►The Hospital Window◄ ►රෝහලේ ජනේලය◄

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    ►The Hospital Window◄ ►රෝහලේ ජනේලය◄

    d5gWd
    ඉතා දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් දෙදෙනෙක් රෝහලක එකම කාමරයක නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඔවුන්ගෙන් එක රෝගියෙකුට සෑම දිනකම සවස 5 සිට පැයක් ඔහුගේ ඇද මත ඉදගෙන සිටීමට සැලස්සුවේ ඔහුගේ පෙනහලු වල එකතු වන යම් දියර විශේෂයක් ඉන් පිට කිරීමේ අරමුනින්. ඔහුගේ ඇද තිබුනේ කාමරයේ තිබූ එකම ජනේලය අසලයි. අනෙක් රෝගියාට මුලු දවසම ඇද මත නිදා සිටීමට සිදු වුනා.

    රෝගීන් දෙදෙනා පැය ගණන් කතා කලා. බොහෝ විට ඔවුන් දෙදෙනා කතා කලේ තමන්ගේ පවුලේ විස්තර,තමන්ගේ රැකියාවන් වල විස්තර,තමන් කැමති ක්‍රීඩාවන් ගැන සහ රටේ දේශපාලනය ගැනයි.

    සෑම දිනකම ජනේලය අසල සිටින රෝගියා ඇද මත ඉදගත් විට ඒ පැයක කාලය ඔහු ගත කලේ ජනේලයෙන් ඔහු දකින පිටත ලෝකය අනෙක් රෝගියාට විස්තර කිරීමටයි.
    දරුණු ලෙස රෝගාතුර වී ජීවිතය ගැන කලකිරී අනෙක් ඇද මත සිටි රෝගියා සෑම දිනකම සවස උදා වන තමන් ගේ ලෝකය ප්‍රාණවත් කරන තම ජීවිතයට නව ප්‍රාණයක් ලබා දෙන මේ පැයක කාලය වෙනුවෙන් ජීවත් වීමට පටන් ගත්තා.

    ජනේලයෙන් පෙනුනේ ඉතා පියකරු උද්‍යානයකුයි. එය ඉතා මනරම් දිය ඇලි සහ විල් වලින් සමන්විත වුනා. ඉතා ලස්සන හංසයන් ඒ විල් වල වාසය කල අතර කුඩා ළමුන් ඒ මත කුඩා බෝට්ටු පදවමින් විනෝද වුනා. උද්‍යානය පාට පාට මල් වලින් පිරී තිබුනු අතර තරුණ පෙම්වතුන් අතිනත අල්ලාගෙන උද්‍යානය පුරා සක්මන් කලා.

    ජනේලය අසල ඇද මත සිටි මිනිසා සෑම සවසකම ඔහු දකින ජනේලයෙන් පිටත ඇති ඒ සොදුරු දසුන් විස්තර කරන විට අනෙක් ඇද මත සිටි මිනිසා තම දෙනෙත් වසා ගෙන ඒ සොදුරු දසුන් සිතින් මවා ගැනීමට උත්සාහ කලා.

    දින සති ගෙවී ගියා. දිනක් උදෑසන රෝගීන් ගේ උදෑසන ආහාර රැගෙන පැමිනි හෙදියක් දුටුවේ ජනේලය අසල ඇද මත සිටි රෝගියාගේ නිසල දේහයයි. ඔහු සාමකාමීව නින්දෙන්ම මිය ගොස් තිබුනා. තම මිතුරාගේ ආභාවය දැන ගත් අනෙක් ඇද මත සිටි මිතුරා බොහෝ දුක් වුනා.

    ටික වේලාවකින් ඔහුගේ දේහය ඉවතට ගෙන ගියා. අනෙක් ඇද මත සිටි පුද්ගලයා හෙදියගෙන් ඉල්ලීමක් කලා. එනම් තමන්ට ජනේලය අසල ඇදට යාමට අවශ්‍ය බවයි. හෙදිය ඒ පිලිබදව සතුට පල කල අතර ඔහුව ජනේලය අසල ඇදට මාරු කලා.

    ජනේලය අසල ඇද මතට පැමිනි රෝගියාට ජනේලයෙන් එහා ඇති තම මිතුරා විස්තර කල ඒ විසිතුරු ලෝකය බැලීමට සිත් වුනා. ඔහු ඉතා අපහසුවෙන් මදක් ඉස්සී ජනේලයෙන් එබී බැලූ අතර ඔහු දුටු දෙයින් අන් ද මන් ද වුනා.

    ජනේලයෙන් එපිට තිබුනේ විශාල හිස් බිත්තියක්.

    හෙදිය පැමිනි පසුව ඔහු හෙදියට සියලු දේ පවසා මියගිය මිතුරා ජනේලයෙන් එපිට ඉතා පියකරු ලෝකයක් විස්තර කිරීමට හේතුව කුමක් විය හැකි දැයි විමසා සිටියා.

    "ඔහු අන්ධයි..ඔහුට කිසිවක් පෙනෙන්නේ නෑ.." හෙදිය සෙමින් පැවසුවා..

    "සමහර විට ඔහුට ඔබව ධෛර්යමත් කිරීමට අවශ්‍ය වෙන්න ඇති"

    අප ජීවත් විය යුත්තේ අනුන් වෙනුවෙනි. තමන් කොපමන දුර්වල වූවත් තවත් කෙනෙක් වෙනුවෙන් අපට යමක් කල හැකි බව සිතට ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand