☢️ න්‍යෂ්ටික යුද්ධයකට මැදි වූ මවකගේ කතාව - Testament (1983) 👩‍👧‍👦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තමන්ගෙ සැමියා රැකියා කටයුතු වෙනුවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ගිහිල්ලා ඉන්න අතරවාරයෙදි අන්පේක්ෂිත විදිහට සිද්ධ වුණු න්‍යෂ්ටික යුද්ධයකට, 'Hamelin' කියන කුඩා නගරයේ ජීවත් වුණු මවක් සහ ඇයගෙ දරුවන් තුන්දෙනා මුහුණ දෙන විදිහ ගැන කියවෙන කතාවක් ඇතුළත් සුවිශේෂ චිත්‍රපටියක් විදිහට 1983 වසරෙදි තිරගත කරපු 'Testament' කියන චිත්‍රපටය හදුන්වන්න පුළුවන්.


    f47bc725165059a66bac4f1898d00488ba948932bb27f04c67cf93fffb3acbd5.jpg






    MV5BMjQxOTIwNTI3NV5BMl5BanBnXkFtZTcwMzEzOTgwMw@@._V1_.jpg



    "Carol Amen" කියන ග්‍රන්ථ රචිකාවියගේ "The Last Testament" කියන කෙටි කතාව ඇසුරු කරගෙන "John Sacret Young" විසින් රචනා කරපු තිර රචනයක් ඔස්සේ නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය "Lynne Littman" කියන චිත්‍රපට අධ්‍යක්ෂිකාව විසින් තමයි අධ්‍යක්ෂණය කරනු ලැබුවේ. Jane Alexander, William Devane, Ross Harris, Roxana Zal, Lukas Haas, Leon Ames, Kevin Costner, Mako වගේ ප්‍රවීණ සහ නවක නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටයේ කතාව ප්‍රධාන වශයෙන් "Jane Alexander" විසින් පණ පොවපු 'Carol' කියන මවගේ චරිතය වටා තමයි ගොඩ නැගෙන්නේ.


    Testament-Lede.jpg

    MV5BMTY1NjQ3NDUwOF5BMl5BanBnXkFtZTcwNDQyOTgwMw@@._V1_FMjpg_UX1000_.jpg
    MV5BMTUyMjU2MzQyM15BMl5BanBnXkFtZTcwMDIzOTgwMw@@._V1_.jpg


    testament.jpg


    න්‍යෂ්ටික යුද්ධයක් සම්බන්ධ චිත්‍රපටියක් වුණත් කිසිම න්‍යෂ්ටික පිපිරුමක දර්ශනයක් හරි, 'Gore' පැත්තට බරවුණු දර්ශන/ ජවනිකා වලින් තොරව න්‍යෂ්ටික යුද්ධයක තියෙන අඳුරු බව සහ න්‍යෂ්ටික යුද්ධයකට පස්සෙ එන දරුණු පසු විපාක ගැන ප්‍රේක්ෂකයා තුළ ලොකු කම්පනයක් දනවන්න සමත් වෙන විදිහට නිර්මාණය කරපු චිත්‍රපටියක් විදිහට 'Testament' චිත්‍රපටය හදුන්වන්න පුළුවන්. විශේෂෙන් 'Carol' කියන මවගේ චරිතයට පණ පොවපු "Jane Alexander" විසින් චිත්‍රපටය පුරාවට ඉදිරිපත් කරන විශිෂ්ට රංගනය චිත්‍රපටයේ ඇතුළත් වුණු කතාවේ තියෙන අඳුරු බව ප්‍රේක්ෂකයාට දනවන්න මහගු ලෙස දායක වෙලා තියෙනවා. මේ රංගනයේ තිබුණු විශිෂ්ට බව නිසාම 1984 වසරේ පැවැත්වුණු 56 වැනි ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් වසරේ හොදම නිළියට පිරිනැමෙන ඔස්කාර් සම්මානය සදහා නාමයෝජනා ලාබගන්නත් "Jane Alexander" කියන මේ ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ රංගන ශිල්පිනිය සමත් වුණා.


    testament_01.jpg


    Testament-Embed.jpg


    testament-imprint-films-bluray-review-highdef-digest-3.png


    න්‍යෂ්ටික යුද්ධයකින් ලෝක ව්‍යාප්ථව ඇති වෙන බලපෑම පෙන්නන චිත්‍රපටවලට වඩා වෙනස්ම මගක යමින් පවුල කියන කුඩා ඒකකයක් යොදාගෙන මේ වගේ ව්‍යසනයක ස්වභාවය නිරූපණය කරන්නයි මේ චිත්‍රපටයෙන් මූලිකවම උත්සාහ අරන් තියෙන්නේ. ඊට අමතරව කුඩා නගරයක ජීවත් වෙන මිනිස්සු කොට්ඨාසයක් මේ වගේ ව්‍යසනයකදි අන්‍යොන්‍ය වශයෙන් කටයුතු කරන විදිහ කොයි ආකාරයක් ගනී ද කියන කාරණයත් මේ 'Testament' චිත්‍රපටිය ඔස්සේ නිරූපණය කරනවා.

    තවත් එක විශේෂ දෙයක් සදහන් කරන්න ඕන. ඒ මේ චිත්‍රපටය නිර්මාණය කරන්න වැය වෙලා තියෙන්නෙ ඇමරිකානු ඩොලර් 750,000 වගේ පිරිවැයක් බව. හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයට අනුව ගත්තොත් මේක බොහෝම අඩු පිරිවැයක් විදිහට තමයි සලකන්නෙ. හොද චිත්‍රපටයක් කරන්න මහා ලොකු පිරිවැයක් හරි, සංකීර්ණ දෘ‍ෂ්‍ය ප්‍රයෝග හරි හැම වෙලේම අත්‍යාවශ්‍ය වෙන්නෙ නැති බවත්, හොද තිර පිටපතක්, හොද නළු නිළියො වගේම හොද අධ්‍යක්ෂවරයෙක් ඇතුළුව හොද නිර්මාණශීලීත්වයක් තියෙන කණ්ඩායමක් තිරය පිටුපස ඉන්නවා නම් අඩු පිරිවැයකින් වුණත් හුගක් හොද චිත්‍රපටයක් කරන්න පුළුවන් බවට උදාහරණයක් දෙන චිත්‍රපටයක් විදිහට "Testament (1983)" හදුන්වන්න පුළුවන්.


    බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. හුගක් හොද චිත්‍රපටියක්. :yes:



    න්‍යෂ්ටික යුද්ධයක් ගැන මේ හා සමාන කතාවක් තියෙන තවත් විශිෂ්ටම චිත්‍රපටයක් තමයි "Threads (1984)" කියන්නෙ. න්‍යෂ්ටික යුද්ධයකින් ලෝක ව්‍යාප්ථව වෙන බලපෑම "scientifically Accurate" ම විදිහට නිර්මාණය කරපු චිත්‍රපටය විදිහටයි මේ චිත්‍රපටය බොහෝ දෙනෙක් සලකන්නෙ. මේ මං ඒ චිත්‍රපටය ගැන දාපු ලිපිය.



    ✍️🎞️ සටහන: @Stimulus mind 🎥✍​

     

    Similar threads