.සද උඩු යටිකුරු කළොත් සද පොළවට ආකර්ෂණය වී පොළවට ඇද වැටෙන බවත් ඔහු කියලා තියෙනවා. නමුත් මේ පෙත හරිම සාමාන්‍ය විස්තරයක් කරන පොතක්.:yes: සෑම පරිච්ඡේදයක් අවසානයේම ඔහු හිස් කොළයක් ඉතිරි කරලා තියෙනවා එය කියවන්නාට තමුන් තේරුම් ගත යමක් එහි සටහන් කර තැබීමට වගේ. ඒ කියන්නේ ඔහුගේ රහස මේ පොතේ කොහොම හරි සගවලා ලියවිලා ඇති. කොහොම නමුත් එය කරන හැටි ඉගෙන ගත් විට එය එතරම් දෙයක් නොවන බව තේරේවි යැයිද එඩ්වර්ඩ් පවසා තිබෙනවා:oo:. ඔහුගේ මරණයෙන් පස්සේ මේ උද්‍යානයේ ඔහු වැඩ සදහා භාවිතා කරපු ගොඩක් උපකරණ අතුරදහන් වුණා. ඔහු සමහර විට ඒවා කලින්ම සගවන්න ඇති. නමුත් ඉතිරි වුණු සමහර සක්ෂි තිබෙනවා:yes:.

    මේ රූපයේ දැක්වෙන උපකරණය යූ හැඩයේ චුම්භක 24 කින් සමන්විත වෙන කැරකැවිය හැකි ආකාරයේ එකක්. නමුත් මේකෙත් සමහර කොටස් අතුරුදහන් :shocked:. මේ උපකරණය ගැන වරක් එඩ්වර්ඩ් කිසිවකුට පවසා තිබුණේ රොකට් යානයක මුදුනේ මේ උපකරණය තැබුවොත් දවල් වන කොට ප්ලූටෝ ග්‍රහයා වෙත ගිහිල්ලා රෑ කෑමට ‍ගෙදර ඇවිල්ලා ඉන්න පුළුවන් කියලා.:baffled:

    මේ එඩ්වර්ඩ් බර ඔසවන්න භාවිතා කරපු උපකරණය. මෙහි උඩ ඇති කලු පෙට්ටයකුත් ඉන් පහළට ආපු වයරයකුත් දැක් ගන්න පුළුවන් . නමුත් මේ කලු පෙට්ටියත් අතුරුදහන් වෙලා. නමුත් මේ කරු තුන එඩ්වර්ඩ් මිනිසුන් නොමග යැවීමට හිතා මතා කල දෙයක් බවටත් කථා තිබෙනවා:oo:.

    මෙම ලකුණ තේරුම් ගත් තැනැත්තාට විශ්වයේ රහස නිරාවරණය කර ගත හැකි බව එඩ්වර්ඩ් පවසා තිබෙනවා.:yes:

    එඩ්වර්ඩ් ගේ මාළිගාවේ තැනක සදහන් කර ඇති මේ ඉලක්කම් පෙළ විශ්වයේ රහස් වලට යතුර ලෙසද එඩ්වර්ඩ් දක්වා තිබෙනවා. එදා මෙදා තුර මෙය විසදීමට බොහෝ දෙනා උත්සාහා ගත්තත් අද වන තුරුත් කිසිවකු සමාර්ථ වුණේ නැහැ:no: .මෙහි එක් ඉලක්කම් ‍කොටසකින් කින් ඔහු සිටි ප්‍රදේශයේ අක්ෂාංශ හා දේශාංශ දැක්වෙන බව පැවසෙනවා:yes:;).

    කොහොම නමුත් අද ලෝකයේ ඇති බලසශක්ති ගැටලුවට අභ්‍යාවකාශ තාක්ෂණයට මිනිසා වෙත විශ්වයේ දොර පියන් හැර දීමට හැකියාව තිබුණු අති විශිෂ්ටම රහසක් ඔහුත් සමගම පොළවට වැළලුනා. සමහර විට එදා මෙදා තුර විසශිෂ්ටම සොයා ගැනීම වන්නට ඇති:shocked:. ඒ වගේම ඒ එදා මෙදා තුර ‍විද්‍යා ‍ලෝකයේ කිරුළු පලන් අයින්ස්ටයින් බොර් හයිසන්බර්ග් වැනි විද්‍යාඥයින් සිටින කාලයේදීමයි:yes:. ඔවුන් අහස පොළව ගැටලමින් අවකාශ කාලය වක්‍ර කරමින් ගුරුත්වය හා විද්‍යුතය එක් කිරමට නිදිමරන කාලයේදීමයි. අනෙක් අතට සාමාන්‍ය මිනිසෙකු ලෙසින්.:no:

    කට්ටිය මොකද මේ ගැන හිතන්නේ මේක බොරුවක් කියලාද?, නමුත් අන්තර් ජාලය පිරික්සන්න, මේ සදහා සාක්ෂි දහස් ගණන් සොයා ගන්න පුළුවන් වේවි. සම්මුඛ සාකච්ඡා වීඩියෝ ඕනෑ තරම් දැක ගන්න පුළුවන් වේවි. තව විස්තරත් හොයා ගන්න පුළුවන් වේවි. මොකද කරන්න පුළුවන් මේ ගැන:oo:. සමීකරණ විසඳමින් අවකාශ කාලය මගින් මෙය තේරුම් ගන්න උත්සාහ ගන්නවාද නැතිනම් කාන්දම් කෑලි ටිකක් ‍හොයා ගෙන පරීක්ෂණ කරන්න පටන් ගන්නවාද?:confused: අදටත් ලොව පුරා දහස් ගණනක් මෙය සොයා ගන්න පර්යේෂණ කරනවා. සමහර සමාගම් එඩ්වර්ඩ් මෙම උපකරණ ආකෘති හදමින් පරීක්ෂණකරනවා. අනික හොදින් මතක තියා ගන්න කාන්දම් එකිනෙක ආකර්ෂණය වන්නේ ඇයිද කියන එකටවත් අද දක්වා නිවරදි පිළිතුරක් නැහැ. චුම්භක ක්ෂේත්‍ර…?:confused::no: එකම දිශාවට චලනය වන ඉලෙක්ට්‍රෝන…? නමුත් ඇයි ආකර්ෂණය වන්නේ…?????:confused::confused:

    ගත්තෙ මෙතනින්

    http://www.facebook.com/Kaju.Waththa.Eksath


    coralcastlelogo.jpg


    ccnight.jpg


    coralcastlelift.jpg


    ccgenerator.jpg



    ccmoonpond.jpg





    ccgate.jpg
     
  • Jul 12, 2012
    447
    74
    28
    maxzaa post ekak yaluwa..
    එය මා හට මහත් සතුටකි සහෝදරයා
    kalin discovery eketh oya gana wadasatahanak giyaa..
    patta..
    thanx for sharing with us....
    ඔබට බොහොම ස්තුතියි අදහසට. මා මෙය මේ දැන් අතහැර දැම්මා පමණි. මා සිතුවේ මෙය කාහටවත් වැදගත් නොවේ යයි කියාය.
     
  • Jul 12, 2012
    447
    74
    28
    patta buwekne bun...:cool:

    Ethakota E kella danne wath nedda me yaka eki hinda mehema keliyak keruwa kiyala ?? :eek:
    ඒ ස්ත්‍රිය සිතන්නේ කොහොමද? අද ජීවත් වන කට්ටියවත් මේක ඌ කලා කියල විස්වාස කරන්නෙ නැති එකේ
     
  • Jul 12, 2012
    447
    74
    28
    Mu Adahanna watina buwekne bun :cool:
    ow. eth uge danuma adata ithiri karala giya nam ada mulu lokema meeta vada thavath godak issarahata gihin. e kiyanne ekko lokaye diunuva.ehemath nathnam me danuma varadiyata pavichchi karala loke me venakotath vinasa karala athi. eka nisa venna athi mu meka katavath kiuve naththe. aththatama godak durata mu hari. mata oya vage danumak thibunath mamath katavath kiyanne naha. mokada meka anivaren narakata yoda ganne
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කවුද බෝයි;13040913 said:
    ow. eth uge danuma adata ithiri karala giya nam ada mulu lokema meeta vada thavath godak issarahata gihin. e kiyanne ekko lokaye diunuva.ehemath nathnam me danuma varadiyata pavichchi karala loke me venakotath vinasa karala athi. eka nisa venna athi mu meka katavath kiuve naththe. aththatama godak durata mu hari. mata oya vage danumak thibunath mamath katavath kiyanne naha. mokada meka anivaren narakata yoda ganne


    Aniwa..eka nam aththa machan. :yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතාම වැදගත් අපි නොදන්න දෙයක් අපිත් එක්ක බෙදාගත්තාට මගේ ස්තූතිය