ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත්, එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් වාර්තා වේ.
මේ බව තහවුරු කර ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. ‘ස්පේස් එක්ස්’ යනු ඇමෙරිකා බිලියනපති ව්‍යාපාරික එලොස් මස්ක්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන සමාගමය. ‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන්නේ නාසා ආයතනය සමඟ ඇති කරගත් කොන්ත්‍රාත්තුවකට අනුවය. 2024 වසරේ නාසා ආයතනය යළි සඳට යනු ඇත්තේත් 2035 වසරෙන් පසු අඟහරු යනු ඇත්තේත් ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ හවුලේය.
සූර්ය කුණාටුවෙන් තම චන්ද්‍රිකා 40 ක් හෝ 49 ක් අක්‍රිය වී පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි ‘ස්පේස් එක්ස්’ සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ‘සූර්ය කුණාටු’ යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංගය. අක්‍රිය වුණු චන්ද්‍රිකා යළි පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනිගෙන ඇද වැටීමට ඉඩ ඇති බව ද පැවැසෙයි.
Sources: reuters.com & lankadeepa.lk
වැඩිදුර තොරතුරු:
SpaceX says a geomagnetic storm just doomed 40 Starlink internet satellites
Fiery death of SpaceX Starlink satellites captured on video after geomagnetic storm
Last edited:

