◄ සැබෑ ලෝකයේ සිදුවු සැබෑ සිද්ධියක් ►
කතාවේ අයිතිය ඇමරිකානු ගුවන් සේවයේ සේවයේ නියුතු නිලධාරිනී ඩෙන්වර් මහත්මියටයි...
ඒ දවසේ ඇය වැඩ කරමින් උන්නේ පැරණි ස්ටේප්ල්ට්න් ගුවන් තොටුපලේ ඉදිරි පෙළ කවුන්ටරයේ. හදිස්සියේ ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවු දෝෂයක් නිසා එය අවලංගු කරපු බැවින් එදා තනිවම රාජකාරි කරපු ඇයට සිදුවුනා කලබලයෙන් සිටි මේ මගීන්ගේ ටිකට් ඊළග ගුවන් යානය සඳහා සකස් කරලා දෙන්න.
ඇය පෝලිමේ සිටින අයගෙන් ටිකට් සකසා දෙන අතරේම පෝලිමත් සෙනඟත් තල්ලු කරගෙන තරහෙන් ඉදිරියට ආපු එක මහත්මයෙක් තමන්ගේ ටිකට්ටුව ඩෙන්වර් මහත්මියගේ මේසේ මතට හයියෙන් ගහලා...
''මට ඉක්මනටම ටිකට් එකක් ඕන... ආ... අනික ඒක පළමු පන්තියේ එකක් හොදද...'' යැයි ටිකක් හයියෙන් කිවුවා.
''මහත්මයා, මට සමාවෙන්න ! මේ පෝලිමේ ඉන්න අය ඉවර වුන ගමන්ම මට පුළුවන් ඔයාට උදවු කරන්න. එතෙක් කරුණාකරල අදාල ස්ථානයේ රැදිලා ඉන්න'' ඇය ශාන්තව කිව්වා...
''තමුන් දන්නවද මම කවුද කියලා?'' ඔහු තරහින් සෙනගට ඇහෙන්නම හයියෙන් කෑ ගැහුවා. කිසිම හැලහොල්මනක් නැතිව ඩෙන්වර් මහත්මිය ගුවන් තොටුපොල මගීන් අමතන මයික්‍රෆෝනය අරගෙන...
''කරුණාවෙන් සවන් දෙන්න, අපි ළග ඉන්නවා මගියෙක්. ඔහු දන්නේ නෑ ඔහු කවුද කියලා. මේ ඇසෙන මානයේ ඔහුව හදුනන කවුරුන් හෝ ඉන්නවා නම් කරුණාකර ඉදිරි පෙළ කවුන්ටරය ලගට ඇවිත් උදවු කරන්න...''
ඔහුට පිටුපසින් සිටි සෙනඟ කොක් හඩලා සිනා සෙන්නට වුණා...
''මහත්මයා කරුණාකරල පෝලිමේ ඔබට හිමි ස්ථානයට යන්න. ඔබට පෝලිමේ තාමත් ඉඩ තියෙනවා'' කිසිම ගානක් නැතිව ඇය ඔහුට කිව්වා...
දත්මිටි කාපු ඔහු f*** y** ලෙස අසභ්‍ය වචනයෙන් ඇයට බැන වැදුණා.
ඇය මුවඟට සිනහවක් නඟා ගනිමින් කිව්වේ මෙපමණයි.
''මට කණගාටුයි මහත්මයා, ඒ සඳහාත් ඔබට පෝලිමේ රැඳී සිටීමට සිදු වෙනවා.''
පෝලිමේ හිටපු සෙනඟ අත්පොලසන් නාදයක් දුන්නා. ඔවුන්ට ඒ මොහොතේ අමතක වුනා ඔවුන්ට සිදුවු ප්‍රමාදය ගැනත්.
අපි රාජකාරි කටයුතු කරද්දීත් මේ වගේ පුද්ගලයන් කොතෙකුත් හමුවෙනවා නේද? ඒ නිසා ඇයගේ ඉවසිලිවන්ත, ක්‍රමවත්, නිතීයට ඔබින අයුරින් අවස්ථාවට ගැලපෙන අයුරින් ඇයගේ රාජකාරිය ඉටු කළ ආකාරය අපි කාටත් අපේ රාජකාරී ජිවිතයට හොඳ පාඩමක්...
ඉස්සුවේ facebook එකෙන්