►►පුතා තමා අපේ ජීවිතේ◄◄

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ►►පුතා තමා අපේ ජීවිතේ◄◄

    රාහුල් යනු ඉන්දියාවේ කුඩා ගමක ජීවත් වූ දරුවෙකි. පාසලේ ඉතා දීප්තිමත් සිසුවෙකු වූ ඔහු හැම වාරයකම පන්තියේ පලමු තැන දිනා ගත්තේ මවුපියන් ඔහු කෙරේ තැබූ බලාපොරොත්තු ඉහලින්ම ඉටු කරමිනි. ඔහුගේ දක්‍ෂතා තවදුරටත් ඔප් නැංවීමට ඔහු අධ්‍යාපනය ලබන කුඩා පාසල අපොහොසත් වේ යැයි ඔහුගේ මවුපියන් විශ්වාස කල නිසා ඔහුව නගරයේ පාසලකට යැවීමට ඔවුන් තීරණය කලහ.ඒ අනූව නේවාසිකව අධ්‍යාපනය ලැබීමට ඔවුන් රාහුල්ව නගරයේ විශාල පාසලකට ඇතුල් කලෝය.

    නව පාසලට ඇතුල් වී වැඩි කාලයක් යන්නට මත්තෙන් රාහුල් විශාල පරිවර්තනයකට බදුන් විය.මීට පෙර පාසලේදී ඉතා ඉහල දක්‍ෂකම් පෙන්වූවත් නව පාසලේදී ඔහුගේ දක්‍ෂතා සීඝ්‍රයෙන් පසු බැසීය.මීට පෙර පාසලේදී මිතුරන් පිරිවරා ගත් ක්‍රීඩාශීලී දරුවෙකු වූ නමුත් නව පාසලේ ඔහුට මිතුරන් නොවූ අතර නිතරම තනිව සිටීමට ප්‍රිය කලේය.තමාට ලෝකයේ කිසිවෙකුත් ආදරය නොකරන බවක් ඔහුට හැගුන අතර තමන් නොවටිනා පුද්ගලයෙකු බව ඔහු විශ්වාස කලේය.

    තම දරුවාගේ වත්මන් තත්වය පිලිබද දැනගත් දෙම්ව්පියන් විශාල ලෙස කණගාටු වූ නමුත් ඔහු මෙම තත්වයට පත් වීමට හේතුව තවමත් ඔවුන්ට රහසක් විය.එම නිසා රාහුල්ව මුන ගැසී ඔහු සමග සාකච්ඡා කිරීමට තීරණය කල ඔහුගේ පියා ඔහුගේ පාසලට පැමිනියේය.

    නේවාසිකාගාරය අසල වූ දොල පහරක් අසල ඔවුන් වාඩි වූ අතර මුලින්ම පියා පාසලේ ගුරුවරුන්, නේවාසිකාගරයේ ආහාර, පන්තියේ ළමුන් පිලිබදව සාමාන්‍ය ප්‍රශ්ණ ඇසූ අතර මද වේලාවකින් ඔහු මෙසේ ඇසීය,

    "පුතා දන්නවද අද මම පුතාව බලන්න ආවේ ඇයි කියලා?"

    "මගේ ලකුණු බලන්න වෙන්න ඇති" රාහුල් පිලිතුරු දුන්නේ නොරිස්සුමකිනි.

    " නෑ නෑ පුතා වැරදී" පියා පිලිතුරු දුන්නේය.

    "මම අද පුතාව බලන්න ආවේ අම්මගෙයි මගෙයි ජීවිතේ වැදගත්ම පුද්ගලයා පුතා බව කියලා යන්න."
    "අපට අවශ්‍ය පුතා සතුටින් ඉන්නවා බලන්න...අපට පුතාගේ ලකුණු වලින් වැඩක් නෑ,අපට වටින්නේ පුතාව...පුතා තමා අපේ ජීවිතේ..."

    පියාගේ වදන් ඇසූ රාහුල්ගේ දෙනෙත් කදුලින් පිරී ගිය අතර ඔහු පියාව වැලද ගත්තේය.
    "මගේ ජීවිතයත් ඔයාලා දෙන්නයි තාත්තේ" ඔහු පැවසුවේය.

    තමා පිලිබදව තමන්ටත් වඩා සැලකිලිමත් දෙදෙනෙකු මෙලොව සිටින බව තේරුම් ගත් රාහුල්ගේ දක්‍ෂතා මද කලෙකින් ඉස්මතු වූ අතර ඔහු අද පාසලේ දීප්තිමත්ම සිසුන් ගෙන් අයෙකි.

    අප බොහෝ විට එක් වචනයක,කුඩා සිනහවක අවංක ප්‍රශංසාවක ඇති බලය අවතක්සේරු කරමු, ඒ සැමටම ජීවිතයක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමේ බලයක් ඇත..

    A-Love-Letter-To-My-Dad.jpg



    ඔබේ අදහසත් පවසලා යන්න..

    :D:D