► Xmas කියන්නේ මොකද්ද?

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ► Xmas කියන්නේ මොකද්ද?

    From http://www.lowethna.com/?q=node/160

    මේක නත්තල් මාසෙනේ. ඉතින් දැන් හැම තැනම පේන්න තියෙන්නේ නත්තල් නත්තල් නත්තල්. නත්තල් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ Christmas කියලා උනාට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ Xmas කියලා වචනයක්. ඔය වචනේ පාවිච්චි කලාට පොඩ්ඩක්වත් කල්පනා කරල බැලුවද ඇයි නත්තලට Xmas කියලා පාවිච්චි කරන්නේ කියලා? හිතුවේ Xmas කියලා ලියන්න කියන්න පහසු නිසා එහෙම කියනවා කියලද? එහෙම හිතුවා නම් ඔබ වැරදී...


    අපි නත්තල හදුන්වන්න පාවිච්චි කරන Christmas සහ Xmas කියන වචන දෙකම Christ's Mass කියන වාක්‍ය ඛණ්ඩය කෙටි කරන්න භාවිතා කරන වචන.
    ඒ දෙකෙන් Christmas කියන්නේ Christ සහ Mass කියන වචන දෙක ලොප් කරලා සරළව හදා ගත්ත වචනයක්.
    එතකොට කොහොමද Xmas කියන වචනේ හැදුනේ?
    ඇත්තටම ඉංග්‍රීසි භාශාවේදි Xmas කියන වචනේදි අපි X අකුර භාවිතා කලාට මුලින්ම භාවිතා කරලා තියෙන්නේ ඉංග්‍රීසි X අකුර නෙවේ. ඒ වෙනුවට භාවිතා කරලා තියෙන්නේ ග්‍රීක භාශාවේ Chi(χ) කියන අකුර... මේ අකුරත් ඉංග්‍රීසි භාශාවේ X අකුර වගේමයි.
    Chi(χ) අකුර පාවිච්චි කරලා තියෙන්නේ Χριστός කියන ග්‍රීක වචනයේ මුල් අකුර සංකේතවත් කරන්න..ග්‍රීක භාශාවෙන් Χριστός කියන එකෙන් අදහස් කරන්නේ Christ කියලා.


    X අකුරෙන් සංකේතවත් වෙන්නේ Christ කියන වචනේ නිසා අපි කියන Xmas වචනේ එක්ස්මස්(ex-mass) කියලා ශබ්ද කරනවා නම් ඒක වැරදී,හරි විදියට නම් ශබ්ද කරන්න ඕනේ ක්‍රිස්(ට්)මස් කියලා.