► අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ► අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

    පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

    සාමා අමර විකුණති බස් පොළේ කජු
    කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

    රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
    සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
    ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

    පැන මඩ කඩිති වැව් තාවලු ...


    ගායනය: සුනිල් එදිරිසිංහ
    සංගීතය: රෝහණ වීරසිංහ
    පද රචනය: මහින්ද චන්ද්‍රසේකර