☆●☆● ඇවිදින ගස් කොලන් ?? ☆●☆●

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ☆●☆● ඇවිදින ගස් කොලන් ?? ☆●☆●


    Leaf Insects / Walking Leaves

    49.gif


    මේ තමයි leaf insects නැත්තම් walking leaves හැඳින්වෙන සත්ව විශේෂය.
    ​මොවුන් අයත්වෙන්නේ Phylliidae කියන සත්ව කුලකයට. මොවුන් දකින්න ලැබෙන්නේ දකුණු හා ගිනිකොණ දිග ආසියාවේ සිට ඔස්ට්‍රේලිය දක්වා වූ ප්‍රදේශ වල.


    මුන්ගේ විශේෂත්වය තමයි සාමාන්‍ය ගහක කොලයක් වගේ හැඩරුව තිබීම. මොනතරම් ඇහට අඳුන ගන්න අමාරුද කියනවනම් මේ ගැන ලස්සන කතාවක් තියෙනවා.

    මේ සතුන් ගැන මුලින්ම වාර්තා සටහනක් තියල තියෙන්නේ scholar Antonio කියන පුද්ගලයා. මොහු අපි කව්රුත් දන්නා පෘතුග්‍රීසි ජාතික Ferdinand Magellan එක්ක දේශ ගවේෂණ වලට සහබාගි වුන කෙනෙක්. මොවුන් ඉන්දීය ප්‍රදේශ වල ගවේෂණ චාරිකාවේ යෙදිද්දී Cimbonbon යන දුපතට ගොඩ බැහැල තියෙනවා. එහෙදි තමයි මුලින්ම දැකල තියෙන්නේ. එය මුලින්ම කියල තියෙන්නේ මෙහෙම...

    "මේ දුපතේ ගස් ජාතියක් තියෙනවා, ඒවායේ කොළ වැටුනම පණ ඇවිත් ඇවිදින්න පටන් ගන්නවා කියල... "

    මිනිහ එකක් පෙට්ටියක ගෙන ගිහින් දවස් 9 කට පස්සේ බලද්දී රවුම් වෙලා තියෙනවලු කොලේ. ඊට පස්සේ document කරලා "මම විස්වාස කරනවා ඒවාට ජීවත් වෙන්න වාතය ඕන කියල... "

    ලස්සනම් වැඩේ කියන්නේ සමහර එවුන් බිම වැටිලා ඇවිදිද්දී යන්න හරස් අතට ඉස්සරහටයි පස්සටයි. හරියට නිකන් ගහක කොලයක් වැටිලා හුළඟට ගහගෙන යනවා වගේ.
    සතුරන්ගෙන් ආරක්ෂා වීමට ස්භාවධර්මයේ අපුරු දායාදක් තමයි ඒ...



    40939183689340335128.jpg


    03568654719349490927.jpg


    71352906315214448442.jpg


    85813053743070285282.jpg


    68834026479291996583.jpg


    31383525453175984505.jpg


    71622769595112282251.jpg


    09683151655863340393.jpg








    src: wiki

    අනිත් අයටත් බලාගන්න comment එකක් දාලම යන්න.
    thumbs-up.gif