★★★★★ හිරු එළියෙන් චිත්‍ර අඳින සිත්තරා ★&#9733

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ★★★★★ හිරු එළියෙන් චිත්‍ර අඳින සිත්තරා ★&#9733

    සිතුවමක් ඇඳීමට අත්‍යවශ්‍යම අඩුවැඩිය ලෙස සැලකෙන්න් පින්සල සහ දියසායම්ය. නමුත් ඒ දෙකම භාවිතා නොකොට සිතුවම් නිර්මායේ යෙදෙන අරුම පුදුම සිත්තරෙකු මෙලොව සිටින බව ඔබට අසන්නට ලැබුණොත්....? සම්මාන රැසක් දිනූ පිලිපීන ජාතික සිත්තරෙකු වන ජෝර්ඩන් මැන්ග් - ඔසන් පින්සල වෙනුවට සිතුවම් නිර්මාණය සඳහා භාවිතා කරනුයේ අත් කාචයකි. සායම් වෙනුවට සිතුවම් නිර්මාණය සඳහා යොදා ගැනෙන්නේ අත්කාචය හරහා සියුම් ලෙස නාභිගත කෙරෙන සූර්ය තාපයෙන් පිළිස්සෙන කුඩා ලපය කැන්වසය වන්නේ ලී පතුරකි.

    jlhxgbvskzptgzi3otsg.jpg

    පිලිපීනයේ කෝඩිලරස් පළාතේ වෙහෙසන ඉගොරොට් ගෝත්‍රික තරුණයකු වන ජෝඩන් තම නිර්මාණ සඳහා අනුප්‍රාණය ලබාගන්නේ තම සංස්කෘතියේ ඉතිහාසයෙන් සහ තමන් වෙසෙන පළාතේ අවට පරිසරයෙනි.අත් කාචය හරහා ගමන් කරන හිරු එළිය නාභිගත කිරීම ඔස්සේ ලී පතුර පිළිස්සීමට ලක් කිරීමෙන් මතුවන ලපවලින් සිතුවමක් මැවීම පිළිබඳ ඇතැම්විට ඔබ සුළුවෙන් සිතා සිටිනු ඇත. නමුත් ජෝර්ඩන් වෙතින් මැවෙන්නේ ඔබ සිතා සිටින අන්දමේ දළ රූප නොවේ. සෑම සියුම් තැනක්ම සවිස්තරාත්මකව විස්තර කෙරෙන දෙනෙත් අදහාගත නොහැකි නිර්මාණයන්ය. කොටින්ම අතින් අඳිනවාටත් වඩා මෙම සිතුවම් නිර්මාණශීලී බවින් ඉහළය.
    චනුම් නමින් හැඳින්වෙන පදනමේ සභාපතිවරයා වන්නේද ‍පෝර්ඩන්ය. එහි අරමුණ වන්නේ ජෝර්ඩන් අයත් ඉගොරොට් ගෝත්‍රිකයන් වෙසෙන “බගුයියො සිටි” ගම්මානයේ වෙසෙන තරුණ සිත්තරුන්ගේ හැකියාවන් ඔප්නැංවීමය. මේ සඳහා පදනම මගින් තම් - ආවාන් නමින් කොලනියක්ද බිහිකොට තිබේ. මෙහි පැමිණෙන සංචාරකයින්ට තරුණ සිත්තරුන්ගේ නිර්මාණවල ආශ්වාදය ලබන අතරම ඒවා මිලදී ගැනීමටද අවස්ථාව සැලසේ.


    solar-drawings-using-a-magnifying-glass-by-jordan-mang-osan-7.jpg


    jts73rwvlrsxnbvpcdit.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-8.jpg


    dea473be7fbfe58a04eb833707521c36.jpg


    F26w2WblG34nftzay00EgnwaqUA.jpg

    පුවත් පතක පලවූ ලිපියකින් උපුටගන්නා ලද අතර ඡායා රූප අන්තර්ජාලය ඔස්සේ සපයාගන්නා ලදි