► අම්මටයි දුවටයි දෙන්නටම ඇනලා
මවක් හා දියණියකට අනින විටදී බේරන්න ගිය මරණකරු කුලප්පුවූ මීහරකාගේ ප්රහාරයෙන් ගැලවීමට නිවසකට ගියත් දොරත් කඩාගෙන ගොස් ඇනලා!
කුලප්පු වූ මී හරකාගේ ප්රහාරයෙන් තරුණ මවක් හා දියණියක් බේරා ගැනීමට ගිය දැදුරු ඔය ජලාශයේ ධීවර සමිතියේ සභාපති, මී හරකාගේ අංපහරට ලක්වීමෙන් පෙරේදා (09 දා* මරණයට පත්ව තිබේ.
මෙලෙස කනගාටුදායක ලෙස මිය ගියේ වැල්ලව පොලිස් වසමේ කැකුලාවල තඹගල්ලේ ප්රියන්ත ප්රසාද් නැමැති (40* හැවිරිදි දෙදරු පියෙකි.
පාරේ ගමන් කරමින් සිටි මවක් හා දියණියකට කැකුලාවල ප්රදේශයේ ගොවියකුගේ මී ගවයකු විසින් දරුණු ලෙස අනින විටදී ඔවුන් බේරා ගැනීමට යෑමේ දී මෙම සිද්ධිය සිදුවී තිබේ.
මේ අවස්ථාවේ දී මී ගවයා මෙම පුද්ගලයාට අනිද්දී ඔහු අසලට නිවසකට දිව ගොස් තිබේ. ඔහු පසුපස පැමිණි මී ගවයා එහි දොරද බිඳ දමා මරණකරුට ඇන තිබේ.
ප්රහාරයට ලක් වූ කාන්තාවන්ගේ උදර ප්රදේශයට බරපතල තුවාල සිදුව ඇති බැවින්් ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ගව හිමියා වැල්ලව පොලිසියෙන් අත්ඩංගුවට ගෙන ඇත.
source

Last edited: